කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසීම ඊයේ (මැයි 20 වැනිදා) වැඩි ඡන්දයෙන් සම්මත වුණා. මෙහිදී ප්‍රධාන වශයෙන් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

එවන් පසුබිමක කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ රජය විසින් ඉදිරිපත් කළ සංශෝධන වලට නිරන්තරයෙන්ම විරුද්ධව උද්ඝෝෂණය කළ විපක්ෂ නායකතුමා මෙහිදී ඡන්දය දීමෙන් වැළකී සිටිය බවට සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. ඒ පිළිබඳ අපගේ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

සිරස නිවුස් ෆස්ට් පළකළ පෝට්සිටි පනතටට විරැද්ධ චන්ද ලයිස්තුවේ සජිත් චන්දය දුන් බව නෑ.. සජිත් පෝට්සිටි පනතට #එකට විරැද්ධව චන්දය දුන්නේ නැද්ද ..? #නැත්නම් කිළී සජිත් තරහ වෙලාද..?” යන තේමාවෙන් Thushara Wanniarachchi ෆෙස්බුක් සටහනක් පළකර තිබුනේ පහත අයුරින්.

Facebook | Archived

 “Sajith premadasa not voted මොකෙක්ද බන් මේ විපක්ෂ නායකයා ” යනුවෙන් විස්තරයක් ද සහිතව සටහනක් පහත පරිදි හුවමාරු වී තිබුණා

Facebook | Archived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේ ඊයේ (මැයි 20) පැවැත්වුණු අතර එහි තෙවන වර කියවීමෙන් ද පසුව සංශෝධන සහිතව සම්මත වූයේ පක්ෂව ඡන්ද 149ක් ද විපක්ෂව ඡන්ද 58ක්ද ලබාගනිමිනි. ඒ පිළිබඳ පළවූ පුවත් වාර්තා මෙතනින් සහ මෙතනින්.

සමාජ මාධ්‍ය සටහන් තුළින් නිවුස්ෆ්ස්ට් හි පළවූ සටහන් අනුව විපක්ෂ නායක තුමා ඡන්දය දීමෙන් වැළකී සිටිය බවක් පැවසෙන බැවින් එහි පළවූ පුවත් පරීක්ෂා කළෙමු.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කොළඹ වරාය නගර පනත් කෙටුම්පත විවේචනය කරමින් ඊයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වා තිබු ආකාරය එහි මෙසේ පළකර තිබුණා.

එසේම එක් එක් දිස්ත්‍රික්කයේ කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව ඡන්දය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිලිබඳ විග්‍රහයක් ද නිවුස්ෆර්ස්ට් විසින් පළකර තිබුනේ මෙලෙසින්. එහිදී ද පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මහතා පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ලබාදුන් බව ඔවුන් දක්වා තිබෙනවා.

කෙසේනමුත් මෙම සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ සටහන් වලට මුල්වී තිබුණේ NewsFirst සමාජ මාධ්‍ය ඔස්සේ පළකර පසුව ඉවත්කරන ලද පහත ඡායරුපයයි.

NewsFirst FB | Archived

මෙය පාර්ලිමේන්තු සජීවී විකාශයෙන් ලබාගෙන තිබු ඡායාරුපයක් බැවින් ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේ දී අපට පැහැදිලි වුයේ කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර ඡන්ද විමසුමේ අවසන් ලෙස ඡන්දය ප්‍රකාශ කර තිබු මොහොතට පෙර (එනම් ඡන්දය ප්‍රකාශ කරමින් තිබු කාලය අතරතුර) ලබාගෙන තිබු ඡායාරුපයක් බවයි. එනම් මේ අවස්ථාව වන විට සියලුම මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් කර තිබුනේ නැහැ.

පාර්ලිමේන්තු සජීවී විකාශයේ පැය 1 විනාඩි 53 දී එම අවස්ථාව අපට පහත පරිදි දැක ගන්නට ලැබුණා. 

Parliament Live (පැය 1 විනාඩි 53)

නමුත් එයට කෙටි වෙලාවකට පසු දෙවන වර ඡන්දය ප්‍රකාශ කිරීම සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීන් අවසන් කල පසු ලබාගත් දර්ශනවල සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම එහි දක්වා තිබු තිස්ස අත්තනායක සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන මන්ත්‍රීවරුන් “NO”නැතහොත් විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බවත් පෙනී යනවා.

Parliament Live (පැය 1 විනාඩි 58)

එසේම ගීතා කුමාරසිහ සහ චාමර සම්පත් දිසානායක යන අයද ඡන්දය ප්‍රකාශ නොකළ බවක් මීට පෙර අවස්ථාවේ ලබාගත් ඡායරුපයේ දැක්වුණ ද අවසන් දර්ශන වල ඔවුන් මෙම පනතනට පක්ෂව , එනම් “YES” යනුවනේ ඡන්දය ලබාදී තිබු බවත් පැහැදිලියි.

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර ඡන්ද විමසීම සම්මත වූයේ පක්ෂව ඡන්ද 148 ක් අද විපක්ෂව ඡන්ද 59ක් වශයෙනි.

එසේම තුන්වන වන ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ද විපක්ෂ නායක තුමා ඇතුළු විපක්ෂයේ ප්‍රධානීන්න් මෙම පනතට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබූ ආකාරය පහතින්.

Parliament Live ( පැය 3 විනාඩි 26)

අලි සබ්රි රහීම් සහ ඉෂාක් රහුමාන් යන මන්ත්‍රීවරු කෙටුම්පතට පක්ෂ ව ඡන්දය ලබාදී තිබු අතර අතුරලිය රතන හිමියන් ද පක්ෂව ඡන්දය ලබාදී බව දැක ගන්නට ලැබුණා.

රට විකුණන, දේශද්රෝහී පෝර්ට්සිටි පනතට එරෙහිව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම ඉදිරියේදී පැවැති විරෝධතාවය” යනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමඟි ජන බලවේගය මෙම පනතට විරුද්ධව පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම ඉදිරියේ විරෝධතාවක් දක්වා තිබුනේ මෙලෙසින්

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ විමර්ශනයෙන් පෙනී යන්නේ කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර ඡන්ද විමසීම අවසන් වීමට පෙර සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කොට අවසන් වීමට පෙර ලබාගෙන තිබූ ඡායාරුපයක් යොදා ගනිමින් විපක්ෂ නායකතුමා මෙම පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය බව හඟවමින් සටහන් පෙළක් හුවමාරු වී තිබු බවයි.

සජිත් ප්‍රේමදාස මහතා, රජය විසින් ඉදිරිපත් කරන ලද කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම්වලදී එම පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

Avatar

Title:වරාය නගර පනත් කෙටුම්පත් ඡන්ද විමසීමේ දී සජිත් ඡන්දය දීමෙන් වැළකී සිටියා ද?

Fact Check By: Sahan Perera

Result: False