ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගනිමින් බිහි වූ ජාතික ජන බලවේගයේ වත්මන් නායකත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාය. එම පක්ෂයේ ප්‍රධානීන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයේ මෑතකදී ඉදිරිපත්වූ සටහන් බොහොමයක්ම සාවද්‍ය බව අපගේ කරුණු විමර්ශනවලදී තහවුරු විය. එම වාර්තා මෙතනින් සහ මෙතනින්.

ගුවන්තොටුපොළක දී ලබාගත් ඡායාරුපයක අනුර කුමාර දිසානායක මහතා සමඟ සිටින්නේ ඔහුගේ දියණිය බවට හුවමාරු වූ සටහන් විමර්ෂණය කිරීමේදී අපට තහවුරු වුයේ සැබවින්ම එම ඡායාරුපයේ සිටින්නේ 2019 වසරේ දී ජ.වි.පෙ නායකයා කැනඩාවට පැමිණි අවස්ථාවේ, ඔහුව පිලිගත් ලාංකික පාසැල් දැරියක් බවයි. ඇය කැනඩාවේ වාසය කරන අර්ජුණ ගමගේ නම් මහතාගේ දියණියයි.

සමාජ මාධ්‍ය සටහන් :

“ඔබේ දරුවන් මහ මගට ඇදල දැම්මට එයාලගේ දරුවන් ට එහෙම නෑ. එයාල සැපට ඉන්නේ පිට රටවල” යන තේමාවෙන් මල් කළඹක් අතින් ගත් අනුර කුමාර දිසානායක මහතා සමඟ ගුවන්තොටුපොළක පසුබිමක කුඩා දැරියක් පෙනී සිටින ඡායාරුපයක් “ඔබ තවදුරටත් රැවටෙනවාද?” යනුවෙන් ප්‍රශ්න කරමින් Chaminda Kumarage නමැති ෆෙස්බුක් ගිණුමක සටහනක් ඉදිරිපත් කර තිබෙණු දක්නට ලැබුණි.

Facebook | Archived Link

වෙනත් ෆේස්බුක් පිටු කිහිපයකද මෙම සටහන ඉදිරිපත් වී තිබුණු අතර, මෙම සටහන පිළිබඳව කරුණු විමර්ශනයක් කරන මෙන් අප වෙත ඉල්ලීම් කිහිපයක් ලැබී තිබුණි.

D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-40 Anura Daughter-2f133748-efa4-4a90-b7ee-5693f77a6e44.png

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අනුර කුමාර දිසානායක මහතා දැරියක් සමග පෙනී සිටින එම ඡායාරූපය reverse image සෙවීමකට යොමු කළෙමු. 2019 වසරේ අප්‍රේල් මස අනුර කුමාර දිසානායක මහතා කැනඩාවේ සංචාරයක නිරතවු අවස්ථාවේ ටොරෙන්ටෝ නගරයේ පියර්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ඔහුට උණුසුම් පිළිගැනීමක් තිබු බව lankareporter.com නමැති වෙබ් අඩවියක් සේයාරූ සහිතව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනු මෙසේ දැක ගැනීමට හැකි විය.

lankareporter.com | Archived

lankareporter.com වෙබ් අඩවියේ ඡායාරූපය සහ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපයේ දැක්වෙන්නේ එකම දැරියක් බව සංසන්දනය කිරිමේදි තහවුරු විය.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් පිළිබඳව තවදුරටත් කරුණු විමර්ශනය කිරීමේදී කැනඩාවේ වාසය කරන Arjuna Gamage නමැත්තෙකු පහත ඇති දීර්ඝ කථාංගය සහිත සටහන නිරීක්ෂණය විය. එහි කොටසක් පහතින්.

මම කැනඩාවේ සතුටින් යහපත් පරිසරයක ජීවත්වන පුද්ගලයෙක්මි... නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය තුල අත්පත් කරගත් සතුට,සැනසුම, ජීවිතයේ මිහිරාවන් කැනඩාව තුල ලාංකිකයෙක් ලෙස අත්විදෙන්නෙමි... ලංකාවට පිටින් සිට බලන අපට ලෝකය ඇති ඉම් සහ අපගේ රට ඇති වර්තමානය හොදින් පෙනේ... බොරුවෙන් ජනතාව රවටමින් පාලකයන් දිගින් දිගටම රට ශෝචනීයත්වයට ගෙන යමින් ඇත... එහෙත් අප කැනඩාවේ කුමන තත්වයක ජීවත් වුවද අපගේ ආදරණිය රටද එහි ජනතාවද වඩා යහපත් හෙටක් සදහා පියනැගීම එක් සිතින් ප්‍රර්ථනා කරන්නෙමු... ජාතික ජන බලවේගයටත් ජනතා විමුක්ති පෙරමුණටත් සමීපව හැකි අයුරින් සහයෝගය ලබා දෙන්නේ එහෙයිනි...

