
කොරෝනා වසංගතය ලෝකය පුරා වේගයෙන් පැතිරෙමින් පවතින මොහොතක, මිලියන ගණනින් ආසාදිතයන් වාර්තා වෙමින් පවතින අතර මේ වන විට මිලියන 4 කට අධික පිරිසක් කොරෝනා රෝගය හේතුවෙන් මියගොස් තිබෙනවා. සෞඛ්‍යාරක්ෂණ හේතු නිසාවෙන් මෙසේ මියගිය අයගේ මළසිරුරු ආදාහනය/භූමිදානයට පෙර බහා තැබීම සඳහා ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස පොලිතීන් බෑග් (බොඩි බෑග්) භාවිතා කරනු ලබනවා.
මේ අවාසනාවන්ත වාතාවරණය නිසා බියට පත්ව සිටින මිනිසුන් තව තවත් බිය ගැන්වීම සදහා සමාජ ජාලා හරහා වැරදි තොරතුරු ද වේගයෙන් ප්‍රචාරය වෙමින් පවතිනවා. බොඩි බෑග් සම්බන්ධ කර ගනිමින් ලංකාවේ පමණක් නොව කලාපීය රටවල සමාජ ජාලා හරහා ද වේගයෙන් සංසරණය වෙන නොමඟ යවන සුළු ඡායාරුප සටහනක් පිළිබඳව අප සිදු කළ ගවේෂණයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
ONE second ලෙස හැඳින්වෙන ෆේස්බුක් පිටුවක් හරහා ප්‍රචාරයවූ ඡායාරූප සටහනක දැක්වුණේ.
“පැකට් කරපු කුකුල්ලු කියලද හිතුවෙ.
නෑ මේ කොරෝන හින්ද මැරුණු මිනිස්සු.
#_අද_ඔවුන් 👨👧👧
#_හෙට_ඔබ_හෝ_මම 👫
#_සතුටින්_ඉන්න 🤗
#_සමාව_දෙන්න 🙏
#_ආදරේ_කරන්න ❤️”
යනුවෙනි.

මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

එම සටහන් මඟින් අදහස් කර තිබ්නේ ඡායරුපයේ දක්වා තිබුනේ කොවිඩ් ආසදිතව මියගිය පුද්ගලයින්ගේ මළසිරුරු බොඩි බෑග් වලින් ඔතා ගොඩ ගසා දමා තිබු ආකාරයක් යනුවෙනි.
මේ පිළිබඳව විමසා බලන ලෙස ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කොට ගෙන මෙහි ඇත්ත වශයෙන් ම දැක්වෙන්නේ කොරෝනා හේතුවෙන් මිය ගිය පුද්ගලයන්ද යන්න අප තොරතුරු විමසා බැලුවා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අප ප්‍රථමයෙන් මෙම ඡායාරූපය අන්තර්ජාලය හරහා Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. විදෙස් මාධ්‍ය වාර්තා මේ සම්බන්ධයෙන් පෙන්වා දෙන්නේ, මෙම ඡායාරූපය තායිලන්තයේ සිදුවූ උද්ඝෝෂණයක් හා සම්බන්ධ වන බවයි.
ජූලි මාසේ 18 ව දින තායිලන්තයේ බැංකොක් නුවරදී එරට අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින්, කොවිඩ් මර්ධනය සඳහා වැඩි මුදල් ප්‍රමාණයක් වෙන්කරන ලෙස සහ කොවිඩ් එන්නත් කරන වැඩසටහන වේගවත් කරන ලෙස රජයට බලකරමින් මෙම උද්ඝෝෂණය පවත්වා තිබෙන අතර එහිදී කොවිඩ් නිසා මියයන තායිලන්ත ජනතාව සංකේතවත් කරමින් මෘත ශරීර බවට හැඟවෙන පරිදි සකස් කළ දෙපැත්ත ගැට ගසන ලද බොඩි බෑග්ද උද්ඝෝෂණයේ යෙදුණු පිරිස විසින් භාවිතා කර තිබුණා. එසේම උද්ඝෝෂණය අතරතුර එම බොඩි බෑග් තායිලන්ත අගමැතිවරයාගේ රූපයක් මතට දමා ගිනිබත් කිරීමටද ඔවුන් කටයුතු කර තිබු බව වාර්තා වී තිබුණා.
තායිලන්තයේ සිදුවූ මෙම උද්ඝෝෂණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යවල පළවුණු සටහන් මෙතනින්,මෙතනින් සහ මෙතනින්. මෙම සටහන් වලද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයද ඇතුළත්ව තිබුණේ මෙලෙසින්.

