2019 වසර අග භාගයේ දී චීනයේ වුහාන් වලින් පැතිරීම ආරම්භ වූ බව සැලකෙන කොරෝනා වසංගතය මේ වන විට ලොව පුරා නව ප්‍රභේද ද මතු කරමින් පැතිරී යාම නිසා මේ තත්ත්වය ගෝලීය අර්බුදයක් බවට පත් වී හමාරයි. මේ අතර මෙවැනි වෛරසයක් ඇති වීම සම්බන්ධයෙන් අනාවැකි පළ කර අය පිළිබඳව පුවත් අන්තර්ජාලය පුරා පළවන අයුරු ද අපට විටින් විටින් දැකගන්නට ලැබෙනවා. වුහාන් හි ක්ෂුද්‍ර ජීවි විශේෂයක් සම්බන්ධයෙන් 1981 වර්ෂයේ ග්‍රන්ථයක ලියැවුණු බවට පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

කොරෝනා රෝගය 2020 වසරේදී මුළු ලෝකය පුරා පැතිර යන බවට 1981 වසරේදී ලියූ පොතක් පිළිබඳව දාර්ශනිකයෝ නම් ෆේස්බුක් සමූහයක Ishara Hadapangoda නම් අයෙකු විසින් සටහනක් එකතු කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived

එම සටහනට අනුව Dean Koontz නම් අයෙකු විසින් රචිත The eyes of darkness නම් ප්‍රබන්දයේ කොරෝනා රෝගයට සමාන රෝගී තත්ත්වයක් පිළිබඳව තොරතුරු පළව ඇති බවක් සඳහන් වනවා.

ලොව භයානකම ජීව විද්‍යාත්මක අවිය පිළිබඳව වාර්තාවක් ‍රැගෙන ඇමරිකාවට පළා එන චීන විද්‍යාඥවරියක් පිළිබඳව එම පොතෙහි දැක්වෙන බවත් මෙසේ ඇමරිකාවට ‍රැගෙන එන වූහාන් 400 නම් ජීව විද්‍යාත්මක අවිය 2020 වසරේදී නිව්මෝනියාවට සමාන රෝග ලක්ෂණ සහිතව මිනිස්සුන්ට වැළඳෙන බවත් එම විද්‍යා ප්‍රබන්දයේ ඇතුලත් බව මෙම ෆේස්බුක් සටහනේ දක්වා තිබුණා.

එමෙන්ම මෙම කරුණු ඇතුළත්ව යූටියුබ් වීඩියෝවක් ද පළ වී තිබුණේ මෙලෙසින්.

Archived Link

මෙම කාරණය කුතුහලය උපදවන බැවින් එම පුවතේ සත්‍යතාවය සොයා බැලීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම The Eyes of Darkness නමින් පළ වී ඇති බවට පවසන ග්‍රන්ථය සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ අතර මෙම ග්‍රන්ථය සම්බන්ධයෙන් විකිපීඩියා දත්ත වල දක්වා තිබුණේ, මෙය 1981 දී එළිදැක්වූ ඇමරිකානු ලේඛක Dean Koontz විසින් රචිත ත්‍රාසජනක නවකතාවක් බවයි. තම පුතා මීට වසරකට පෙර මිය ගියාද නැත්නම් ඔහු තවමත් ජීවතුන් අතර සිටීද යන්න සෙවීමට යන මවක් වටා මෙම නවකතාව ගලාගෙන යන බවද එහි දැක්වුණා.

නමුත් මෙහි දක්වා තිබූ ග්‍රන්ථයේ ඡායාරූපයේ දක්වා තිබුණේ, Leigh Nichols විසින් රචිත බවයි.

https://upload.wikimedia.org/wikipedia/en/8/8f/The_Eyes_of_Darkness.jpg

(Wikipedia)

ඊට හේතුව වශයෙන් දැක්වෙන්නේ මෙම ග්‍රන්ථයේ පළමු සංස්කරණයේදී මෙහි සත්‍ය ලේඛකයා වන Dean Koontz සිය අනන්‍යතාවය සඟවා ඇති බවයි.

මෙහි පළමු සංස්කරණයට අනුව මෙම පොතෙහි සඳහන් වන්නේ The Eyes of Darkness නැතහොත් “අන්ධකාරයේ දෑස්” යන තේරුම ගෙනෙන මෙම ග්‍රන්ථයේ 301 සිට 354 යන පිටුවල දක්වා පිටුල ලියා ඇත්තේ Gorki නමැති රුසියානු නගරයක රසායනාගාරයක් තුළ “Gorki 400” නම් ක්ෂුද්‍ර ජීවි විශේෂයක් නිපදවා ඇති බවත් මෙම ක්ෂුද්‍ර ජීවි විශේෂයෙන් මිනිස් ජීවිත බේරා ගත නොහැකි බවට එහි සඳහන් වී තිබෙන්නේ මෙලෙසින්.

Google | Archived

1989 වර්ෂයේදී මෙම ග්‍රන්ථයේ දෙවන වරට මුද්‍රණය කිරීමේදී සංස්කරණ කිහිපයක් ද ඇතුළත් වී තිබේ.

