
වන විනාශ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී ඇති මේ කාලවකවාණුව තුළ විශේෂ කාර්ය බලකාය විසින්ද, පසුගිය වසරේ ජනවාරි 1 වන දා සිට මේ වසරේ මාර්තු 11 වන දා තෙක් රක්ෂිත හෙළිකරන්නන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාලේඛන ඇතුලත් සම්පූර්ණ වාර්තාවක් නිකුත් කළා.
මෙම වාර්තාවේ දත්ත උපයෝගී කරගනිමින් පුවත් වාර්තාද පළ වුණා. ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වෙබ් අඩවියක් වන නෙත් නිව්ස් පුවත් වෙබ් අඩවියද එම සංගණනය අලලා සැකසූ පුවත් වාර්තාවක නොසැලකිල්ල හේතුවෙන් වැරදි දත්තයන් භාවිතා කර තිබුණා. මේ වසරේ තුළ භූමි ප්‍රමාණ හෙක්ටයාර 43.50 ක වන විනාශය එම වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ හෙක්ටයාර 43,000ට හානි වී ඇති බවයි. නෙත් නිවුස් වෙබ්අඩවිය ඔස්සේ වාර්තා වුණ එම වැරදි පුවත ඔවුන් නිවැරදි කර තිබුණත් එම මුල් පුවත් වාර්තාව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කිරීමට සැලැස්වීම හේතුවෙන් ෆේස්බුක් පරිශීලකියන් එම අසත්‍ය ගණනය කිරීම රැගත් නොයෙකුත් සටහන් හුවමාරු කර ඇති බවට දැකගන්නට ලැබුණා.
සමාජ මාධ්‍ය සටහන්:
ඇතැම් ෆේස්බුක් පිටු නෙත් පුවත් වාර්තාවේ මුල් සටහන අලලා පෝස්ට් නිර්මාණය කර ෆේස්බුක් පරිශීලකයින් අතර හුවමාරුකරගෙන තිබුණා. එලෙස හවුමාරු කරගෙන තිබූ සටහන් කිහිපයක් පහතින්.

“හන්තාන කැපුව හන්තාන කැපුව කියකියා ඒකට නීතිය ක්‍රියාත්මක නොකර පසුගිය දින70 වක්වන මේවන්විට වනාන්තර අක්කර 43.000 කපා විනාශකර ඇතිබව වාර්තාවේ” යනුවෙන් මුතුනායක ගෙදර විජේසූරිය යන අයද සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් පළ කර තිබුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළායැයි දැක්වෙන “හන්තානෙ විනාශ කරනකොට ඒවට අඬන්න කවුරුවත් නෑ ! ” යනුවෙන් සකස් කළ ඇති පෝස්ටුවක් උපුටා දක්වමිනි.

මේ සම්බන්ධයෙන් AGAMYA නමැති වෙබ් අඩවියකද පළ වූයේ නෙත් නිවුස් පුවත් වාර්තාව හුවා දක්වමිනි.

AGAMYA | Archived Link Facebook | Archived
එමෙන්ම AGAMYA වෙබ්අඩවිය මෙතෙක් එම පුවත නිවැරදි කර නොමැති බවද, අප කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණා. නැවත් නිවැරදි නොවූ පුවත් කිහිපයක්ම තවමත් සමාජ මාධ්‍ය ඔස්සේ අපට දැකගන්නට පුළුවන් වනවා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
විශේෂ කාර්ය බලකාය විසින්ද අදාළ සංඛ්‍යාලේඛන ඇතුලත් කර තිබියදීත් නොසැලකිල්ල හේතුවෙන් නෙත්නිවුස් වෙබ් අඩවිය පළ කළ වාර්තාව හේතුකොටගෙන ජනතාව නොමග ගොස් තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ වාර්තාවේ කොටසක් පහතින්.

මේ අනුව 2021 වසර සඳහා දිවයිනේ විවිධ පළාත්වල නීති විරෝධී ලෙස රක්ෂිත එළිකරන්නන් අත්අඩංගුවට ගැනීමේ සාරාංශ වාර්තාව අනුව මුළු හෙක්ටයාර ප්‍රමාණය 43.5 ලෙස දැක්වේ. 2020 වසර සඳහා මෙම අගය දක්වා තිබුනේ හෙක්ටයාර 18.5 ක් ලෙසය.
නෙත් පුවත් සේවය මඟින් වරද නිවැරදි කර තිබූ සටහන පහතින්.

කෙසේ වෙතත් මේ වසරේ දින 70 වට සිදුව ඇති එම නීති විරෝධී ලෙස රක්ෂිතවල එළිකරන ලද භුමි ප්‍රමාණය පසුගිය වසරටම සාපේක්ෂව සැලකිය යුතු ලෙස වර්ධනක් බැවින් ඒ සම්බන්ධයෙන් විවිධාකාරයේ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබුණා. ඒ අතර මුලින් වැරදි පුවතක් හුවමාරු වී පසුව නිවැරදි කිරීම සම්බන්ධයෙන් ද විවිධ සටහන් පළවුනා.

Facebook | Archived Link Facebook | Archived Link Facebook | Archived Link
Conclusion (අවසාන නිගමනය)
අපගේ කරුණු විමර්ශනයේදී පැහැදිලි වන්නේ විශේෂ කාර්ය බලකාය සාදන ලද වාර්තාවකට අනුව 2021 වසරේ ජනවාරි 1 වන දා සිට මාර්තු 11 වන දා තෙක් මෙරට විවිධ පළාත්වලින් නීති විරෝධී ලෙස රක්ෂිත එළි කිරීම පිලිබඳ වාර්තා වී ඇති භුමි ප්‍රමාණය හෙක්ටයාර 43.5 ක් බවයි.
මේ වසරේ මාර්තු 11 දක්වා සිදුව ඇති වන විනාශය හෙක්ටයාර 43,000ක් ලෙස නොසැලකිලිමත් ලෙස කරුණු දක්වමින් නෙත් නිවුස් වෙබ් අඩවියේ පළවූ වාර්තාවක් බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබුණා. නෙත් වෙබ් අඩවිය පසුව පුවත නිවැරදි කරගෙන තිබුණද වැරදි පුවත තවදුරටත් කිහිපදෙනෙක් හුවමාරු කරගෙන තිබුණා.
කෙසේවෙතත් නීති විරෝධී ලෙස රක්ෂිත එළි කිරීම පිළිබඳ විශේෂ කාර්ය බලකායේ වාර්තාවට අනුව මෙම වසරේ පළමු දින 70 තුළදී සිදුව ඇති වන විනාශය 2020 වසර මුළුල්ලේම සිදුව ඇති අගයට වඩා දෙගුණයකටත් වඩා වැඩිය.
.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Title:මේ වසරේ වන විනාශයන් හෙක්ටයාර 43000ක් ඉක්මුවාද?
Fact Check By: Sara GunaratneResult: Misleading