worldofbuzz.com | Archived Link
උද්ඝෝෂණයේදී භාවිතා කළ බොඩි බෑග් හේතුවෙන් එහි ඡායාරූප ජාත්‍යන්තරයේද අවධානය යොමු වූ අතර මේ හේතුවෙන් ජනතාව නොමග ගොස් තිබුණේ මෙය සත්‍ය ලෙසින්ම කොරෝනා රෝගයෙන් මියගිය ජනතාවගේ මළ සිරුරු ඇතුළත් බොඩි බෑග් බවට උපකල්පනය කිරීම හේතුවෙනි.
මේ සම්බන්ධයෙන් පළ වී තිබු Twitter සටහනක් පහතින්.
Protesters arrive at Democracy Monument today ahead of planned rallies.
— Thai Enquirer (@ThaiEnquirer) July 18, 2021
Mock bodies have been piled up at the protest site to show the lives lost because of government’s poor covid response.
Despite threat of covid, ppl are gathering. #ม็อบ18กรกฎา
pic.twitter.com/b7OFGcp3i2
එම බොඩි බෑග් ගොඩ ගසා තිබු අවස්ථාවේ වීඩියෝවක් එහි දැක්වෙනවා.
ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහනේ දැක්වූ ඡායාරුපය සහ තායි මාධ්‍ය මෙම උද්ඝෝෂණය සම්බන්ධයෙන් යොදා ගෙන තිබු දර්ශන වල යොදාගෙන තිබෙන්නේ එකම ස්ථානයක් බව පෙනී යනවා. එම සංසන්දනය පහතින්.

තායිලන්තයේ බැංකොක් අගනුවර එම බොඩි බෑග් ගොඩ ගසා තිබු ස්ථානය Google Maps ඔස්සේ මෙතනින්
අප කාම්බෝජයේ Fact Crescendo කණ්ඩායමද ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු පරීක්ෂාවක් සිදු කර තිබුණා. එම සටහනට පිවිසීම මෙතනින්.
අපගේ කරුණු විම විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමසා බැලීම මගින් පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපය කිසිසේත්ම කොවිඩ් වැළඳීම හේතුවෙන් හෝ වෙනත් හේතුවක් නිසා මියගිය පිරිසකගේ සිරුරු බහා තිබු බොඩි බෑග් නොවන බවයි. පසුගිය ජුලි මස තායිලන්තයේ පැවති උද්ඝෝෂණයකදී විරෝධතාකරුවන් විසින් මළසිරුර බවට හැඟවීමට සංකේතාත්මකව භාවිතා කරන ලද බොඩි බෑග් තොගයක් ගොඩ ගසා තිබු අවස්ථාවේ ලබාගත් ඡායරුපයකි. උද්ඝෝෂණය අතරතුර එම බොඩි බෑග්, තායිලන්ත අගමැතිවරයාගේ රූපයක් මතට දමා ගිනිබත් කිරීමටද කටයුතු කර තිබුණා.
ඒ අනුව අදාල ඡායාරූපය යොදා ගනිමින් එය කොවිඩ් නිසා මියගිය අයගේ සිරුරු ගොඩගසා ඇති ආකාරය බවට සමාජ මාධ්‍ය ජාලා හරහා හුවමාරු වන සටහන් අසත්‍ය සහ නොමග යවන සුළු සටහන් බවට සඳහන් කළ හැක.

Title:කොවිඩ් ආසදිතව මියගිය පිරිසකගේ මෘතදේහයන් අඩංගු පොලිතීන් බෑග් (Body Bags) ඡායාරුපයක් ද?
Fact Check By: Kalana KrishanthaResult: False

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,