කෝවිඩ්-19 වෛරස් ආසාදනයෙන් මිය යන රෝගීන්, සෞඛ්‍ය නීතී යටතේ භූමදානය කිරීමට ඉඩ නොදීම පිළිබඳව ලංකාවේ මුස්ලිම් භක්තිකයන්ගේ දැඩි විරෝධයට එල්ල වූ අතර මේ සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කිහිපයක් ද පසුගිය දින කිහිපයේදී දැක ගන්නට ලැබුණා. මේ හා සමඟ කොරෝනා රෝග ආසාදනයෙන් මියයන රෝගීන්ගේ අවසාන කටයුතු කිරීම පිළිබඳව දැඩි කථිකාවතක් නිර්මාණය වී තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා විසින් කෝවිඩ්-19 වෛරස් ආසාදනයෙන් මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ මෘත ශරීර, සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව භූමිදානය කිරීමට අවසර දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍යවරුන් සහ වසංගත රෝග විද්‍යාඥයන් කැඳවා උපදෙස් දුන් බවට සමාජ මාධ්‍යයෙහි පැතිරෙන ප්‍රවෘත්තිය සාවද්‍ය බවට අප සිදුකළ කරුණු විමර්ශනයෙදී තහවුරු විය.

සමාජ මාධ්‍ය සටහන් :

“කොරෝනා සෑදී මිය ගිය සියලු මුස්ලිම් අයවලුන්ගේ මෘත ශරීර මිහිදන් කිරීමට බැසිල් නියෝග කරයි” සිරස්තලයෙන් පහත ඇති පුවත Lanka Dawasa නමැති වෙබ් අඩවියක ඉදිරිපත්ව තිබුණි.

“පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු වූ බැසිල් රාජපක්ෂගේ තීන්දු තීරණ සමස්ත රටවැසියාගේ ජීවිතය සමඟ බැඳී පවතින දෙවල්ය. අද රාත්‍රී බැසිල් රාජපක්ෂ හදිසියේම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සහ විශේෂඥ වෛද්‍යවරුන් සහ වසංගත රෝග විද්‍යාඥයන් කීපදෙනෙකු කැඳවා වහාම දැනුම් දී ඇත්තේ මේ වන විට ගොඩ ගැසී ඇති සියලුම මුස්ලිම් මෘත ශරීර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මෘත ශරීරය භූමදානය කිරීමට අදාළ ඥාතී කැඳවා ඉඩ දෙන ලෙසයි. ඒ අනුව ජනවාරි මුල් සතියේ දී අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙය ප්‍රසිද්ධියට පත්කිරීමට එම සාකච්ඡාවේදී තීරණය ඇත.

ඉන් පසුව හැකි ඉක්මනින් පළාත් සභා ඡන්දෙ පැවැත්වීමට දින නියම කිරීමට ජනවාරි දෙවැනි සතියේදී තීරණය කොට ඇති බව අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ඇත.මේ වන විට ශ්‍රී ලංකාවේ සියලුම තීන්දු තීරණ ගනු ලබන්නේ බැසිල් රාජපක්ෂ බව මෙයින් ඔප්පු වී ඇත. කුමන ප්‍රදේශයක වුවද කොරෝනා රෝගය වැළඳී කිසියම් මුස්ලිම් ජාතිකයෙකු මිය යන්නේ නම් ඔහු භූමදානය කිරීමට ඒ අනුව ඉඩ ලැබෙන ඇත. එහෙත් අනෙකුත් සියලුම දෙනා ආදාහනය කටයුතු සිදු කිරීම කළ යුතු බව ද සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී ඇත.”

FacebookArchived LinkArticleArchived Link

මෙම පුවත සමාජ මාධ්‍ය පරිශීලකයින්ද හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්

Facebook | Archived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම ප්‍රවෘත්තිය අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය අංශය වෙත යොමු කළෙමු. මෙම ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තාක්ෂණික අංශයේ ප්‍රධානි මහතා අපට තහවුරු කළ අතර මෙම ප්‍රවෘත්තිය පිළිබඳව ඉදිරියේදී නීතීමය කටයුතු කරන බව ද පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශ ප්‍රධානී වි‍ශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ද පවසා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා විසින් කෝවිඩ්-19 ආසාදිතව මියගොස් දැනට මෘත ශරීරාගාර වල ඇති සිරුරු ඔවුන්ගේ ඥාතීන්ට භාරදී, සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව භූමිදානය කිරීමට අවසර දෙන ලෙස උපදෙස් ලබාදීමක් සිදුවුයේ නොමැති බවය. මේ පිළිබඳව රැස්වීමක් මෙතක් නොපැවත්වු බවත් ඔහු සනාථ කළේය.

මෙවැනි තීරණයක් ලබාගෙන ඇත්නම් එය සෞඛ්‍ය අමාත්‍යංශය හරහා දැනුම් දිය යුතු බැවින් අමාත්‍යංශයේ නිල ප්‍රකාශය පරීක්ෂා කළෙමු. සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන මෙම කෝවිඩ්-9 ආසදිතව මියයන රොගීන්ගේ අවසන් කටයුතු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් විරාජ් අබේසිංහ මහතාගේ අත්සනින් පහත පුවත්පත් නිවේදනය නිකුත් කර තිබුණි.

“කොවිඩ් - 19 වෛරසය ආසාදිත වී මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමිදානය හෝ ආදාහනය කිරිම සම්බන්ධව සමහර දේශපාලනඥයින් සහ වෙබ් අඩවි විසින් වැරදි ප්‍රචාර සිදු කරන බවට පෙනී ගොස් ඇත.

එහිදී දේශපාලන අරමුණින් ආණ්ඩුවට සම්බන්ධ ප්‍රභල දේශපාලන චරිත ඈදාගෙන සමහර වෙබි අඩවි නිර්මාණය කරන ව්‍යාජ පුවත් පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති සියළු විශේෂඥ වාර්තා අනුව කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී මියයන සියළු දෙනාගේ මෘත ශරීර ආදාහනය පමණක් සිදු කෙරෙන අතර, සෞඛ්‍ය ප්‍රතිපත්ති දේශපාලන අරමුණින් යුතුව විකෘති කරමින් ව්‍යාජ පුවත් සමාජ ගත කිරීමෙන් වැළකී සිටින ලෙස සියළු පාර්ශ්වයන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.”

එම නිල නිවේදනය පහතින්.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කොරෝනා ආසදිතව මිය ගිය සියලු මුස්ලිම් අයවලුන්ගේ මෘත ශරීර සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව භූමදානය කිරීමට කටයුුතු කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ වසංගත රෝග විශේෂඥයන් කැඳවා උපදෙස් මෙතෙක් ලබාදී නොමැති බවය. එබැවින් එම තේමාවන් යටතේ හුවමරු වන පුවත් සියල්ලම අසත්‍යය.

Avatar

Title:කොරෝනා ආසාදනයෙන් මිය යන සියලු මුස්ලිම් අයවලුන්ගේ මෘත ශරීර මිහිදන් කිරීමට බැසිල් රාජපක්ෂ නියෝග කළාද? Fact Check By: Nelson Mani

Result: False