මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිලිබඳ සාවද්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශ!

ශ්‍රී ලංකාව තුල පැතිරුණු කොරෝනා වෛරස් ආසාදනය පාලනය කිරීමට සෞඛ්‍යය ක්ෂේත්‍රයේ නිලධාරීන් විසින් මහත් මෙහෙයක් ඉටු කරන ලදී. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද එහි විශාල කාර්ය භාරයක් ඉටු කරන ලදී. සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඇති වූ මතභේදයක් මත කොරෝනා වෛරස් ආසාදනය මර්දන ක්‍රියාවලියෙන් ඉවත් වූ ඔවුහු පසුව වෘත්තීය සමිති ක්‍රියාදාමයක නිරත වුහ. අවසානයේ මීට දින […]

Continue Reading

කොරෝනා ව්‍යාප්තිය සහ Body Bag භාවිතය සම්බන්ධයෙන් නොමඟ යවන සුළු පුවතක්!

ශ්‍රී ලංකාවේ කොරොනා වෛරස් ව්‍යාප්තිය මර්දන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවද ඉමහත් දායකත්වයක් ලබා දුනි. මෙලෙස කොරොනා වෛරස් මර්දන ව්‍යාපාර මෙහෙයුම් වලට සහභාගි වු වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයන් පිරිසක් නිවාඩුවට සිය ගම්බිම් බලා පිටත් ව ගොස් සිටීයදි කොරොනා වෛරස් ආසාදනය වීම නිසා දිවයිනේ මෙතෙක් රෝගය නොපැවති ප්‍රදේශ රාශියකට රෝගය ව්‍යාප්තවීමක් වාර්තා විය. නාවිකයන් […]

Continue Reading

නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුල්වීමේ ගාස්තුව 7500 ?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන්, අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත මඩකලපුව පූනානී සහ කන්දකාඩු වැඩිදියුණු කරන ලද තාවකාලික නිරෝධානය මධ්‍යස්ථාන දෙකෙහී අවම වශයෙන් සති දෙකක කාළයක් පුරා ‘කොවිඩ් -19’ කොරෝනා වෛරසයට මුහුණ දී ඇති විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් නිරෝධායනය කිරීම සඳහා කටයුතු යොදා ඇති බව වාර්තා විය.  මේ සමඟම අද […]

Continue Reading

ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිකාරයක් සොයා ගනී?

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කර ඇති කොරෝනා වෛරස් ආසාදනයට නිශ්චිත ප්‍රතිකාරයක් සෙවීම පිණිස ලොව පුරා ඇති ඖෂධ පර්යේෂණ මධ්‍යස්ථාන මෙන්ම වෛද්‍ය පර්යේෂණ ආයතනද දැඩි පරිශ්‍රමයක් දරයි. 2019 දෙසැම්බර් මස මුලින්ම වාර්තාවූ මෙම රෝගයට ප්‍රතිකාර සඳහා නිශ්චිත ඖෂධයක් සොයා ගැනීමට මේ වනතෙක් අපොහොසත් ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි. චීනයේ […]

Continue Reading

Fact Check : පැනඩෝල් පෙති 12 කාඩ් පතේ පතේ මිල ඉහළ ගියේද ?

පසුගිය දින කිහිපය තුල එළවලු වර්ග කිහිපයක මිල ගණන් ඉහල ගොස් තිබු අතර , ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල කරුණු / සටහන්  හුවමාරු විය. එවන් පසුබිමක් තුල ඖෂධයක් වූ පැරසිටමෝල් විශේෂයක් වන පැනඩෝල් මිල ඉහල ගොස්, පෙති 12 කාඩ් එක රු . 30 දක්වා මිල ඉහල ගොස් ඇති බවට සටහන් හුවමාරු වෙමින් පැවති බව අපට […]

Continue Reading

වෛද්‍ය පාදෙනිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට?

රිජ්වේ ආර්යා ළමා රෝහලේ, ළමා ස්නායු විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති ධුරය හොබ වන අනුරුද්ධ පාදෙණිය මහතා ජනාධිපතිවරණ මැතිවරණ සමයේ බොහෝ වශයෙන් කතාබහට ලක්වූ චරිතයකි. ඒ මහතා, පසුගිය කාල වකවානුව තුල නායකත්වය දුන් වෘත්තිමය ක්‍රියා මාර්ගයන් නිසා ඔහු ජනතාවගේ ප්‍රසාදයට මෙන්ම අප්‍රසාදයට ද පත්ව සිටින්නෙකි.  2019 ජනාධිපතිවරණය ජය ගත් ගෝඨාභය […]

Continue Reading