ලොව බොහෝ රටවල මෙන්ම ලංකාවෙත් කලා ලොව රසවත් තොරතුරු දැනගැනීමට රසිකයන් ඇලුම් කරන බව රහසක් නොවේ. එමනිසා කලින් කලට කලා කරුවන් පිලිබඳව ඇතැම් කටකතා හුවමාරු වන අතර ඇතැම් අවස්ථාවල මේවා පාඨකයින්ගේ ආකර්ෂණය ලබාගැනීමට සඳහා සිදුකර ඇති හුදු නිර්මාණ පමණක් බව අප විසින් සිදුකල කරුණු විමර්ෂණ කිහිපයකදී ම අනාවරණය විය. එබඳු ලාංකීය කලා ශිල්පීන් කිහිපදෙනෙකු පිළිබඳ සිදුකල කරුණු විමර්ෂණ මෙතනින් සහ මෙතනින්.

මේ ආකාරයෙන්ම 2019 වසරේ දී ද හුවමාරු වී තිබු පසුගිය දා නැවත වරක් හුවමාරු වෙමින් පැවති, හේමාල් රණසිංහ රංගන ශිල්පියා , නතාෂා නම් යුවතියක් සමඟ විවාහ දිවියට පා තැබූ බව හැඟවෙන අයුරින් පළවූ සටහන් සඳහා යොදාගෙන තිබුනේ 2019 වසරේ සිදුකර තිබු ෆොටෝෂුට් එකක ඡායරූප පෙළක්.

සමාජ මාධ්‍ය සටහන්

"හේමාල් සහ නටාශා යුගදිවියට මෙන්න එම අවස්තාවේ සොඳුරු දසුන් කිහිපයක්" ලෙස සටහන් තබමින් Yukthiyanews නම් ෆේස්බුක් පි‍ටුවක් ඔවුන්ගේ වෙබ් අඩවියේ පළකර තිබු පුවතක් හුවමාරු කරගෙන තිබුණා.

D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-Hemal-8e55cfc2-ac68-4e47-b5bd-e3c139eb3407.png

Facebook | Archived | Archived Article

ඔවුන් එම පුවත උපුටා ගෙන තිබුනේ efaster.live නම් වෙබ් අඩවියකින්. ඊට පෙර එය Colomboxnews නම් වෙබ් අඩවියක ද පලවී තිබුණා.

කෙසේනමුත් එම ලිපිවල අන්තර්ගතයේ එය සත්‍ය සිදුවීමක් නොවන බවත් එය ෆොටෝෂුට් එකක් බවත් සඳහන් කර තිබුණද, සිරස්තලයේ එවැන්නක් සඳහන් වී නොතිබීම හේතුවෙන් බොහෝ දෙනා ඒ පිලිබඳ විමසිලිමත් වී තිබු අයුරක් අපට දැක ගන්නට ලැබුණා

2019 වසරේ මුල් වරට මෙම සටහන් හුවමරු වී තිබු අතර එම අවධියේ දී හුවමාරු වූ සටහන් කිහිපයක් පහතින්.

Archived

“හේමාල් යුගදිවියට ∣ Hemal ranasinghe wedding Photos” යන තේමාවෙන් හුවමාරු වූ යුටියුබ් වීඩියෝවක් මෙතනින්

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම කරුණ පිලිබඳව තොරතුරු තහවුරු කර ගැනීමට අප ප්‍රථමයෙන්ම හේමාල් රණසිංහ රංගන ශිලිපියාව සම්බන්ධ කර ගත්තා. එහිදී මෙම පුවත වැරදි එකක් බව ප්‍රකාශ කරමින් පවසා සිටියේ නිමි ඇඳුම් සන්නාමයක් වෙනුවෙන් සිදුකළ ප්‍රචාරණ කටයුත්තක් හා ආශ්‍රිත ඡායරූප පෙළක් මෙසේ ඔහු විවාහ වී ඇති බව හඟවමින් හුවමාරු වන බවයි.

මෙම කරුන පිලිබඳව හේමාල් රණසිංහ විසින් ඔහුගේ ෆේස්බුක් පි‍ටුව හරහාද නිවැරදි කිරීමක් සිදු කර ඇති අතර "රටෙහි ව්‍යාකූල තත්වයන් ඔඩු දුවන සෑම අවස්තාවකදීම මහජන තීරණ නොයෙකුත් දිශානතීන්ට යොමුකරවීම සදහා සාවද්‍යය තොරතුරු සමාජගත කරවීමට සමාජ මාධ්‍ය හැසිරවීම සාර්ථක ක්‍රමවේදයක් බවට පත්වනතාක් කල් ශ්‍රී ලංකාව දියුණුවෙමින් පවතින රටක් බව පාසල් පෙළ පොතින් ඉවත් නොවේ. " ලෙස සඳහන් කරමින් මෙම පුවත වැරදි එකක් බව ඔහු සටහන් තබා තිබුනා.

Facebook | Archived


මේ ආකාරයට හේමාල් රණසිංහ යුග දිවියට පැමිණ ඇති බව පවසන පුවත වැරදි එකක් බව කියමින් උපේක්ශා රත්නායක නම් අයෙකු විසින් සඳහන් කර තිබුනේ මේ ආකාරයටම 2019 වසරේ ද මෙම ඡායරූප පෙළම යොදාගනිමින් ව්‍යාජ සටහන් නිර්මාණය වූ බවත් එය සැබවින්ම Olive Couture නම්, ඉහළ පන්තියේ ඇඳුම් සහ විලාසිතා නිර්මාණය කරන ආයතනයක් විසින් සිදුකළ ෆොටෝශුට් (Photoshoot) එකක් බවත්ය.

Facebook | Archived

හේමාල් සහ නටාශාගේ ඡායරූප එකතුව Brides of Sri Lanka සඟරාවේ පළවූ ආකාරය Olive Couture ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළවී තිබුනේ මෙලෙසින්.

එම අවස්ථාව සම්බන්ධයෙන් පළවූ තවත් සටහනක් පහතින්.

https://www.instagram.com/p/B-tYwJ-hVsc/

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු අනුව හේමාල් රණසිංහ රංගන ශිල්පියා විවාහ වී ඇති  බව පවසමින් හුවමාරු වන පුවත වැරදි එකක් බවට අපට තහවුරු කල හැකියි.එසේ පළවන ඡායාරුප Olive Couture නම්, ඉහළ පන්තියේ විවාහ ඇඳුම් සහ විලාසිතා නිර්මාණය කරන ආයතනයක් විසින් 2019 වසරේදී සිදුකළ ෆොටෝශුට් (Photoshoot) එකක් බවත් තහවුරු වුණා.

Avatar

Title:හේමාල් රණසිංහ යුගදිවියට පත්වූ බව කියමින් හුවමාරු වන ෆොටෝ ෂූට් එකක ඡායරූප පෙළක්!

Fact Check By: Nelson Mani

Result: Misleading