
නිර්මාණශීල්පීන් විසින් නිර්මාණය කරන ලද බොහෝ නිර්මාණ ඡායාරූපයට නැගීමේදී ඒවා වෙනත් මාධ්‍ය හරහා සංසරණය වීමෙන් බොහෝ පිරිසක් නොමග යනු ලබන්නේ එහි තාත්වික බව තීව්‍ර බැවින්. සත්‍ය කරුණු පදනම් කරගනිමින් හෝ උපකල්පනය කරමින් නිර්මාණය කෙරෙන එවන් නිර්මාණය පදනම් කරගනිමින් නොමග ගොස් ඇති ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු අනාවරණයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
ෆේස්බුක් සටහනක මිනිස් අවයව සහිත සත්ත්වයෙකු සහ පැටවුන් සිටින ඡායාරූපය සහිත සටහනක් දක්වා තිබුණා. එම සටහනේ සඳහන් වූයේ,
මිනිස් ජාන සහ සත්ව ජාන මිශ්‍ර කර නව සත්ව පරම්පරාවක් නිර්මාණය කිරීමට ජපන් රජය එරට සත්ව විද්‍යාඥයින්ට අවසර දී තිබෙනවා මෙහි අරමුණ වී ඇත්තේ මිනිස්සුන්ට අවශ්‍ය අවයව නිර්මාණය කිරීමයි. හිතන්න අනාගත ලෝකය මොන වගේ වේවිද. තව අවුරුදු 100 කින් විතර විවිධ මූණු තියෙන මිනිස් සත්තු පාර පුරා ඇවිදිනවා දැකබලාන්නට පුළුවන් වේවි. යනුවෙනි.

මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ඉහත සටහනේ දැක්වෙන කරුණු ඔස්සේ අප සිදු කළ විමර්ශනයේදී පෙනී ගියේ 2016 වර්ෂයේදී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් විසින් රෝගීන් සඳහා හිඟව ඇති බද්ධ කළ හැකි හදවත්, පෙනහළු, වකුගඩු සහ අනෙකුත් අවයව ලබා දීම සඳහා සත්ත්ව ශරීර තුළ මිනිස් අවයව වර්ධනය කිරීමට පියවර ගත් බවයි.
සූකරයන්ගේ කළල තුළට මිනිස් ප්‍රාථමික සෛල එන්නත් කරමින් සූකරයින් තුළ මිනිස් අවයව වර්ධනය කිරීම මින් අරමුණු වී තිබේ. ඒ බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.
නමුත් මානව හා සත්ත්ව විශේෂ වලින් සෛල ඒකාබද්ධ කිරීම දුෂ්කර බව සනාථ වන බවට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කළ ජාන ප්‍රකාශන රසායනාගාරයේ විද්‍යාඥයෙකු 2017 වර්ෂයේදී පවසා තිබුණේ මෙලෙසින්.
එමෙන්ම ජපන් විද්‍යාඥයින් විසින් මිනිස් – සත්ත්ව දෙමුහුන් නිර්මාණය කිරීමට ප්‍රථම වරට ජපන් රජයේ අනුමැතිය 2019 වර්ෂයේ හිමි වුණා. ඒ බවට දැක්වෙන වාර්තා මෙතනින්.
ජපන් විද්‍යාඥයින් විසින් මිනිස් සෛල මීයෙකුගේ කළලයට ඇතුළත් කර පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවට දැක්වෙන වාර්තාවක් මෙතනින්.

මෙම පරීක්ෂණ මේ වන විටත් සිදු කෙරෙන අතර මෙතෙක් සිදු කරන ලද පරීක්ෂණ වලදී මිනිස් අවයව වලට බාහිරින් හෝ සමාන පෙනුමැති සත්ත්වයෙකු බිහි වූ බවට වාර්තා නොවේ. නමුත් කෙදිනක හෝ මිනිස් ස්වරූපයට සමාන ලෙසින් මෙම සූකරියින් දවසක රසායනාගාරතුළ මෙම පරීක්ෂණ වලින් නිර්මාණය වන බවට විදඥායින් විශ්වාසය කරන බවයි මෑතකදී මේ සම්බන්ධයෙන් පළ වී තිබූ වාර්තාවක දැක්වුණේ, එම වාර්තාව මෙතනින්. මේ අනුව මෙතෙක් එවැනි සත්ත්වයෙක් බිහි වී නොමැති බවට සනාථ වේ.
එසේනම් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනේ දක්වා ඇති ඡායාරූපය කුමක්ද යන්න පිළිබඳව අපගේ අවධානය යොමු වූ අතර එම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.
ඒ අනුව මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ, දෙමුහුන් සත්ත්ව සංකල්පයට (hybrid animals) නිර්මාණය කරන ලද මූර්ති වේ. ඕස්ට්‍රේලියානු නිර්මාණ ශිල්පිනියක් වන Patricia Piccinini විසින් නිර්මාණය කරන ලද අඩක් මිනිසුන් ලෙසත් අඩක් සූකරයින් ලෙස නිමවූ සූකර මව් ඇතුළු පැටව් කිහිපයක් Patricia නම් හෝටලයේ ප්‍රදර්ශනය කර තිබේ. මේ සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින්. Archived Link
එම මූර්ති ප්‍රදර්ශනයට තබා ඇත්තේ මෙලෙසින්.

එම හෝටලයේ ඇති තවත් එවැනි මූර්ති පහතින්.

Patricia Piccinini විසින් නිර්මාණය කරන ලද මෙම මූර්තිය ඇතුළු තවත් මූර්ති පිළිබඳ ඡායාරූප මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
ඇය විසින් නිර්මාණය කරන ලද දෙමුහුන් ජීවින් ඇතුළත් මූර්ති සහ ඒ සම්බන්ධයෙන් ඇයගේ අදහස් දැක්වෙන වීඩියෝවක් මෙතනින්.
Also Read : FACT CHECK:ඊරියකගේ කුස තුළින් උපන් මිනිස් පෙනුමක් සහිත ළදරුවෙක්?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයට අනුව පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ මිනිස් ජාන සහ සත්ත්ව ජාන මිශ්‍ර කර නව සත්ත්වයෙකු නිර්මාණය කර ඇති බවට හැඟවීමට භාවිතා කළ ඡායාරූපයේ දැක්වෙන්නේ ඕස්ට්‍රේලියානු නිර්මාණ ශිල්පියෙක් වන Patricia Piccinini විසින් නිර්මාණය කරන ලද මූර්තියක් බවයි. රෝගිවූ මිනිසුනට අවශ්‍ය අවයව බද්ධ කිරීම් සැලකිල්ලට ගනිමින් සත්ත්ව ශරීර තුළ මිනිස් අවයව වර්ධනය කිරීමට සම්බන්ධයෙන් පරීක්ෂණ ජපානය අතුලු රටවල තවම සිදු කෙරෙන අතර මෙතෙක් දෙමුහුන් ලෙස රසායනාගාර තුළ නිපදවා ඇති සත්ත්වයන් බාහිරින් හෝ මිනිස් ස්වරූපයක් මෙතෙක් ලැබී නැති අතර ඉදිරියේදී මිනිස් ස්වරූපයෙන් යුතු සත්ත්ව කොටස් බිහිවෙනු බවට විද්‍යාඥයින් උපකල්පනය කරයි.

Title:මිනිස් සහ සත්ත්ව ජාන දෙමුහුන් කර උපදවා ඇති සත්ත්වයෙක්ද?
Fact Check By: Pavithra SandamaliResult: Misleading
