රාවණා රජු පිළිබඳව විවිධාකාරයේ මත සමාජය තුළ විටින් විට මතුවෙමින් පවතිනවා. පසුගිය වසරේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ රාවණා රජු භාවිතා කළ තෙලබනුව (දුරකතන)යැයි සඳහන් කරමින් සටහන් හුවමාරු වුණා.

උපහාසාත්මක කෝණයකින් පළවූ එම සටහන මේ දිනවල නැවතත් කරළියට පැමිණ තිබෙනවා. මෙම සටහන් සඳහා යොදාගෙන තිබු සත්‍ය සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

Madushanka Sandaruwan යන අය විසින් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණ පෝස්ටුවේ සඳහන් වූයේ මෙලෙසිනි.

රාවණාගේ තෙලබනුව” යන තේමාවෙන් පැරණි ජංගම සහ ස්ථාවර දුරකථන දෙකක ඡායරුපවල පහත විස්තරය ලබාදී තිබුණි.

“රාවණා රජතුමාගේ සමයේදී හෙළයේ ප්‍රධානතම සන්නිවේදන උපකරණයයි. අරිසෙන් අහුබුදුවන්ට අනුව, මේ උපකරණය යොදා ගනිමින් අතීත හෙළයෙක් අනෙකෙකුට ඇමතීමේදී හෙළෝ කියා පළමුවෙන්ම පවසයි. එහි තේරුම නම් අනෙක් පසේ සිටින්නේ හෙළයෙක් දැයි දැන ගැනීමටයි. අනෙක් පස තෙලබනුව කනේ තබාගෙන සිටින්නේ හෙළයෙක්නම් ඔහුත් හෙළෝ යැයි පෙරළා පවසයි. එම සිරිත තවමත් මිනිස් සමාජයේ තිබීම පුදුමයක් නොවේ.

Facebook | Archived Link

මෙම සටහන උපහාසාත්මක කෝණයෙන් පළ වී තිබුණ ද මෙම සටහන සඳහා උපයෝගි කරගෙන ඇති ඡායාරූප පිළිබඳව ඇතැම් ෆේස්බුක් පරිශීලකයින් විමසා තිබු බව අපට දැකගන්නට ලැබුණා.

පසුගිය දිනවල යළිත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් කිහිපයක් පහතින්

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප මෙම ඡායාරූපය සම්බන්ධයෙන් Reverse Image සෙවුමක් සඳහා යොමු කළා. එහිදි අපට දැකගන්නට ලැබුණේ, ඉහත සටහන සඳහා යොදා ගත් ඡායාරූප ඇමරිකානු ජාතික කලා ශිල්පියෙකු වන Christopher Locke විසින් ස්වභාවික පොසිලවල පෙනුම ලබා දීමට නවීන පොසිල (Modern Fossils) නිර්මාණ කොට එයින් නිපදවූ නිර්මාණ එකතුවේ ඡායාරූප බවයි.

Genetologic Research | Archived Link

එම ඡායාරුප ද ඇතුළත් ව වාර්තා රැසක් අපට අන්තර්ජාලය හරහා දැකගන්නට පුළුවන් වුණා. එම වාර්තා මෙතනින්, මෙතනින්.

Heartless Machine නම් වෙබ් අඩවියක්ද Christopher Locke විසින් පවත්වාගෙන යන අතර ඔහු විසින් කරන ලද මෙම නිර්මාණ ඔබට එහිදී දැකගන්නට පුළුවන්කම ලැබෙනවා. Faces of Austin යනුවෙන් කෙටි චිත්‍රපට පෙන්වන වාර්ෂික වැඩසටහනක මෙම නිර්මාණවල නිර්මාතෘ පිළිබඳ පළ වූ කෙටි වීඩියෝවක් මෙතනින්.

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත සටහනේ දක්වා ඇති අතීත හෙළයෙක් අනෙකෙකුට ඇමතීමේදී හෙළෝ කියා පළමුවෙන්ම පවසයි. එහි තේරුම නම් අනෙක් පසේ සිටින්නේ හෙළයෙක් දැයි දැන ගැනීමටයි. අනෙක් පස තෙලබනුව කනේ තබාගෙන සිටින්නේ හෙළයෙක්නම් ඔහුත් හෙළෝ යැයි පෙරළා පවසයි. ” යන්න ද සාවද්‍ය කරුණකි.

හෙලෝ Hello යන වචනය පැවත එන්නේ hallo, hollo යන වචන අනුසාරයෙන් වන අතර ‛හෙලෝ’ යන වචනය භාවිතා කිරීමේ ගෞරවය හිමිවන්නේ තෝමස් අල්වා එඩිසන් මහතාටය

Also Read:

Hellow (හෙලෝ) යනුවෙන් පිළිතුරු දෙන්නේ දුරකථනයේ නිර්මාතෘගේ පෙම්වතියගේ නම මාග්‍රට් හෙලෝ වූ නිසා නොවේ!

 ඇලෙක්ස්සැන්ඩර් ග්‍රැහැම්බෙල් විසින් 1876 දී පළමු දුරකතනය සොයා ගන්නා ලද අතර 1973 දී මෝටරෝලා සමාගමේ ඉංජිනේරු පිරිසක් විසින් පළමු වරට ජංගම දුරකතනයක් හරහා ඇමතුමක් ලබාගත් බවත් සඳහන්.

Update :

රාවණා රජු සන්නිවේදන උපකරණ භාවිතා කළ බවට ඉතිහාසයේ සාක්ෂි තිබේද යන්න විමසීට අප පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නාණක විද්‍යා අධ්‍යක්‍ෂ නාමල් කොඩිතුවක්කු මහතාව සම්බන්ධ කර ගත්තා, එහිදී ඔහු සඳහන් කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මෙතෙක් ඒ පිළිබඳව සාක්ෂිි හමු නොවූ බවයි. ඔවුන් සතුව සාක්ෂි ඇත්තේ ප්‍රාග් ඵෙතිහාසක මානවයා සන්නවේදනය කර ගත්ත බවට චිත්‍රමය සාධක පමණක් (ලෙන් චිත්‍ර) බවත්. ඒවාද දඩයම සම්බන්ධ තොරතුරු ඇතුළත් චිත්‍ර පමණක් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

Conclusion (අවසාන නිගමනය):

මේ අනුව අපගේ විමර්ශනයේදී තහවුරු වුණේ රාවණාගේ තෙලබනුවයනුවෙන් සඳහන් කරමින් රාවණා රජු විසින් භාවිතා කරනු ලැබූ දුරකථන බව පෙන්වීමට උපහාසාත්මක කෝණයකින් පළවූ සටහන් සඳහා යොදාගෙන තිබුනේ ඇමරිකානු ජාතික කළා ශිල්පියෙකු වන Christopher Locke විසින් නවීන පොසිල භාවිතයෙන් නිර්මාණය කරන ලද නිර්මාණ බවයි.

හෙලෝ Hello යන වචනය පැවත එන්නේ hallo, hollo යන වචන අනුසාරයෙන් වන අතර ‛හෙලෝ’ යන වචනය භාවිතා කිරීමේ ගෞරවය හිමිවන්නේ තෝමස් අල්වා එඩිසන් මහතාටය

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:රාවණා රජු සමයේ භාවිතා වූ සන්නිවේදන උපකරණ?

Fact Check By: Sara Gunaratne

Result: False