
සත්ත්ව හිංසනය , වන ඇලි ඇතුන් හීලෑ කර ගැනීම හා ඒ ආශ්‍රි ගැටලු පිළිබදව ලොව පුරා මෙන්ම ලංකාවේ ද පරිසරවේදීන් සහ පරිසරය පිළිබදව සැලකිල්ලක් දක්වන ජනතාව බොහෝ අවස්ථාවල හඬක් නැඟූ අවස්ථා අපට දැක ගන්නට ලැබෙනවා. ඒ නිසාම හීලෑ අලි ඇතුන් පිළිබඳව මාධ්‍ය සහ සමාජ ජාල තුළ විවිධ පුවත් මුල් කර ගනිමින් විටින් විට පුළුල් කතිකාවන් ගොඩ නැගී තිබෙනවා. මෙවැනි ඇතින්නක් පිලිබඳ මීට කලකට පෙර හුවමාරු වූ සටහන් නව අර්ථකතනයක් සමඟ නැවත වරක් හුවමාරු වෙමින් පැවති අතර ඒ පිලිබඳ අපගේ කරුණු විමසුම පහතින්.
සමාජ ජාලා සටහන් :
ඇත්ගොව්වකු විසින් කොළඹ , හුණුපිටිය ගංගාරාමයේ වෙසෙන “ගංගා”, නම් ඇතින්නියකට කෝටුවකින් පහර දෙමින් හිංසා කරන ආකාරයක් බව දැක්වෙන වීඩියෝවක් ෆේස්බුක්, WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ආකාරයක් අපට දැක ගන්නට ලැබුණා. එම් වීඩියෝවේ පසුබිම් හඬින් කියවුනේ කොළඹ ගංගාරාම පන්සලේ කොන්ක්‍රීට් බිමක දන්වැල් වලින් හිර කොට සිටින මෙම ගංගා නම් ඇතා නොයෙක් ආකාරයේ වද හිංසා පීඩා වලට ලක් වන ආකාරයකි. වර්තාමානයේ සිදුවීමක් බව හඟවමින් මැතක දී (2021 සැප්තැම්බර් මස) පළකර තිබු වීඩියෝවක් පහතින්.
එම් වීඩියෝව WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ දෙනා අතර හුවමාරු වී තිබුනේ මෙලෙසින්

ගංගා ඇතා මේ ආකාරයට වද හිංසා වලට ලක්වන්නේ දැයි කිහිප දෙනෙක් ම විමසා සිටි බැවින් මේ පිලිබඳ කරුණු සොයා බැලීමට අප යුහුසුළු වුණා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
මේ සම්බන්ධයෙන් අප කළ මූලික විමර්ශනයේදී අපට දැක ගන්නට ලැබුනේ “ගංගා” නම් ඇතින්නියට, ඇත්ගොව්වකු විසින් හිරිහැර කරමින් පහර දෙන ආකාරය දැක්වෙන මෙම වීඩියෝව මුල් වරට ෆේස්බුක් හරහා සංසරණය වී තිබුණේ 2015/16 වසරේ දී බවයි.
“Ganga gets beaten at Gangaramaya Temple, Sri Lanka” යන තේමාවෙන් 2015 වසරේ ලබාගත් බව පවසමින් 2016 පෙබරවාරි මස පළකර තිබු, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝ දර්ශන පහතින්.
කෙසේනමුත් මෙම ෆේස්බුක් පිටුවේ මෑතක දී ගංගා ඇතින්නගේ හිංසනයක් පිලිබඳ සටහන් දැක ගන්නට ලැබුනේ නැහැ. එසේම 2015 වසරේ වීඩියෝව මඟින් දැක්වෙන සිදුවීම ගංඟාරාමයේ වූ සත්‍ය සිදුවීමක් බවට පුවත් වාර්තාවලින්ද අනාවරණය වූයේ මෙලෙසින්.
