අමෙරිකාවේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය අප කාටත් මතකයෙන් නොමියන සිදුවීමක් වනවා. පසුගිය වසරේ මැයි 25 දින අමෙරිකාවේ මිනියපොලිස් නගරයේ පොලිස් නිලධාරියෙකු හමුවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ට අත්වූ අවාසනාවන්ත ඉරණමත් සමඟම වර්ණ භේද වාදය පිළිබඳව ලොවට පුරා උද්ඝෝෂණ රැල්ලක් ඇතිවී තිබුණා.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සිදුවී මේ වන විට වසරකට ආසන්න කාලයක් ගතවී නිම වී තිබෙන මොහොතක නැවතත් ඔහුගේ මතකය අලුත් කිරීමට යෙදුණේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දරුවාගේ ඉදිරියේ දණ නමා එම ඛේදනීය සිදුවීමට සමාව ගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් සහිත සටහන් හේතුවෙනි. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමසුම පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ඔබ දැන සිටියාද? Did You Know ? යන ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ,

“ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ඇමරිකානු වර්ගවාදී උණුසුමින් මරු තුරුලට ගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දරුවා ඉදිරියේ ඔහු මරා දැමූ ඉරියව්වෙන්ම හිද සමාව අයැද සිටියේය.Minneapolis නගර රජයෙන් එම පවුලට ඩොලර් මිලියන 27ක වන්දියක් ප්‍රදානය කරන ලදී...ආබාධිතයන්ගෙන් පවා වන්දනා මාන ඉල්ලන කශේරුවක් රහිත මානවයන්ට බයිඩන් දුන් පණිවිඩය පැසුණු වී කරල් නැමෙන්නා සේ තනතුරු බුහුමන් හමුවේ තවත් නිහතමානී විය යුතුයි යන්නයි....”

Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට 9000කට ආසන්න ප්‍රමාණයක් පහතින් දක්වා ඇති සටහන හුවමාරු කරගෙන තිබුණේ මෙලෙසිනි.

Facebook | Archived Link

මෙම ඡායාරූපය සහිත සටහන දුටු පමණින් ගම්‍ය වන්නේ මෙය සැබවින්ම අමෙරිකානු ජනාධිපති විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දරුවාගෙන් සමාව ගත් බවයි. මේ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් සංසරණය වුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් මෙම ඡායාරූපය සම්බන්ධයෙන් Reverse Image සෙවුමක් සඳහා යොමු කළා. එහිදී දැකගන්නට ලැබුණේ මෙම ඡායාරූපය පසුගිය වසරේ අමෙරිකානු ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක රැලියකින් අනතුරුව ලබා ගත් ඡායාරූපයක් බවයි. මෙහි දැක්වෙන්නේ ජෝ බයිඩන් ඩෙට්‍රොයිට් නගරයේදී සිය මුණුබුරන්ට ඇඳුම් මිලදී ගනිමින් සිටින අවස්ථාවේ එහි කුඩා දරුවෙකු සමග කතාබහ කරන අවස්ථාවේදී ලබා ගත් ඡායාරූපයක් බවයි. එම වාර්තාව මෙතනින්.

Associated Press News ඒජන්සිය ජෝ බිඩ්න්ගේ මහජන ජීවිතය හා සම්බන්ධ ලබා ගත් ඡායාරූප වලින් එක් ඡයාරූපයක ඉහත සඳහන් කළ ඡායාරූපයද ඇතුළත් කර තිබුණා. මෙතනින්.

Embed from Getty Imageswindow.gie=window.gie||function(c){(gie.q=gie.q||[]).push(c)};gie(function(){gie.widgets.load({id:'ACTWku5mTo1uAZ5oGJc1pg',sig:'th4lD3H12H3UCiRn_wC9611QnYpDUbGclHKTjeA2WQg=',w:'594px',h:'396px',items:'1271608748',caption: true ,tld:'com',is360: false })});

Reuters පුවත් ඒජන්සියේ ඡායාරූප ශිල්පිනියෙක් වන Leah Millis ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ "Three Thirteen" නමැති ඇඳුම් සාප්පුවකින් ජෝ බිඩ්න් සිය මුණුබුරන්ට ඇඳම් මිළදී ගනිමින් සිටියදී සීජේ බ්‍රවුන් නමැති දරුවෙකු සමගින් ජෝ බිඩ්න් කතා බහක යෙදුණු අවස්ථාව මෙලෙස ඡායාරූප ගත කළ බවයි. එම දරුවා සාප්පුවේ අයිතිකරුගේ පුතා බවද පුවත් වර්තවල සඳහන් වී තිබුණා.