මාගේ දියණිය තාමත් පාසල් ශිෂ්‍යාවකි... අනුර කුමාර දිසානායක මහත්මා කැනඩාවට පැමිණි විටක ඔහු පිළිගැනීමට මල් කළඹක් දී මාගේ දියණියද ගුවන්තොටුපලේ දී සම්බන්ද විය.. පහත දැක්වෙන්නේ එම ජායාරූපය යොදා ගනිමින් රාජපක්ෂ දේශපාලනය විසින් කල පහත් භාවිතාවකි..විනයගරුක යහපත් සමාජයක් පතන්නම් කිසිම විටක මෙවැනි පහත් භාවිතාවන් අනුමත නොකරයි.. මාගේ දරුවා අනුර මහත්මාගේ දරුවා ලෙස යොදා ගනිමින් කරන මෙවැනි තුජ්ජ මඩ අවලාද ශිෂ්ටසම්පන්න දේශපාලනයකට හෝ ශිෂ්ටසම්පන්න සමාජයකට කැළලකි.. මම එය පිළිකුලෙන් හෙලාදකිමි....

මෙවැනි කාරණාවලින් පෙනීයන කරුණ වන්නේ රාජපක්ෂ දේශපාලනයේ කැත භාවිතාවන් විසින් රටත් ජනතාවත් මොන තරම් නොමග යවන්නේද යන්නයි... අනෙක් කරුණ ඒ දේශපාලනය විසින් දේශපාලන සංස්කෘතිය මොන තරම් පහත් මට්ටමකට ඇද දමා ඇත්ද යන්නයි.. මෙවැනි පහත් දේශපාලන භාවිතාවන්ගෙන් රටත් ජනතාවත් මුදාගන්නා ලෙස අවසන් වශයෙන් ලාංකික ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.

එම සටහන පහතින්

Facebook | Archived Link

ජනතා විමුක්ති පෙරමුණට සමීපව කටයුතු කරමින් ඔවුන්ට පසුගිය කාලය පුරාවටම සහයෝගය ලබා දී තිබු අර්ජුන ගමගේ මහතාගේ සමාජ මාධ්‍ය ගිණුම් වල පළවී ඇති ඡායාරුප පරීක්ෂා කිරීමේ දී ද සමාජ මාධ්‍ය වල හුවමාරු වන ඡායරුපයේ සිටින දැරිය සහ ඔහුගේ අනෙකුත් දියණිය ද සමඟ කුඩාකල සිටම ලබාගෙන තිබු ඡායරූප රැසක් ද දැකගැනීමට හැකිවිය. 2019 වසරේ මාර්තු මස එසේ උපන්දින සාදයකදී ලබාගෙන තිබු ඡායරුපයක් මෙතනින්

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් සටහන ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය වෙත යෙමුකර කරුණු විමසුවෙමු. අනුර කුමාර දිසානායක මහතාට දියණියක් නොමැති බවත්, ජායාරූපයේ දක්වෙන්නේ අනුර කුමාර දිසානායක මහතා 2019 වසරේ කැනඩාවේ චාරිකවක නිරතවු අවස්ථාවේ ටොරොන්ටෝ නගරයේ ලෙස්ටර් පියර්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මල් කළඹක්දී ඔහුව පිලිගත් ලාංකික දැරිය බව පැවසීය. ජනතා විමුක්ති පෙරමුණේ වෙබ් අඩවියේ එම චාරිකාව පිළිබඳ වාර්තාවක් ඇති බවත් සඳහන් කළ මාධ්‍ය අංශයේ සම්බන්ධීකරණ නිලධාරියා ‍එම සටහන් සම්පුර්ණයෙන් සාවද්‍ය බව අවධාරනය කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ වෙබ් අඩවියේ ද Comrade Anura Dissanayaka warmly welcomed at Toronto Airport (ටොරන්ටෝ ගුවන් තොටුපලේදී අනුර සහෝදරයාට උණුසුම් පිළිගැනීමක්) යන සිරස්තලයෙන් ඡායාරූප රැසක් සහිත වාර්තාවක් 2019 අප්‍රෙල් මස ඉදිරිපත් කර තිබුණේ මෙලෙසින්.

JVP Sri Lanka | Archived

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ 2019 අප්‍රේල් මස ජ.වි.පෙ. නායකතුමා කැනඩාවේ සංචාරයක නිරත වූ අවස්ථාවක ටොරන්ටෝ ගුවන් තොටුපළේදී කැනඩාවේ වෙසෙන ලාංකික දැරියක් මල් කළඹක් පිළිගන්වමින් ඔහුව පිළිගත් අවස්ථාවක් බවයි. අනුර කුමාර දිසානායක මහතාගේ දියණියක් නැති අතර ඡායරුපයේ සිටින්නේ කැනඩාවේ වාසය කරන ලාංකිකයෙකුගේ දියණියක්.

Avatar

Title:මෙම ඡායරුපයේ සිටින්නේ අනුර කුමාර දිසානායක මහතාගේ දියණිය ද?

Fact Check By: Sahan Perera

Result: False