එම වාර්තාවෙන් පෙන්වා දෙන ආකාරයට එම ගංගාරාම විහාරස්ථානයේ දායක සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අදාළ වීඩියෝවේ සඳහන් වූ පරිදි අලියාට අකාරුණික ලෙස පහරදුන් එම ඇත්ගොව්වා සේවයෙන් ඉවත් කළ බවයි.
2015 වසරේ සිදුවීම සම්බන්ධයෙන් පරිසරවේදී නයනක රන්වැල්ල මහතා කරුණු දක්වමින් පවසා සිටියේ, ගංගාරාම විහාරස්ථානය තුළ අලි ඇතුන් සඳහා ජීවත්වීමට සුදුසු වටපිටාවක් නොමැති බවයි. “ගංගාරාම විහාරස්ථානයට පැමිණෙන අලි ඇතුන් කොන්ක්‍රීට් බිමට යොදා සකස් කරන ලද කුඩා ඉඩ පරාසයන් තුළ ඉතා අපහසුවෙනුයි ජීවත් වෙන්නේ.ඒ කුඩා කුටි වල ඔවුන්ට හුස්ම ගැනීමට පවා අපහසුයි.අලි ඇතුන් නෑවීම සදහා සුදුසු ඉඩ කඩක් එම පන්සලේ නැහැ.” යනුවෙන් ද ඔහු පැවසුවා.
ගංගාරාම විහාරාධිපති
කෙසේනමුත් 2015 වර්ෂයේ සංසරණය වූ මෙම වීඩියෝ නැවතත් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බැවින් එම ඇතින්නගේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා අප ගංගාරාම විහාරාධිකාරී, ආචාර්‍ය කිරින්දේ අස්සජි හිමියන්ව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත්තා. උන්වහන්සේ පැවසුවේ, මෙම වීඩියෝව ගංගාරාම විහාරස්ථානයේ වූ සත්‍ය සිදුවීමක් වුවද එමඟින් මෙම ඇතින්නියගේ වත්මන් තත්ත්වය කිසිසේත් නිරූපණය නොවන බවයි.
මෙම පහරදීමේ සිද්ධියට සම්බන්ධ ඇත්ගොවුවාව සිද්ධිය හෙළිවූ මුල් දිනවලම සේවයෙන් ඉවත් කරනු ලැබූ බව අවධාරණය කරමින් අස්සජි හිමියන් තවදුරටත් සඳහන් කර සිටියේ, 2015 වසරේ දී එසේ සේවයේ නෙරපා දැමු ඇත්ගොව්වා පවසා තිබුණ ආකාරයට කිසියම් පිරිසක්, ඇතින්න විවිධ ඉරියව්වලින් සිටින ලෙස වීඩියෝ ගත කිරීමට ඔහුට මුදල් ලබාදී තිබු අතර ඒ සඳහා ඇතින්නට මෙසේ පහර දී තිබු බවයි.
උන්වහන්සේ වැඩිදුරටත් පැවසූවේ, දැනට වසර ගණනාවක සිටම මෙම ඇතින්න ජීවත් වන්නේ අකුරැස්ස ප්‍රදේශයේ අක්කර ගණනක් විශාල වත්තක වන බවයි. එමෙන්ම එහි ඇතාට අවශ්‍ය ආහාරපාන මෙන්ම ඉඩකඩ සහ නිදහසද අවශ්‍ය ප්‍රමාණයට ඇති බවත්, ඇතින්න මුල් කාලයේ ගංගාරාම විහාරස්ථානයේ වැඩි වශයෙන් ජීවත් වූ බව සත්‍යක් නමුත් දැන් වසරේ වැඩි කාලයක් ගත් කරන්නේ අකුරැස්ස ප්‍රදේශයේ ඉහත සඳහන් කළ වත්තේ බවයි උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ.