Twitter | Archived Link

මෙම ඡායාරූපය සම්බන්ධයෙන් එවකට ජනපති අපේක්ෂක ජෝ බයිඩන් මහතා පසුගිය සැප්තැම්බර් මස සිය නිල ඉන්ස්ටග්‍රම් ගිණුමේ දක්වා තිබුණේ මෙලෙසිනි.

“මම මේ සටනේ සිටින්නේ ඇයිද යන්න අපේ දරුවන්ට නිරන්තරයෙන් කරන මතක් කිරීමක්.

ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සාධාරණ ලෙස ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. වර්ගවාදය මුළුමනින්ම උපුටා දැමිය යුතුය, එවිට ඔවුන් දැන් අප සිටිනවාට වඩා සාධාරණ රටක ජීවත් වෙයි. දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට අපට අවශ්‍යයයි, එවිට ඔවුන්ට දියුණුවන්නට ලෝකයක් ඉතිරිව ඇත. අපේ දරුවන්ට වඩා හොඳ අනාගතයක් ඇතැයි මම විශ්වාස කරමි. අවසානය දක්වාම මම ඔවුන් වෙනුවෙන් සටන් කරමි. ” යනුවෙනි.

Instagram | Archived Link

එමෙන්ම එවකට ජනාධිපති අපේක්ෂකයෙක් වූ ජෝ බිඩ්න්ගේ හමුව සම්බන්ධයෙන් Three Thirteen ඇඳුම් සාප්පුවේ අයිතිකරු වන Brown සිය ඉන්ස්ටග්‍රම් ගිණුමේ දක්වා තිබුණේ මෙලෙසිනි.

Instagram | Archived Link

කෙසේවෙතත් අමෙරිකානු සෙනෙට් මණ්ඩල සභිකයෙකු වන Senator Dino Melaye. (SDM) අමෙරිකානු ජනාධිපතිවරයා ජෝර්ඡ් ෆ්ලොයිඩ් ඝාතනය කළ පොලිස් නිලධාරියා සිටි ඉරියව්වෙන් සිටිමින් ජොර්ජ් ෆ්ලොයිඩ්ගේ දරුවාගෙන් සමාව ඉල්ලා සිටි බවට ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා. බොහෝ විට මෙම පණිවිඩය හේතුවෙන් මෙලෙස ජනතාව නොමග ගොස් බවට උපකල්පනය කළ හැක. එම ට්විටර් පණිවිඩය පහතින්.

Twitter | Archived Link

ෆ්ලොයිඩ්ගේ අනුස්මරණ දේව මෙහෙයේදී ඔහුගේ දරුවන්ගේ නම් සඳහන් කර තිබුණා. එහි සඳහන් වන පරිදි ෆ්ලොයිඩ්ට සීජේ බ්‍රවුන් නමැති පුතෙකු නොසිටි බව තහවුරු වෙයි. එම වාර්තාව මෙතනින්.

මෙම වැරදි අර්ථකතනයෙන් හුවමාරු වන සටහන් පසුගිය දින කිහිපයේදී නැවත වරක් දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් කිහිපයකම හුවමාරු වී තිබු අතර අප කාම්බෝජ කණ්ඩායම ද කරුණු විමර්ෂණයක් සිදුකළා.

අපගේ ශ්‍රී ලංකා කණ්ඩායම දමිළ භාෂාවෙන් මේ ගැන පසුගිය නොවැම්බර් මස මේ සම්බන්ධයෙන්ම සිදුකළ කරුණු විමර්ශනය මෙතනින්.

කෙසේවෙතත් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුලට ඩොලර් මිලියන 27 ක් ගෙවීමට මිනියාපොලිස් නගරය එකඟ වී ඇති අතර ඒ පිලිබඳ පසුගිය මාර්තු මාසයේ පළවූ වාර්තාවක් මෙතනින්

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව අපගේ විමර්ශනයෙන් තහවුරු වන්නේ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දරුවෙකු ඉදිරියේ දණ නමා එම ඛේදනීය සිදුවීමට සමාව ගත් බවට පළ වන පුවත් අසත්‍ය හා නොමග යවන සුළු බවයි.

මෙය පසුගිය වසරේ සැප්තැම්බර් මස, එවකට ජනපති අපේක්ෂක ජෝ බයිඩන් මැතිවරණ ප්‍රචාරක රැලියකින් අනතුරුව ඩෙට්‍රොයිට් නගරයේදී සිය මුණුබුරන්ට ඇඳම් මිළදී ගනිමින් සිටියදී සීජේ බ්‍රවුන් නමැති දරුවෙකු සමගින් කතා බහක යෙදුණු අවස්ථාවක්. එම දරුවා ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දරුවෙකු නොවේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දරුවෙකු ඉදිරියේ දණ නමා සමාව ගත්තද?

Fact Check By: Sara Gunaratne

Result: False