පසුගියදා කොළඹ වරාය නගරය හා සම්බන්ධ පුවතක් විකාශය කිරීමෙන් අනතුරුව සිරස ප්‍රධාන පුවත් සේවයේ චීන බසින් පාඨයක් යොදාගැනීම පිළිබඳව සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා

මේ අතර චීන ජනපති විසින් සිරස පුවත් සේවය එසේ පළකළ පාඨයට විශේෂ ස්තුතියක් පිරිනමා තිබු බවට ට්විටර් පණිවුඩයක් ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුම විසින් පළකර තිබු බවට සටහන් පෙළක් හුවමාරු වී තිබුණා. ඒ පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්

සමාජ මාධ්‍ය සටහන්:

“ඕං චීනෙන් සුබපතලා පුල්ලි සිරසට...අතෙන් අරන් පස්සෙන් තියාගත්තෙ නේද සිරස යනුනේ ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද නිල නිවේදනයක ස්වරුපයෙන් හුවමාරු වූ සටහනක් Sri Lanka Voice නම් ෆේස්බුක් පිටුවක් විසින් හුවමරු කරගෙන තිබුණා.

Facebook | Archived

ෆේස්බුක් මෙන්ම WhatsApp ඔස්සේ ද හුවමාරු වීම ආරම්භ වී තිබු එවැනි සටහන් කිහිපයක් පහතින්.

එම සටහන් මඟින් දක්වා තිබුනේ සිරස රුපවාහිනී සේවය චීන භාෂාව යොදාගැනීම මඟින් චීන භාෂාවේ වැදගත්කම පෙන්වන බවත් ඒ වෙනුවෙන් චීන ජනපති විශේෂ ස්තුතිය පිරිනමන බවයි. ඉංග්‍රීසි බසින් පළවූ එම පණිවුඩය පහතින්.

“President #XiJinping would like to express Special thanks to #SirasaTV on behalf of Peoples Republic of China on using Chinese Language as an Official Language and initiate to empahasis the value of Chinese Langauge in to Mass communication in Sri Lanka. This initiative will be highly appricated by #Chinese Embassy in Sri Lanka will consider #SirasaTV as one of the pioneer in Chinese Language promotions in Sri Lanka.”

බැලු බැල්මටම මෙය ට්විටර් සඳහා යොදා ගන්නා අක්ෂර ප්‍රමාණයට වඩා වැඩි බව ද එහි යොදාගෙන තිබු ඇතැම් වචන අක්ෂර වින්‍යාසය වැරදි බව ද අපට නිරීක්ෂණය වුව ද මේ පිලිබඳ වැඩිදුර තොරතුරු පරීක්ෂා කිරීමට අදහස් කළා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මැයි මස 20 වැනිදා වරාය නගර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වීම හා සබැඳි පුවත් ඊට පසුදින සිරස රාත්‍රි ප්‍රධාන පුවත් විකාශය ඇතුළත විකාශය කර තිබුණේ එම පුවත් කොටස අවසානයේ “සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට” යන පාඨයෙන් පසුව චීන භාෂාවෙන් යෙදෙන කොටසක් ද දක්වමින්.

සිරස මැයි 21 සවස 7 ප්‍රධාන පුවත් විකාශයේ මෙතනින් (විනාඩි 25 තත්පර 38 සිට) දැක බලාගන්නට පුළුවන්. මෙම කොටස ඇතුළත් වීඩියෝ සහ ඡායාරුප රැසක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අතර එම දර්ශන පෙළ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු කරගත් අවස්ථාවක් පහතින්.

https://www.facebook.com/100010262524865/videos/1432476190437785/

මෙසේ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් කතාබහට ලක්වූ පුවතට ඇත්ත වශයෙන්ම ට්විටර් ප්‍රතිචාරයක් ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් දක්වා තිබුනේ දැයි පරීක්ෂා කිරීමට අප ඔවුන්ගේ නිල ට්විටර් ගිණුම පරීක්ෂා කළා.

චීන විරෝධී කොටස් මෙසේ ව්‍යාජ ප්‍රවෘත්ති පතුරුවා හැරීමට කොතරම් උත්සාහ කරනවාද යන්න ඇඟවීමට කදිම නිදසුනක් බව දක්වමින් චීන තානාපති කාර්යාලය විසින් නිල ට්විටර් පණිවුඩයකින් දක්වා තිබුනේ මෙය සම්පුර්ණයෙන්ම ව්‍යාජ සටහනක් බවයි.

https://twitter.com/ChinaEmbSL/status/1396138262138212356

Chinese Embassy SL Tweet | Archived

එහි පෙන්වා දී තිබු පරිදි මෙම ව්‍යාජ සංස්කරණය සඳහා යොදාගෙන තිබුනේ මැයි මස 21 වැනිදා චීන තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුම විසින් පළකර තිබු මෙම සටහනයි. එහි සඳහන් වී තිබුනේ චීන ජනපති විසින් ඉදිරි වසරවල දියුණු වෙමින් පවතින රටවලට ආධාර ලබාදීම පිළිබඳවත් දැනට මිලියන 300ක පමණ එන්නත් ලබාදී ඇති අතර ඉදිරියේදී ද තවත් සැපයීමට බලාපොරොත්තු වන බව ඇතුළු කරුණු ඇතුලත් වී තිබුණි.

ව්‍යාජ ට්විටර් සංස්කරණය සහ සත්‍ය සටහනේ සංසන්දනය පහතින්.

C:-Users-FCSL-Downloads-Horizontal Image Comparison.jpg

තවද ට්විටර් පණිවුඩයක යොදාගත හැකි අක්ෂර සංඛ්‍යාව ද සීමිත වන අතර එය පසුකාලීනව අක්ෂර 280ක් දක්වා වැඩිකළ ද ඉහත ව්‍යාජ සටහනේ අක්ෂර සංඛ්‍යාව ට්විටර් පණිවුඩයක යොදාගැනෙන අක්ෂර සංඛාව ඉක්මවා ගොස් ඇති බවද අපට පෙනී ගියේ මෙලෙසින්

ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානීගෙන් මේ පිලිබඳ විමසීමේ දී පවසා සිටියේ ද ඉහත සටහන් ව්‍යාජ සටහන් බවයි. එසේම සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් නුදුරු දිනකදී ම ලැබෙන බවටත් ලබන මාසයේ එන්නත් මිලියන 3 ක ප්‍රසම්පාදන කෙරෙන බවට පළවන පුවත් සත්‍ය බවත් පවසා සිටියා.

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ චීන තානාපති කාර්යාලයෙන් සිරස රූපවාහිනියට සුබපතා ට්විටර් පණිවුඩයක් පළකළ බවට හුවමරු වන්නේ ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද සටහනක් බවයි

Avatar

Title:Fact Check: චීන තානාපති කාර්යාලයෙන් සිරසට සුබපතා ට්විටර් පණිවුඩයක්?

Fact Check By: Sahan Perera

Result: Altered