අස්සජි හිමියන් හරහා අපට දැන ගන්නට ලැබුණේ ඇතින්නියගේ භාරකාරත්වය උසුලන්නේ අකුරැස්ස ඌරුමුත්ත රජ්ජුරු බණ්ඩාර දේවාලය බවත් මේ වන විට එම දේවාලය සම්බන්ධව කටයුතු කරන්නේ අමරදේව මල්වත්ත මහතා බවයි. එබැවින් අප ඒ මහතාගෙන් ද ගංගා ඇතින්න සම්බන්ධයෙන් විමසූ අතර ඒ මහතා සඳහන් කළේ, ඇතින්න ඉතාම සුවසේ අකුරැස්ස ඌරුමුත්ත වත්තේ ජීවත් වන බවයි. අප Google Maps ඔස්සේ ද එම ස්ථානය පරීක්ෂා කිරීමේ දී වනගත ප්‍රදේශයක් පවතින බව දැක ගන්නට ලැබුණා.
ගංගා ඇතින්නගේ වර්තමාන ඇත්ගොව්වා
ඇතින්නියගේ වත්මන් ඇත්ගොව්වා ලෙස කටයුතු කරන රුමේෂ් ව ද ඔහු හරහා සම්බන්ධ කර ගැනීමටද අපට හැකිවුණා. ඔහු සඳහන් කළේ, මෙලෙසින්.
“මම මෙම ඇතින්නගේ ඇත්ගොව්වා ලෙස කටයුතු කිරීමට පටන් අරන් දැනට වසර 5ක් ගතවෙනවා.මෙතෙක් ඇතින්නගේ ප්‍රචණ්ඩ හැසිරීමක් දැක නැහැ.ඇතින්න හික්මවීම සඳහා අනවශ්‍ය ලෙස බලය යෙදවීමට සිදුව නැහැ. දිවා කාලයේ දෙපා වලට දම්වැල් යෙදීමකින් තොරව ඇතින්න නිදහසේ හැසිරෙනවා. අක්කර සිය ගණනක වත්ත තුල නිදහසේ හැසිරෙමින් කෑම සොයාගෙන කනවා.”, යනුවෙන්.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඇතින්න මාතර අකුරැස්ස ප්‍රදේශයේ වත්තෙන් බැහැරව යන්නේ පෙරහැර කාලයට පමණක් බවයි. එනම්, නුවර පෙරහැර, බෙල්ලන්විල පෙරහැර පවතින කාලයට අදාළ පන්සල් වල නවතින අතර එලෙසින්ම ගංගාරාම පෙරහැර කාලයේ දී ගංගාරාම පන්සලේ මසක පමණ කාලයක් නවතිනවා යනුවෙනි.
ගංගාරාම පන්සල අවට වඩා ඉඩක් පවතින භූමියක ගංගා ඇතා කොළඹට පැමිණි අවස්ථාවල නිදහසේ සිටීම සඳහා භූමියක් ද විහාරාධිපති හිමි විසින් සුදානම් කරමින් සිටින බව ද පවසමින් ඇතින්නගේ වර්තමාන තත්ත්වය පිළිබඳ තවදුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ගංගා ඇතින්නගේ ඡායාරූප කිහිපයක් මෙම ඇත්ගොව්වා අපට ලබාදුන්නා. එම ඡායාරූප එකතුව පහතින්.

2019 වර්ෂයේ සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍රයේදී කොළඹ ගංගාරාම විහාරස්ථානය, ගංගා ඇත්පැටවාට හිසතෙල් ගැල්වීමේ අවස්ථාවක් මෙතනින්. ගංගාරාමයේ ගංඟා ඇත් පැටවා සහා අලුත්ගම කන්දෙ විහාරයේ කුමාරි ඇතින්න සිටින වීඩියෝවක් මෙතනින්.
කෙසේනමුත් ගංගා මෙන්ම සියලු අලි ඇතුන්ගේ නිදහස වෙනුවෙන් හඬ නඟන සංවිධානයක් විසින් පවත්වාගෙන යනු ලබන “2 Million Letters for Ganga” යන අවකාශයේ මෙම ඇතා ගැන දිගු විස්තරයක් දක්වා තිබු අතර චෝදනා කර තිබුනේ තවදුරටත් විශේෂයෙන්ම පෙරහැර සමයේ දී මෙම ඇතින්න දම්වැල් දමා විවිධ හිංසනයන්ට ලක්වන බවක්.
