අප්‍රේල් අවුරුදු උත්සව සමයෙන් පසුව ලංකවේ කෝවිඩ් 19 ව්‍යාප්තිය විශාල වශයෙන් වාර්තා වී තිබු අතර ඒ හා සමඟම කෝවිඩ් වෛරසයේ නව ප්‍රභේද මතුවීම තුළින් තරුණ ප්‍රජාවද විශාල වශයෙන් මෙහි ගොදුරක් බවට පත්වී තිබෙන බවත් ආදී කරුණු Covid-19 පාලනය පිළිබඳව විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී හෙළි වුණා.

කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට රෝහල්වල, දැඩිසත්කාර ඒකකවල, අතරමැදි ප්‍රතිකාර ඒකක වල තිබෙන ධාරිතාවය සීමා සහිත බවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක දක්වා තිබුණා. ඒ අතර කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් සිලින්ඩර් නොමැති බවට ප්‍රධාන පුවත්පතක පළ වූ වාර්තාව ඔස්සේ මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

Gossip Lanka News ෆේස්බුක් පිටුවේ කළුබෝවිල රෝහලේ ඔක්සිජන් හිඟ වෙයි.. දැඩිසත්කාර ඒකකය පිරී යයි.. සියළු රෝගීන්ට හුස්ම ගැනීමේ අපහසුතායනුවෙන් දක්වා තිබුණා. මෙම සටහන පැය 6ක් වැනි කාලයක් තුළ ෆේස්බුක් පරිශීලකයින් 1800ක් ඉක්මවා ගොස් තිබුණා.

Facebook | Archived

මෙම සටහන සඳහා පාදක කර ගෙන තිබුණේ දෙරණ අරුණ පුවත්පතේ 27 වන දින පළ වූ ශ්‍රියානි විජේසිංහ කතුවරිය විසින් පළ කළ පුවත් වාර්තාවකි. මෙහි ශීර්ෂ පාඨය දැක්වුණේ මෙලෙසිනි.

එමෙන්ම මෙම වාර්තාවේ දක්වා තිබු කරුණු වෙබ් අඩවි කිහිපයක් ම උපුටා දක්වා තිබු අතර එම විස්තරය පහතින්

දකුණු කොළඹ කළුබෝවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයාදීමට පවතින සිලින්ඩර් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇත.

රෝහල සතුව පවතිනුයේ ඔක්සිජන් සිලින්ඩර් 80ක් පමණක් වුවද දෛනික අවශ්‍යතාව සිලින්ඩර් 150ක් බව රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටක් අනාවරණය කරයි.

රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මුදිතා පෙරේරා සඳහන් කළේ දැඩිසත්කාර ඒකකයේ පවතින ඇඳන් 8ම මේ වන විට කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඇති බවත් ඔවුන්‌ගෙන් රෝගීන් හයදෙනකුටම ඊයේ (26 වැනිදා) දිනය තුළ ඔක්සිජන් ලබා දිය යුතු වූ බවත් ය. මේ අනුව දිනකට රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාව සිලින්ඩර් 150ක් යැයි ඇය කියා සිටී‍.

කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ බව දැනුම් දුන් අතර මැයි 15 වන දින විට රෝහලේ සිලින්ඩර් අවශ්‍යතාව සපුරා දීමට එකග වී ඇතැයිද ඇය පැවසුවාය

මේ වන විට කොරෝනා රෝගීන් සියලුම දෙනා රෝහල වෙත ඇතුළත් කරනුයේ හුස්ම ගැනීමේ දැඩි අපහසුවෙන් වීම හේතුවෙන් වෙනදාට වඩා ඔවුන්ට ඔක්සිජන් ලබා දීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.