එනම් ක්ෂුද්‍ර ජීවි විශේෂයේ නම “Gorki 400” වෙනුවට “Wuhan 400” ලෙසත් ලේඛකයාගේ සත්‍ය නම වන Dean Koontz ලෙසත් වෙනස් වී තිබේ.

මෙම වෙනස් වීම සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු චීනයේ පුවත් වෙබ් අඩවියක් විසින් කරුණු දක්වා තිබුණේ පහත අයුරින්.

scmp.com | Archived

https://cdn.dnaindia.com/sites/default/files/styles/full/public/2020/02/18/894609-novel-book.jpg

Dnaindia | Archived Link

මෙම නවකතාවේ ඩොම්බේ නම් චරිතය "Wuhan -400" නම් වූ ජීව විද්‍යාත්මක ආයුධයක් අමෙරිකාවට ගෙන ආ චීන විද්‍යාඥයෙකු පිළිබඳ කතාවක් විස්තර කර ඇති බවට වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් එම ප්‍රබන්ධයේ මෙලෙසින් දැක්වේ. ‍

To understand that," Dombey said, "you have to go back twenty months. It was around then that a Chinese scientist named Li Chen defected to the United States, carrying a diskette record of China's most important and dangerous new biological weapon in a decade. They call the stuff 'Wuhan-400' because it was developed at their RDNA labs outside the city of Wuhan, and it was the four-hundredth viable strain of man-made microorganisms created at that research center.”

එහි පරිවර්තනය නම්,

එය තේරුම් ගැනීම සඳහා ඔබට මාස විස්සක් ආපසු යාමට සිදු වේ" යනුවෙන් ඩොම්බේ පැවසීය, දශකයේම චීනයේ වැදගත්ම හා භයානක නව ජීව විද්‍යාත්මක ආයුධ පිළිබඳ තැටි වාර්තාවක් රැගෙන ලී චෙන් නම් චීන විද්‍යාඥයා අමෙරිකාවට ගියා. ඔවුන් Wuhan-400 ලෙස හැඳින්වෙන ක්ෂුද්‍ර ජීවි විශේෂයක් වුහාන් නගරයෙන් පිටත පිහිටි ඔවුන්ගේ RDNA විද්‍යාගාර තුළ සංවර්ධනය කර ඇත. එම පර්යේෂණ මධ්‍යස්ථානයේදී මිනිසා විසින් නිපදවන ලද 400 වන ක්ෂුද්‍ර ජීවි දාමය මෙයයි .” යනුවෙනි.

කොරෝනා වෛරසය බොහෝදුරට චීනයේ Wuhan නගරයෙන් ආරම්භ වූ බවට පැවසෙනවා. මෙම වෛරසය විද්‍යාගාරයකදී නිර්මාණය කරන ලද්දක් යන්න දේශපාලනික න්‍යායපත්‍රයන් මත ඇතිවූවක් බව විශේෂයෙන් ම චීනය අවස්ථා ගණනාවක දී ම පවසා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම වෛරසය පාලනය කිරීමට බොහෝ ලෙස දායක විය හැකි බව සලකමින් ලොව පුරා විමර්ශන කණ්ඩායම් සඳහා මේ සඳහා දායක වන ලෙස ද ඉල්ලා තිබුණා. WHO මේ හා සබැඳි පුවත් වාර්තාවක් මෙතනින් සහ මෙතනින්.

තව ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ප්‍රබන්ධයේ දැක්වෙන “Wuhan 400” හි රෝග ලක්ෂණ ද කොවිඩ් 19ට වඩා වෙනස් බව පෙනී යනවා. එහි සඳහන් ක්ෂුද්‍ර ජීවි විශේෂය ආසාදනය වුවහොත් 100% මරණ අනුපාතයක් ඇති බවට සඳහන් වන අතර වෛරසය ආසාදිත කිසිවෙකුට ජීවිතය බේරා ගත නොහැකි බවයි පැවසෙන්නේ. ආසාදනය වූ පසු කිසිවෙකු පැය විසිහතරකට වඩා ජීවත් නොවන අතර බොහෝ දෙනෙක් දොළොස් වන පැය වන විට මිය යන බවත්, ඊට හේතුව වන්නේ මොළයේ පටක ක්‍රමයෙන් ඉවත් කරන විෂ ද්‍රව්‍යයක් ස්‍රාවය කිරීමට හේතු වන අතර එමඟින් ශරීරයේ ක්‍රියාකාරිත්වයේ පාලනය නැතිව යෑමෙන් බවයි එහි සඳහන් වී ඇත්තේ.

නමුත් කොවිඩ්19 හේතුවෙන් සිරුරේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල පුද්ගලයින් වෙත වැඩි තර්ජනයක් එල්ලවන බව සනාථ වී තිබෙනවා. මේ වන විට සියලු රටවලින්ද මේ සඳහා සාධක ලැබී ඇති අතර කොවිඩ් ආසාදනය වී වැඩි පිරිසක් සුවය ලබා ඇති අතර, ආසාදිත පිරිසට සාපේක්ෂව ප්‍රතිශතයක් වශයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව සුළු අගයක් ගනී.