අලි ඇතුන් සම්බන්ධයෙන් නිරතුරුවම තොරතුරු පල කරනු ලබන Voice For Elephants Sri Lanka සංගමයේ සභාපති අශාන් දර්ශක මහතා ව මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමටත් අප සම්බන්ධ කර ගත්තා. ඒ මහතා ද පවසා සිටියේ ගංගා මෙන්ම තවත් අලි ඇතුන් කිහිප දෙනෙකුගේම පැරණි වීඩියෝ දර්ශන කිහිපයක් ම පසුගිය දින කිහිපයේ දී ම හුවමාරු වී තිබු බවයි. තමන් දන්නා තරමින් ගංගා ඇතා හොඳ තත්වයක වර්තමානයේ සිටින බවත් ඒ මහතා පවසා සිටි අතර මෙවැනි මේ ආකාරයේ ඇතුන් සඳහා කිහියම් හිංසනයක් සිදුවන්නේ නම් සිය ෆේස්බුක් පිටුව වෙත දැනුම් දෙන ලෙස සටහනක් තැබූ බව ද ඒ මහතා පවසා සිටියා. මේ පිලිබඳ කිසිඳු හෝ තොරතුරක් ලැබුණහොත් අපට දැනුම්දීමට කටයුතු කර සිටින බවටත් ඒ මහතා පවසා සිටියා.
මෙසේ ගංගා ඇතින්නගේ මෙන්ම වෙනත් ඇතුන් හිංසනයට ලක්වන පැරණි වීඩියෝ හුමාරු වීමට හේතුව පසුගිය දා පින්නවල සහ උඩවලව සිටි අලි ඇතුන් 16 දෙනෙක් පසුගිය දා මුල් අයිතිකරුවන් ට ලබාදීමට රජය ගත් තීරණය බව අනුමාන කල හැක. එම පුවත මෙතනින්. මෙම තීරණයට විරුද්ධව පරිසර සංවිධාන දරූ උත්සාහය ව්‍යර්ථ වූ බව දක්වමින් පළවූ පුවතක් මෙතනින්
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
අප සිදුකල ගවේෂණය අනුව පැහැදිලි වන්නේ, 2015 වසරේ දී ගංගාරාම විහාර භුමිය තුළ දී එකල ඇත්ගොව්වා විසින් ගංගා ඇතින්නට වධහිංසා පමුණුවන බවට පළ වූ වීඩියෝව සත්‍යක් නමුත් එම සිදුවීම නැවතත් මේ දිනවල ෆේස්බුක් ඔස්සේ සංසරණය වීම හේතුවෙන් මෑතකදී වූ සිදුවීමක් ලෙස පෙන්වීමට උත්සහ දරා ඇති බවයි. එම සිදුවීමෙන් පසුව ඇත්ගොව්වා සේවයෙන් පහ කර තිබු අතර ගංගා ඇතින්න දැනට වසර කිහිපයක සිට වසරේ වැඩි කාලයක් වෙසෙන්නේ අකුරැස්ස පිහිටි ඌරුමුත්ත වත්තේ වෙනත් ඇත්ගොව්වෙක් යටතේය. මැතක දී ගංගා ඇතින්න ට මේ ආකාරයේ හිංසනයක් සිදුවීම සම්බන්ධයෙන් වාර්තා වී තිබෙනු දැක ගන්නට ලැබුනේ නැති අතර පින්නවල සහ උඩවලව සිටි අලි ඇතුන් 16 දෙනෙක් පසුගිය දා මුල් අයිතිකරුවන් ට ලබාදීමට රජය ගත් තීරණයත් සමඟ මේ ආකාරයේ පැරණි වීඩියෝ කිහිපයක් ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරැ වීමේ ප්‍රවණතාවක් ද දැක ගන්නට ලැබෙනවා.

Title:ගංගාරාම විහාර භුමියේ දී ගංගා ඇතින්න මේ දිනවල හිරිහැරයට ලක්වන ආකාරයක් ද?
Fact Check By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,