කොරෝනා වයිරස් තත්වයේ බලපෑම හේතුවෙන් නවතා දමා තිබුණු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලීන් මේ වන විට නැවත ආරම්භ කර ඇති අතර ලංකාවේ ද LPL නමින් 20යි 20 ක්‍රිකට් තරඟාවලියක්ද පසුගියදා පවත්වන ලදී. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ තරඟ සංචාරයක් සඳහා එක් වුණු අතර එහිදී පැවති ටෙස්ට් තරඟ දෙකෙන්ම පරාජයට පත්විය. මෙහි දෙවෙනි තරඟයේදී කුසල් මෙන්ඩිස් ඉනිම දෙකේදීම ලකුණු නොලබාම දැවී ගිය අතර පළමු තරඟයේදී දෙවෙනි ඉනිමේ දී ද ලකුණු නොලබාම පිටියෙන් ඉවත් විය.

මේ ආකාරයට කුසල් මෙන්ඩිස් වැඩි වේලාවක් පිටියේ ‍රැඳී නොසිට දැවී යාම බොහෝ ප්‍රේක්ශකයන් උපහාසායට ලක් කර ඇති ආකාරය අපට සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ දැකගන්නට ලැබුණා. උපහාසාත්මක කෝණයකින් සිදුකරන ලද සංස්කරණයක් මෙසේ හුවමාරු වී තිබු බව අපගේ අනාවරණයේ දී දැකගනන්ට ලැබුණා.

සමාජ මාධ්‍ය සටහන්:

“Address නෑ” නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් “කුසල් මෙන්ඩිස් මේවා බලලා හැදියන් පුතේ” යනුවෙන් කුසල් මෙන්ඩිස් සම්බන්ධව පල කරන ලද ඡායාරූප සටහනක දක්වා තිබුනේ, විදේශීය ප්‍රේක්ෂකයෙකු විසින් ප්‍රදර්ශනය කරමින් සිටි පුවරුවක “Cricket bats for sale. Barely Used. Call Kusal Mendis... @Sri Lanka Cricket” යනුවෙන් සටහන් වී තිබු බවයි.

FacebookArchived

මදක් භාවිතා කරන ලද ක්‍රිකට් පිති විකිණීමට තිබෙන බවත් ඒ සඳහා කුසල් මෙන්ඩිස් සම්බන්ධ කරගන්නා ලෙසත් අදහස් කරමින් සකසා තිබු බවක් පෙන්වූ පුවරුව සහිත ඡායාරූප සටහන 3000කට ආසන්න පිරිසක් හුවමාරු කරගෙන තිබුනා.

මෙම පුවත තවත් අය විසින් ෆෙස්බුක් වෙත එකතු කර තිබුනු අතර පහතින් දැක්වෙන්නේ එවන් සටහනක්.

FacebookArchived

වට්සැප් ඔස්සේ ද විශාල වශයෙන් හුවමාරු වූ මෙම සටහන් ප්‍රතිචාර දක්වමින් කිහිප දෙනෙකුම එය සංස්කරණයක් බව පවසා තිබු අතර, සැබැවින්ම විදේශිකයෙකු ප්‍රදර්ශනය කරමින් සිටියේ කුමන පුවරුවක් ද යන්න සොයාබැලීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ ඡායාරූපය දෙස විමසිල්ලෙන් බැලීමේදී Kusal Mendis ලෙස සටහන් කර ඇති අකුරු වල ස්වරූපය මුල් අකුරු වල හැඩයට වඩා වෙනස් බව අපට පෙනී ගියා.

ඒ අනුව මෙය කිසියම් ඡායාරූපයක් ආශ්‍රයෙන් සංස්කරණය කර ඇති එකක් බවට සැකසහිත බැවින් මෙම සටහනට අදාල මුල් ඡායාරූපය කුමක් දැයි Reverse Image සෙවුමක් ඔස්සේ අප සොයා බැලුවා. එහිදී අපට එහි මුල් සේයාරුව සහිත දීර්ඝ වාර්තාවක් www.crictracker.com නම් වෙබ් අඩවියේ දැකගන්නට ලැබුනා.

crictracker.comArchived

එම වාර්තාවට අනුව පකිස්ථානය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟයදී නවසීලන්ත ජාතික ප්‍රේක්ෂකයෙකු විසින් ඕස්ට්‍රේලියානු ජෝ බර්න්ස් සහ ස්ටීව් ස්මිත් පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය අලාලා මේ ආකාරයට උපහාසාත්මක පුවරුවක් ප්‍රදර්ශනය කරන බව එහි දක්වා තිබුනා.

ඉන්දියාව සමග පැවති මීට පෙර තරඟ දෙකේදීම ස්මිත් සහ බර්න්ස් ක්‍රීඩකයන් දෙපලටම වැඩි ලකුණු සංඛාවක් ලබා ගැනීමට නොහැකි වූ අතර බර්න්ස් ඉතිරි ටෙස්ට් තරඟ දෙකෙන් ඉවත් කර ඇති බවට ද වාර්තා වෙනවා.

මෙම ඡායාරූපය බොහෝ දෙනෙකු විසින් සමාජ මාධ්‍ය වල පළ කර තිබුනු අතර ඒ ආකාරයෙන් පළවූ ට්විටර් සටහනක් මෙතනින් සහ මෙතනින්.

ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුපය සහ ඇත්ත වශයෙන්ම පළවූ ඡායරුපයේ සංසන්දනයක් පහතින්.

D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-07 Kusal Mendis-Kusal Mendis Edit.png

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව "Cricket Bats For Sale. Barely Used. Call Kusal Mendis" යනුවෙන් වදන් කරමින් විදෙස් පුද්ගලයෙකු විසින් ඔසවා ගෙන සිටින ඡායාරූපයේ ඇති සේයාරුව උපහාසාත්මක කෝණයකින් සිදුකරන ලද සංකරණයක් බව පැහැදිලිය.

එහි මුල් ඡායරුපයේ කුසල් මෙන්ඩිස් ගේ නම වෙනුවට Joe Burns සහ Steve Smith අයගේ නම් සඳහන්ව තිබේ. ඕස්ට්‍රේලියානු පිතිකරුවන් යුවලගේ දුර්වල ක්‍රීඩා විලාසය හමුවේ නවසීලන්ත ප්‍රේක්ෂකයෙකු එම මුල් උපහාසාත්මක පුවරුව ප්‍රදර්ශනය කර තිබුණා

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:FACT CHECK: කුසල් මෙන්ඩිස්ගේ ලකුණු ලබාගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් විදෙස් ප්‍රේක්ෂකයෙකු පුවරුවක් ප්‍රදර්ශනය කලාද?

Fact Check By: Sahan Perera

Result: Altered