තව ද මෙම ප්‍රබන්ධයට අනුව “Wuhan 400” ක්ෂුද්‍ර ජීව විශේෂයේ වර්ධන කාලය පැය හතරක් පමණ වන අතර කොරෝනා වෛරසය වර්ධන කාලය, සාමාන්‍යයෙන් දින 1ත් 14ත් අතර කාලයකය අයත් වන බව සැලකෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොවිඩ් ආසාදනය වීමේ සිට රෝග ලක්‍ෂණ ආරම්භ වන මොහොත දක්වා කාලය සාමාන්‍යයෙන් දින 5-6 ක් වන අතර එය දින 1-14 දක්වා විය හැකි බවයි. ඒ බවට WHO කරුණු දැක්වීම මෙතනින්.

ඒ අනුව The Eyes of Darkness මෙම නවකතා ප්‍රබන්ධයේ සඳහන් වී ඇති ක්ෂුද්‍ර ජීවි විශේෂය ආසාදනය වීම හා කොවිඩ් රෝගය ආසාදනයේ බලපෑම වෙනස් ස්වරූපයක් ගන්නා බවයි පෙනී යයි.

මේ සම්බන්ධයෙන් විමසීමට මෙහි ලේඛකයා හා සම්බන්ධ කර ගැනීමට බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම කරුණු පරීක්ෂක කණ්ඩායම් උත්සහ කළද ඒවාට Dean Koontz ප්‍රතිචාර නොදක්වා තිබේ.

The Eyes of Darkness දැක්වෙන “Wuhan 400” ජීව විද්‍යාත්මක අවිය මගින් පැවසනේනේ කොවිඩ්19 වෛරසය සම්බන්ධයෙන්ද යන්න ජාත්‍යන්තර කරුණු පරීක්ෂක කණ්ඩායම් සිදු කළ විමර්ශන මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

එමෙන්ම "2020 පමණ වන විට නියුමෝනියාව වැනි දරුණු අසනීපයක් ලොව පුරා ව්‍යාප්ත වනු ඇති අතර පෙනහළු හා බ්රොන්කයිල් නාල වලට පහර දී සියළු ප්‍රතිකාර වලට ප්‍රතිරෝධය දක්වයි" යනුවෙන් දක්වා ඇත්තේ The Eyes of Darkness නමැති ප්‍රබන්ධයේ එන කොටසක් නොව 2008 වර්ෂයේ රචිත End Of Days නමැති ලෝකයේ අවසානය පිළිබඳ අනාවැකි සහ අනාවැකි සම්බන්ධයෙන් මත පළ කරන ලද අමෙරිකානු ලේඛිකාවක් වන Sylvia Browne විසින් රචිත ග්‍රන්ථයේ එන කොටසකි.

https://akm-img-a-in.tosshub.com/indiatoday/images/bodyeditor/202003/coronavirus_prediction_in_book-x675.jpg?aybeJtCM0RUvxBaFCFJbdAL9.XciWJsf

මේ ග්‍රන්ථය සම්බන්ධයෙන් පළ වූ වාර්තාවක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

ඉහත කරුණු වලට අනුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් නොමඟ යවන සුළු සටහන් බවට සඳහන් කළ හැක. Dean Koontz විසින් 1981 වසරේ රචිත The Eyes of Darkness නවකතාවේ “Gorki 400” නමැති ජීව විද්‍යාත්ම අවියක් සම්බන්ධයෙන් සඳහන් කර ඇති අතර පසුව 1989 දී එහි දෙවන මුද්‍රණයේදී එම “Wuhan 400” ලෙස වෙනස් කර තිබේ.

නවකතාවේ මෙම වුහාන් වෛරසය මිනිසා විසින් නිපදවන ලද්දක් බව සඳහන් වන අතර කොවිඩ්19 වෛරසයේ මුලාරම්භය පිළිබඳව ලොව පුරා පර්යේෂණ කණ්ඩායම් විමර්ශනය කරන අතර මෙතෙක් නිශ්චිත වශයෙන් ඒ සඳහා පිළිතුරක් ලැබී නැහැ.

එසේම නවකතාවේ දැක්වෙන පරිදි “Wuhan 400” ක්ෂුද්‍ර ජීවී විශේෂය ආසාදනය වීමෙන් නියත වශයෙන් ම පැය 24 කටත් අඩු කාලයක දී මිය යන බව සඳහන් වුව ද කොවිඩ් ආසාදිත බොහෝ පිරිස් සුවය ලබා තිබෙන අතර මරණ අනුපාතය රෝගීන්ට සාපේක්ෂව මේ වන විට සුළු අගයක් ගනී.

Also Read : FACT CHECK: 1962 වසරේ ඉතාලියේ පළවු සඟරාවක 2022 දී ලෝකය තිබෙන අයුරු දක්වා තිබු සිතුවමක් ද?

Avatar

Title:1981 වසරේ දී කොරෝනාව ගැන ලියැවුණු අභිරහස් පොතක්?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading