දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
බොහෝ දුරට සමාජ මාධ්‍ය පරිහරණයේදී සුලභව දක්නට ඇත්තේ, අසත්‍ය තොරතුරු ප්‍රචාරණය සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) යොදා ගනිමින් ඇතැම් නිර්මාණ සිදු කර ඒවා සමාජ මාධ්‍යට මුදා හැරීමයි. මේ අතර යම් සත්‍ය සිදුවීම් ද කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති බව කියමින් එය සත්‍ය වසන් කිරීම සඳහා ද භාවිත කරන අවස්ථා දැකගතහැකියි. මේ එවැනි සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාර වන වීඩියෝවට අනුව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටින්නේ, උදය ගම්මන්පිල මහතාගේ “පාස්කු ප්රහාරයේ මහ මොළකරු සොයා යෑම” කෘතිය කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවූ බවයි. අදාළ ඡායාරූප, වීඩියෝ කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඒවා බවත් එවැනි දේ වර්තමානයේ එවැනි දේ සුලභ බවටත් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කරයි.
මේ අතර ජගත් විතාන මන්ත්‍රීවරයා සිදු කළ එම ප්‍රකාශය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද මෙලෙස, මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබුණා.
මේ අතර ජගත් විතාන මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදු කිරීමට දින කිහිපයකට පෙර එම පක්ෂයේම නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ද මාධ්‍ය වේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ, විපක්ෂ නායකතුමා ගම්මන්පිලගේ ග්‍රන්ථය එළිදැක්වීමට නොගිය බවත් කෘත්‍රිම බුද්ධිය (AI) ඔස්සේ විපක්ෂ නායකවරයාගේ ඡායාරූප ඊට එක් කර ඇති බවත් ය.
නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය යොදා ගනිමින් සමාජ මාධ්‍ය සටහන් ද නිර්මාණය වී තිබුණා.

නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පදනම් කර ගනිමින් ෆේස්බුක් ඔස්සේ පළ කර තිබූ තවත් සටහන් කිහිපයක් මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්
නලින් බණ්ඩාර සහ ජගත් විතාන මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ සහ ඒ හා සබැඳිව නිර්මාණය වී ඇති සටහන්වලින් නිර්වද්‍යතාව පරීක්ෂා කර බැලීමට අප මෙලෙස පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා
මේ පිළිබඳ පරීක්ෂා කිරිමේදී අප මූලිකවම පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් “පාස්කු ප්රහාරයේ මහ මොළකරු සොයා යෑම” කෘතිය එළිදැක්වීම සිදු වූ මාර්තු 31 වැනිදා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා වෙත අවධානය යොමු කළේ ය. ප්‍රධාන ධාරාවේ රූපවාහිනී නාලිකා මෙන්ම පුවත් වෙබ් අඩවි ඇතුළු සියලුම මාධ්‍ය පාහේ එම පුවත වාර්තා කර තිබූ අතර හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම අවස්ථාවට එක්ව සිටින ආකාරය දර්ශන සහ ඡායාරූප ද සහිතව මාධ්‍ය වාර්තා කර තිබුණා.
ග්‍රන්ථය එළි දැක්වීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්ව සිටින ආකාරය දැක්වෙන දර්ශන ද සහිතව තවත් මාධ්‍ය විසින් එම පුවත මෙලෙස, මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබෙනු දැකගත හැකිවිය.
මේ අතර නිල වෙබ් අඩවි රැසක්ම ගම්මන්පිල මහතාගේ ග්‍රන්ථය එළි දැක්වීමේ අවස්ථාවට විපක්ෂ නයක සජිත් ප්‍රේමදාස මහතා එක්ව සිටින ආකාරය වාර්තා තිබූ ආකාරය මෙතැනින් සහ මෙතැනින්
නලින් බණ්ඩාර සහ ජගත් විතාන යන මන්ත්‍රීවරුන් විසින් විපක්ෂ නායකවරයා උදය ගම්මන්පිලගේ කෘතිය එළිදැක්වීම් අවස්ථාවට සහභාගී නොවූ බවත් දර්ශන සහ ඡායාරූප කෘත්‍රිම බුද්ධිය (AI) ඔස්සේ නිර්මාණය කරන ලද ඒවා බවට වන ප්‍රකාශත් සත්‍ය නොවන බව පැහැදිලි වන අතර ඒ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා අප තවදුරටත් කරුණු පරීක්ෂා කර බැලීමට පියවර ගත්තා.
