ලංකාවේ දියත් වෙමින් පවතින කොවිඩ්19 එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව විවිධාකාරයේ මත සහ අදහස් අපට දැක ගන්නට ලැබෙනවා. එහිදී එන්නත්කරණය සඳහා ප්‍රමුඛතා ලැයිස්තුව සකස්කෙරෙන ආකාරය පිළිබඳවත් බොහෝ ප්‍රශ්න කිරීම් සිදුවූ අවස්ථා දක්නට ලැබුණා. මේ අතර එනන්ත්කරණ වැඩපිළිවෙළ පිලිබඳ අසත්‍ය සහ නොමඟ යවන සුළු ආකාරයෙන් පළවූ සටහන්ද දක්නට ලැබෙන අතර අප මැතකදී සිදුකළ විමර්ෂණයක් මෙතනින්.

මේ අයුරින්ම හුවමරු වී තිබු තවත් සටහනකින් දක්වා තිබුනේ පුද්ගලික ආයතන දෙකක් වූ දෙරණ ආයතනයට සහ ලාෆ් ගෑස් ආයතන වල සේවක පිරිසට කොවිඩ්19 එන්නත් ලබාදී තිබු බවක්. නමුත් කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ අපට පවසා සිටියේ කොළඹ 1-15 දක්වා වූ කොවිඩ්19 ව්‍යාපත්වීමේ වැඩි අවධානමක් තිබෙන ප්‍රදේශවල පදිංචිය ලියාපදිංචි වී තිබෙන පුද්ගලයින්ට සිය හැඳුනුම්පත් පෙන්වා එන්නත් ලබාගැනීමේ හැකියාවක් තිබුණද මෙසේ කිසිඳු හෝ පුද්ගලික ආයතනයකට එන්නත් ලබාදීමක් සිදුවුයේ නැති බවයි.

සමාජ මාධ්‍ය සටහන්:

“මේ මගේ යාලුවෙක් ඊයෙ එවපු මෙසේජ් එකක්. එයාගෙ වයසක​ අම්මටයි තාත්තටයි විදගන්න විදිය හොයනව​. පේන තෙක්මානෙක ක්‍රමයක් නැහැලු. මිනිස්සු අසරණ වෙලා. ඒත් දෙරණෙ කට්ටියටත් වැක්සීන් එක ගහල​. (ලාෆ් ගෑස් අයටත් ගහල).​ මොන ක්‍රමවේදය අනුවද එහෙම කරේ? තව මොන මාධ්‍ය ආයතනවල අයටද ගහල තියෙන්නෙ? යාලුවගෙ අවසරය පිට මම මේ ස්ක්‍රීන්ශොට් එක දාන්නෙ:” යනුවෙන් හුවමාරු වූ සටහනක් පහතින්.

D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-Derana and Laugh Vaccination-screenshot-www.facebook.com-2021.02.23-12_41_20.png

Facebook | Archived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා අප කොළඹ මහ නගර සභාවේ එන්නත් කරන වැඩපිළිවෙළ පිළිබඳව කටයුතු කරන වෛද්‍ය ජයම්පති මහත්මිය සම්බන්ධ කරගත්තා. එහිදී ඇය අපට පවසා සිටියේ නගර සභාවේ සේවකයින් සියලු දෙනාටම කොවිඩ් එන්නත ලබාදීමට කටයුතු කර ඇති අතර අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබෙන කොළඹ 1 සිට 15 දක්වා වූ ප්‍රදේශවල පුද්ගලයින්ට ද එන්නත ලබාදීමේ කටයුතු මධ්‍යස්ථාන කිහිපයක් හරහා සිදුකරගෙන යන බවයි

මීට පෙරද මේ ආකාරයේ කටකතා හුවමාරු වූ බව පවසමින් ඇය තහවුරු කර සිටියේ ඉහත ආයතන දෙක හෝ වෙනත් ඕනම ආයතනයක සේවකයෙක් තම ජාතික හැඳුනුම්පත හරහා, තමා කොළඹ 1 සිට 15 දක්වා ඇතුළත වයස අවුරුදු 30ට වැඩි පදිංචිකරුවෙකු බව සනාථ කළහොත් ඔහු හෝ ඇයට එන්නත ලබා ගැනීමේ හැකියාවක් පවතින බවයි.

මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ද විමසීමක් සිදු කළ ඉහත ආකාරයේ පුද්ගලික ආයතනයකට එන්නත් ලබාදීමක් කිසිවිටෙකත් වාර්තා වූයේ නැති බව තහවුරු කර සිටියා.

මේ පිළිබඳව අප දෙරණ මාධ්‍ය ජාලයෙන් මෙන්ම ලාෆ් ගෑස් සමාගමෙන් ද විමසා සිටි අතර ඔවුන් විසින් ද මෙය සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව තහවුරු කර සිටියා.

මාධ්‍ය වාර්තා:

මාධ්‍ය වාර්තා පරීක්ෂා කිරීමේදී ඇතැම් එන්නත්කරණ මධ්‍යස්ථානවල මෙවැනි නොසන්සුන්කාරී තත්වයන් ද ඇතිවී තිබු බව වාර්තා වී තිබු අතර එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රමානුකුලව සිදු නොවන බවට චෝදනා ද නැගී තිබුණි.

“කොවිඩ් එන්නතට පොර කන්නේ ඇයි? එන්නත ලබාගත යුත්තේ කෙසේ ද?” යන තේමාවෙන් එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පළවූ වර්තාවක ද එන්නත් ලබාදෙන පිළිවෙල මෙසේ පෙන්වා දී තිබුණි.

එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද අදහස් දක්වමින් පවාසා තිබුනේ කොරෝනා අවදානම වැඩි ග්‍රාම නිලධාරී වසම් ආශ්‍රීත එන්නත්කරණය වයස අවුරුදු 30 ට වැඩි සෑම දෙනාටම ලබාදීමට කටයුතු සිදුකරන බවයි.

Newsfirst

මේ අනුව ඊයේ දිනයේ දී (පෙබරවාරි 26) කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කොවිඩ්  19 වෛරසය ව්‍යාප්තවීමේ අධි අවදානමක් සහිත ග්‍රාම නිලධාරී වසම්වල සිටින අවුරුදු 30 සහ ඊට වැඩි සියලුදෙනාට කොවිඩ් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබුණා.

https://www.facebook.com/DepartmentOfGovernmentInformation/posts/3743612995752206?__cft__[0]=AZXqwTOl6H5diE4Hio8AUf5OuXuC6RXjd3uvcKawTGPLNE6ZLQUyt09N0eaDMs4FquvBiL0Z1LrkPtpZpqdhP7ybI3LWZGWsLQ-jMV6bw-dUamY2j3PRKMmlx3aNBrrOgN8BYg9DoY6Gs_cTFL9RV20c6apnXGFma2kpYeTR5GlLBw&__tn__=%2CO%2CP-R

කොළඹ සහ ගම්පහ තාවකාලික පදිංචිකරුවන් ටත් එන්නත ලබාදෙන බවට වාර්තාවක් මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ කොළඹ 1-15 දක්වා වූ කොවිඩ්19 ව්‍යාපත්වීමේ වැඩි අවධානමක් තිබෙන ප්‍රදේශවල වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට සිය හැඳුනුම්පත් පෙන්වා එන්නත් ලබාගැනීමේ හැකියාවක් තිබුණද මෙසේ තෝරාගත් කිසිඳු හෝ පුද්ගලික ආයතනයකට එන්නත් ලබාදීමක් සිදුවී නැති බවට සෞඛ්‍ය අංශ තහවුරු කර සිටින බවයි.

මේ අනුව කොළඹ පදිංචිය ලියාපදිංචි දෙරණ සහ ලාෆ් ගෑස් ආයතනවල සේවකයින් ද එන්නත් ලබාගෙන තිබිය හැකි වුව ද කිසිඳු ආකාරයකින් මෙම ආයතන වල සියලු සේවකයින් හට කොවිඩ් එන්නත් ලබාදීමක් සිදුවී නැහැ.

Avatar

Title:දෙරණ සහ ලාෆ් ගෑස් ආයතනවල සේවකයින්ට කොවිඩ් එන්නත් ලබාදුන්නා ද?

Fact Check By: Sahan Perera

Result: Misleading