
බෙලිහුල්ඔය පරිසර පද්ධතියට අයත් සුන්දර පහන්තුඩාව දිය ඇල්ල අසලදී කිසියම් පිරිසක් විසින් අසැබි වීඩියෝවක් පටිගත කිරීම නිසා පහන්තුඩාව පිළිබද ව පසුගිය දින කිහිපය තුළදී බොහෝ දෙනාගේ අවධානය යොමුවුණා. ඒ සම්බන්ධයෙන් බොහෝ මතවාදයන් ඉදිරිපත් වුණු අතර ඇතැම් ෆේස්බුක් සටහන් ඔස්සේ පුද්ගලයින් ඉලක්කකර මඩ ප්‍රචාර කිරීමද සිදු වුණා. මේ එවැනි අසත්‍ය ප්‍රචාරයක් පිළිබඳව අප විසින් සිදු කළ විමසා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන් :
“හැමෝටම දැනගන්න දැම්මේ ,අනිත් අයට හැදෙන්න” යන තේමාවෙන් පළකර තිබු ඡායාරුප සටහනක සදහන්ව තිබුණේ “බලංගොඩ පහන්තුඩාව ජාත්‍යාන්තරයට ගෙනගිය ඒ අසහාය යුවල” ලෙසයි.

මෙම ඡායරුපයම යොදාගනිමින් තවත් සටහන් පෙළක් ම හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

බොහෝ දෙනාගේ මෙම පුවත පිලිබඳ විමසිලිමත් වී තිබු බැවින් අප මෙම ඡායාරූප සටහන් පිළිබද ගවේෂණයක් සිදු කිරීමට තීරණය කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
මේ ෆේස්බුක් සටහන සඳහා යොදාගෙන තිබු ඡායාරුපය පිළිබදව විමසා බැලීමේදී අපට ඉහත සටහනට යොදා ගැනුණ කාන්තාව බවට හඳුනාගත හැකි ඡායාරූපයක් සොයා ගැනීමට හැකිවුණා. ඒ ඇය පහන්තුඩාව දිය ඇල්ල අසල සිටින ඡායාරූපයක්. Archived
එම ඡායාරූපය ඔස්සේ අප සිදුකළ විමසුමේදී, අපට දැක ගන්නට ලැබුනේ ඇයගේ Instagram ගිණුමේ මෙම ඡායාරුපය පළවී තිබු බවත් ඒ හරහා ඇයගේ සැමියා වන කුෂාන් රත්නායකව සම්බන්ධ කර ගැනීමට අපට හැකි වුණා. ඔහුගේ ඉන්ස්ට්ග්රම් ගිණුමේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායරුපයේ පසුබිම ම දැක්වෙන ස්ථානයේ ඡායාරුපයක් පළකර තිබෙනු ද අපට මෙසේ දැක ගන්නට ලැබුණා. Archived
එම ඡායාරුපය සහ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරුප සංසන්දනයේ දී ඒ එකම යුවලක් බවත් එකම පසුබිමක දී ලබාගත් ඡායාරුපයක් බවත් පෙනී ගියේ මෙලෙසින්.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි අර්ථකතනයක් ලබා දෙමින් හුවමාරු වන ඡායරුපයේ සිටින්නේ තමා සහ තමාගේ බිරිඳ බවත් මෙසේ ඔවුනේ ඡායාරුපයක් අනවසරයෙන්, අවභාවිතා කොට අපහාසාත්මක සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් මිරිහාන පොලීසියේ ළමා හා කාන්තා කාර්‍යංශයට පැමිණිල්ලක් සිදුකළ බවත් අප සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ කුෂාන් පවසා සිටියා. එම පැමිණිල්ලේ පිටපතක් ද අපට යොමුකළා.එමෙන්ම ඔහු මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවටද විද්යුත් තැපෑල ඔස්සේ පැමිණිලි කර තිබුණා.

එසේම කුෂාන් පවසා සිටියී තමන් සහ සිය බිරිඳ ඇතුළු මෙම දිය ඇල්ල නැරඹීම සඳහා කලකට පෙර සංචාරය කර තිබු බවයි.එම අවස්ථාවේදී ඡායාරූප ලබාගත්තද , අසැබි වීඩියෝව සම්බන්ධයෙන් තමන්ගේ හෝ බිරිදගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් ඔහු පැවසුවා . ඒ පිලිබඳ අපට ෆේස්බුක් සටහනක් ද මෙසේ දැක ගණනට ලැබුණු අතර එහිදී තවත් පිරිසක් ද මෙසේ සංචාරය කර තිබු බව අපට ද දැක ගන්නට ද ලැබුණා. මේ ඔස්සේ මෙම යුවලගේ ඡායාරුපයක් මෙවැනි ව්‍යාජ සටහන් සඳහා යොදාගන්නට මුල් වුණි දැයි අනුමාන කළ හැක.
එමෙන්ම ෆේස්බුක් ආදී සමාජ මාධ්‍ය හරහා තම සේවා දායකයාට අපහාස කරන පිරිස්වලට විරුද්ධව දිගටම නීතිමය පියවර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද කුෂාන් සහ බිරිද වෙනුවෙන් පෙනී සිටින නීතීඥ මහත්මිය ද අප කළ විමසීමේදී ප්‍රකාශ කර සිටියා.
පහන්තුඩාව සිදුවීම පිළිබඳව අප හා අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ද පවසා සිටියේ මෙය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ව්‍යාජ සටහනක් බවයි. පහන්තුඩුව සිද්ධිය හා සම්බන්ධ අසැබි වීඩියෝ පටයේ රඟ පෑ යුවල අද(සැප්තැම්බර් 2) පස්වරුව වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් 24 හැවිරිදි පන්නිපිටියේ තාවකාලිකව නැවතී සිටින කාන්තාවක් හා මහරගම පදිංචි 34 හැවිරිදි පිරිමි අයකු මෙසේ පොලිස් භාරයට ගෙන තිබු අතර එම සැකකරුවන් දෙදෙනා අතරින් පිරිමි පුද්ගලයා විවාහක වූ අතර 24 හැවිරිදි තරුණිය අවිවාහක බවත් තල්දූව මහතා සඳහන් කළා. එම දෙදෙනා අසැබි දසුන් වීඩියෝ ගතකර ඒවා සයිබර් අවකාශයට මුදාහරිමින් කාලයක සිට මුදල් උපයා ඇති බවත් මාධ්‍ය සටහන් වල සඳහන්. මේ පිළිබඳව සඳහන් වන මාධ්‍ය සටහනකට පිවිසීම මෙතනින්.Archived
‘අසභ්‍ය අසෝබන වීඩියෝ දර්ශන ළඟ තබා ගැනීම’, ‘බෙදා හැරීම’ සහ ‘නිෂ්පාදනය කිරීම’ දණ්ඩනීති සංග්‍රහය යටතේ සහ ‘අසභ්‍ය ප්‍රකාශන’ සංශෝධන පනත යටතේ දඩුවම් ලැබිය හැකි අපරාධමය වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ද සඳහන් කර සිටියේ මෙලෙසින්.
Update :
මෙම යුවල සමඟ සිදුකර තිබු සාකච්ඡාවක් පහතින්
එසේම අපගේ කරුණු විමර්ෂණයෙන් පසුව, අප ඉහතින් දක්වා තිබු ව්‍යාජ සටහනක් හුවමාරු කරගෙන තිබු ෆේස්බුක් ගිණුම් හිමියා විසින් ඔහු සිදුකළ පළකර තිබු සටහන සම්බන්ධයෙන් මෙම යුවලගෙන් සමාව ඉල්ලමින් පසුව සිය සටහන ඉවත් කරගෙන තිබු අතර ඒ සඳහා ඔහු තැබූ නව සටහන මෙතනින්.
Also Read : FACT CHECK: පහන්තුඩාවට පිවිසීම, පෙම්වතුන් සඳහා තාවකාලිකව අත්හිටුවයි?
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion ( අවසාන නිගමනය) :
අපගේ විමසුම අනුව පැහැදිලි වූයේ පහන්තුඩුව දිය ඇල්ල සබැදි අසැබි වීඩියෝව හා සම්බන්ධ යුවල ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් වල සිටින්නේ කුෂාන් රත්නායක නම් අයෙකු සහ ඔහුගේ බිරිඳ බවයි. මෙම යුවලගේ ඡායාරුපයක් අවභාවිතා කරමින් පළකර තිබු අපහාසාත්මක අසත්‍ය සටහන් සම්බන්ධයෙන් ඔවුන් නීතිමය පියවර ගැනීම වෙත ද යොමු වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ද පවසා සිටියේ මෙය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ව්‍යාජ සටහනක් බවත් වීඩියෝවට මුල්වූ පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවයි

Title:පහන්තුඩාව වීඩියෝව හා සම්බන්ධ යුවල බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ වැරදි ඡායාරූපයකි!
Fact Check By: Kalana KrishanthaResult: False

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,