සජිත් අවේ නැද්ද? උදය ගම්මන්පිල මහතාගේ ප්‍රතිචාරය
පසුගිය දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සජිත් ප්‍රේමදාස මහතා “පාස්කු ප්රහාරයේ මහ මොළකරු සොයා යෑම” කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක් නොවූ බවට මන්ත්‍රී නලින් බණ්ඩාර කළ ප්‍රකාශය සම්බන්ධව මාධ්‍යවේදීන් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතාගෙන් විමසා සිටියේ ය.
එහිදී ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තනිවම එහි නොපැමිණි බවත් උපදේශකයෙකු සහ ආරක්ෂකයින් ද සමග එහි පැමිණි බවයි. කිසියම් අයෙකුට ඒ පිළිබඳ සැකයක් පවතින්නේ නම්, විපක්ෂ නායකවරයාගෙන් ම විමසා සැක දුරු කර ගත හැකි බව ද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.
මේ අතර සිය කෘතිය එළිදැක්වීමේ අවස්ථාව පිළිබඳව උදය ගම්මන්පිල මහතා සිය ෆේස්බුක් පිටුවේ ඡායාරූප 70කට වැඩි සංඛ්‍යාවක් පළ කර තිබූ අතර එම ඡායාරූප අතර අතට අත දී විපක්ෂ නායකවරයා පිළිගන්නා අයුරු දැක්වෙන ඡායාරූපයක් ද ඇතුළුව විපක්ෂ නායකවරයා එම අවස්ථාවට සහභාගී වී සිටින අයුරු සනාථ වන ඡායාරූප කිහිපයක්ම එක ඡායාරූප එකතුවේ දැකගත හැකියි

මේ අනුව ද පැහැදිලි වන්නේ, සජිත් ප්‍රේමදාස මහතා එම අවස්ථාවට සහභාගී නොවූ බවට සහ ප්‍රකාශ අසත්‍ය බව සහ එම ඡායාරූප සහ වීඩියෝ කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඒවා බවට වන ප්‍රකාශ අසත්‍ය බවයි.
“පාස්කු ප්රහාරයේ මහ මොළකරු සොයා යෑම” කෘතිය එළිදැක්වීමේ සජීවි විකාශය
මේ අතර ගම්මන්පිල මහතා අතින් රචිත “පාස්කු ප්රහාරයේ මහ මොළකරු සොයා යෑම” කෘතිය එළිදැක්වීමේ අවස්ථාව ගම්මන්පිල මහතාගේ නිල යූ ටියුබ් නාලිකාවේ සජීවි ලෙස විකාශය කර තිබූ අතර එහි දර්ශන පරීක්ෂා කිරීමේදී ද අවස්ථා කිහිපයකදී ම සභාවේ ඉදිරි පෙළ අසුනේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අසුන්ගෙන සිටින අයුරු පැහැදිලිව දැකගතහැකියි.
විපක්ෂ නායකවරයා ගම්මන්පිලගේ ග්‍රන්ථය එළිදැක්වීමට සහභාගී වූ බව පක්ෂය තහවුරු කරයි
මේ අතර පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් රචනා කරන ලද “පාස්කු ප්රහාරයේ මහ මොළකරු සොයා යෑම” කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ බව සමගි ජනබලවේගය තහවුරු කර තිබේ. මාධ්‍ය වාර්තා කරන්නේ, මන්ත්‍රී මුජුබර් රහුමාන් ඒ බව තහවුරු කළ බවයි. මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ, ඡායාරූප කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඒවා බවට වන ප්‍රකාශ අසත්‍ය බවයි. විස්තර මෙතැනින් සහ මෙතැනින්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් රචනා කරන ලද “පාස්කු ප්රහාරයේ මහ මොළකරු සොයා යෑම” කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවූ බවට සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර සහ ජගත් විතාන විසින් සිදු කළ ප්‍රකාශ සත්‍යතාවෙන් තොර බවයි. තව ද විපක්ෂ නායකවරයා පෙනී සිටින අයුරු දැක්වෙන ඡායාරූප සහ දර්ශන කෘත්‍රිම බුද්ධිය (AI) ඔස්සේ නිර්මාණය කරන ලද ඒවා බවට අදාළ මන්ත්‍රීවරුන් සිදු කළ ප්‍රකාශ ද අසත්‍යයි.