කොවිඩ් රෝගීන් සඳහා රෝහලේ වෙන් කර තිබෙන ඇඳන් 110ම මේ වන විට පිරී ගොස් ඇතැයිද කොරෝනා ආසාදිත ගර්භණී මව්වරුන්ට ප්‍රතිකාර ලබා දෙන දැඩිසත්කාර ඒකකයේ “එක්මෝ “ යන්ත්‍රයක අවශ්‍යතාවක් තිබෙන බැවින් එවැනි යන්ත්‍රයක් රෝහල වෙත ලබා දිය හැකි පරිත්‍යාගශීලී කෙනෙක් හෝ සිටින්නේ නම් කොරෝනා හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වෙන ජීවිත සුවපත් කිරීමට පහසුවක් වන බවද විශේෂඥ වෛද්‍ය මුදිතා මහත්මිය පවසයි.

මේ වන විටත් දැඩිසත්කාර ඒකකයේ “එක්මෝ” යන්ත්‍රයක අවශ්‍යතාව පවතින ගර්භණී මවක් සිටින අතර කොරෝනා ආසාදනය වී ඇතැයිද පැවැසේ. “එක්මෝ” පහසුකම් පවතිනුයේ ගාල්ල කරාපිටිය රෝහලේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලෙ පමණක් බවද හෙළි වේ.

කොරෝනා ආසාදිත ගර්භනී මව්වරුන් 26 දෙනකු ප්‍රතිකාර ලබන අතර මේ සියලුම ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සිදුව ඇත්තේ රෝගියා අසලට ගොස් බැවින් රෝහල් කාර්ය මණ්ඩලයේද ජීවිත දැඩි අනතුරකට පත්ව ඇති බව පැවැසේ.

ශ්‍රියානි විජේසිංහ”

වෙබ් අඩවිවල වාර්තා මෙතනින්, මෙතනින්.

දෙරණ අරුණ වැඩසටහනේදී මේ පිළිබඳ වාර්තා කර තිබුනේ මෙලෙසිනි (මෙහි 31.36 වන විනාඩියේ සිට)

එම පුවත් වාර්තාව පාදක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් විශාල වශයෙන් සටහන් හුවමාරු වී තිබු අයුරු ද මෙසේ දැක ගන්නට ලැබුණා.

මෙම වාර්තාවන් හේතුවෙන් කළුබෝවිල ඔක්සිජන් හිඟ බවක් පිළිබඳව බොහෝ දෙනෙක් විමසිලිමත් වී තිබෙනු ද අපට දැක ගන්නට ලැබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප කළ විමර්ශනයේදී දැකගැනීමට හැකි වූයේ මේ සම්බන්ධයෙන් දෙරණ පුවත් වෙබ් අඩවිය විසින් එම වාර්තාවේ දක්වා තිබු කළුබෝවිල ශික්ෂණ රෝහලේ ඔක්සිජන් හිඟය නැගෙනහිර කොළඹ මූලික රෝහලේ (මුල්ලේරියාව) ඔක්සිජන් සිලින්ඩර් හිඟයක් ඇති බවට සංස්කරණය කර ඇති බවයි. එම සංස්කරණය කරන ලද වාර්තාව මෙතනින්.

එම නිවැරදි කිරීම සම්බන්ධයෙන් දෙරණ අරුණ වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදී චතුර අල්විස් මහතාද සිය නිල ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ මෙලෙසිනි.

Facebook | Archived Link

කළුබෝවිල ශික්ෂණ රෝහලේ ඔක්සිජන් හිඟයක් පවතින බවට සමාජයේ පැතිරීමත් සමග මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් මෙය අසත්‍ය කරුණක් බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූවා. එම වීඩියෝව මෙතනින්.

විශේෂඥ වෛද්‍ය අසේල මහතා මෙහිදී සඳහන් කළේ, කළුබෝවිල ශික්ෂණ රෝහලේ හෝ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ (මුල්ලේරියාව) ඔක්සිජන් හිඟයක් නොමැති බවයි. මේ වන විට කොවිඩ් ප්‍රතිකාර කරන මධ්‍යස්ථානවලට සහ ශික්ෂණ රෝහල්වලට විශාල ප්‍රමාණයේ (ජම්බෝ සිලින්ඩර්) ඔක්සිජන් සිලින්ඩර ලබාදීමට කටයුතු කරමින් පවතින බවත් ලංකාවේ මෙඩිකල් ඔක්සිජන් ලබාදෙන කර්මාන්තශාලාවලින් ලබාදෙන ඔක්සිජන් සිලින්ඩර් ප්‍රමාණය වැඩි කිරීමේ හැකියාවද ඔවුන් සතුව පවතින බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, ජාතික පුවත්පතක සහ සමාජ මාධ්‍ය ඔස්සේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් හිඟයක් ඇති බවට වාර්තා පළ වූවත් කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් වල කිසිදු හිඟයක් මෙතෙක් නොමැති බවත්, එම පුවත අසත්‍ය පුවතක් බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ, මේ දිනවන පැතිර යන වෛරස් ප්‍රභේදයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන ප්‍රමාණය වැඩි වී ඇති බවයි. තරුණ පිරිස්වෙත වැළදීමේ සහ රෝග ලක්ෂණ පෙන්වීමේ ප්‍රවණතාවයක් තිබෙන අතර හුස්ම ගැනීමේ අපහසුතා නිසා ඔක්සිජන් ලබාදීමට සිදු වී ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් අපගේ රෝහල්වල, දැඩිසත්කාර ඒකකවල, අතරමැදි ප්‍රතිකාර ඒකක වල තිබෙන ධාරිතාවය සීමා සහිත බව ඔබ තේරුම් ගත යුතු අතර ජනතාව වශයෙන් ඔබ වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව පෙන්වා දුන්නා.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අසත්‍ය හා ජනතාව බියගන්වන සුළු මෙවැනි පුවත් පළ කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි කණගාටුව පළ කරන බවට මෙම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්. එම නිවේදනය පහතින්

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ (මුල්ලේරියාව) ඔක්සිජන් හිඟයක් පවතිනවාද යන්න විමසීමට අප එහි අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා සම්බන්ධ කරගත්තා. එම අවස්ථාවේදී වෛද්‍යවරයා සඳහන් කළේ, මෙතෙක් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ඔක්සිජන් හිඟයක ගැටළුවක් නොපැවති බවයි. කෝවිඩ් වසංගතයේ නව ප්‍රභේද මතුවූ නිසා නොව සමාන්‍යයෙන් දෛනික අවශ්‍යතාවය මත දෙපාරක් ඔක්සිජන් ගෙන්වන බවත් ඒ අනුව මීට මාසයකට පමණ ඉහත පෙර සූදානමට ඔක්සිජන් වැඩිපුර ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට අවශ්‍ය බව රෝහලේ සෞඛ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථානයට දැනුම් දුන් බවත් පැවසු එතුමා එම කරුණු හැරුණු විට විශේෂ ඔක්සිජන් හිඟයක් පැන නොනැගුනු බව අවධාරණය කර සිටියා.

Conclusion (අවසාන නිගමනය) :

දැනට රටතුළ පවතින තත්ත්වය යටතේ රෝගීන් සඳහා ලබා දීමට ඇති ඔක්සිජන් ධාරිතාව ප්‍රමාණවත් බවත් අත්‍යවශ්‍ය වුවහොත් තවත් ධාරිතාව වැඩි කරමින් ඔක්සිජන් ලබා දීමේ හැකියාව ලංකාවේ මෙඩිකල් ඔක්සිජන් ලබාදෙන කර්මාන්තශාලාවලට පවතින බවත් සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරනවා.

කෙසේ නමුත් කෝවිඩ් වසංගතයේ නව ප්‍රභේදයන් හමුවේ රෝග ව්‍යාප්තිය නිශ්චිත ලෙස උපකල්පනය කළ නොහැකි බැවින් නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් එම රෝගයෙන් වැළකී සිටීමට පියවර ගැනීම ඔබගේ වගකීමක්. මේ අනුව පෙනී යන්නේ, මේ මොහොත වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ හෝ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ (මුල්ලේරියාව) ඔක්සිජන් හිඟයක් පවතින බවට දැකවූ වාර්තා අසත්‍ය බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:කළුබෝවිල රෝහලේ හා නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ඔක්සිජන් හිඟයේ ඇත්ත කතාව!

Fact Check By: Sara Gunaratne

Result: Misleading