තමන් සමාජයේ කුමන තරාතිරමක ජීවත් වූවත් නිසි අධ්‍යාපන‍යක් ලැබීමේ වටිනාකම මනාව පිළිඹිඹු වන සිදුවීමක් විදේශීය රටකින් වාර්තා වී තිබෙනවා. එනම් මූල්‍ය ආයතනයක ආරක්ෂක නිලධාරියෙකු එහි කාර්ය මණ්ඩලයේ තනතුරුක රැකියාවක් ලැබීමට සමත් වීමයි. සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පුවත සම්බන්ධයෙන් වාර්තා කර තිබූ ඇතැම් කරුණු නොමග යවන සුළු වූවා. ඒ හේතුවෙන් මෙහි සත්‍ය කරුණු සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

තම බැංකුවේ ආරක්ෂක බටයා උපාධි දාරියෙකු බව දැනගත් බැංකු අධිපතිවරයා ඔහුව දිරිමත් කර බැංකු කළමණාකාර තනතුරට තෝරා ගැනීමට අදාළ සුදුසුකම් ලැබීමේ විභාගයට පෙනී සිටීමට අවසර දුන අතර එහිදී ඔහු වැඩිම ලකුණු ලබා පළමු ස්ථානය ලබා ගත් අතර සිකුරාදා ආරක්ෂක බටයා ලෙස ඔහු එම බැංකුවේම සඳුදා කළමනාකරු ලෙස පත්විය. හැකියාවට තැන දෙන නිවැරදි නායකයන් ලොව පුරාම පහල වේවා අපේ පැතුමයි යනුවෙන් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

Facebook | Archived Link

මෙම සටහන මේ වන විට 13,000ට අධික ප්‍රමාණයක් ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය කරගෙන තිබුණා.

මෑතකදී මෙම සටහන සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන් සඳහා දක්වා තිබූ ඇතැම් ප්‍රතිචාර ඔස්සේ ගම්‍ය වූයේ මෙම සිදුවීම විය නොහැක්කක් බවට ඇතැමුන් උපකල්පනය කර ඇති අතර ඉතා අඩු දින ගණනක් එනම් දින දෙකකින් කළමණාකරු ලෙස පත් වූවාද යන්න පිළිබඳව නොපැහැදිලි බවකි. ඒ හේතුවෙන් මේ පිළිබඳව වැඩිදුර කරුණු සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.

අප ප්‍රථමයෙන්ම මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එම සිදුවීම සම්බන්ධයෙන් වාර්තා පළ වී තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. මෙම සිදුවීම වාර්තා වන්නේ නයිජීරියාවෙනි.

එම විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව, Ayomide Babalola-mr Flow නමැති බැංකු නිලධාරියෙකුගේ ෆේස්බුක් ගිණුම දක්වා ඇති ඡායරූපයක් සහ සටහනක දක්වා ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කර තිබුණා.

එම සටහනට අනුව, Ayomide Babalola-mr Flow පුද්ගලයා විසින් THE ONE WEEK MIRACLE එනම් සතියකින් සිදුවූ හාස්කමක් යනුවෙන් සඳහන් කරමින් පවසා තිබුණේ, ඔහු 2015 වසරේ දී මූල්‍ය ආයතනයක රැකිවාවේ නියුතු පළමු දින සිට IDRIS නමැති ආරක්ෂක නිලධාරියාගේ ක්‍රියාකලාපය නෙත ගැටුණු බවත් ඔහුගේ බුද්ධිමත් බව හා කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සඳහා ඔහු දැක්වූ දක්ෂතාවය හා හමුදාමය ආචාරය හේතුවෙන් අවධානය දිනා සිටි බවයි.

ඉන් අනතුරුව මාස කිහිපයකට පසු, IDRIS ඔහුව හමුවන ලෙස ඉල්ලා සිටි අතර එහිදී සඳහන් කර ඇත්තේ, ඔහු සහතික පත්‍ර මාලාවක් අවසන් කර කර ඇති බවත් විශ්ව විද්‍යාල උපාධි පාඨමාලාව (අර්ධ කාලීනව - part time) බොහෝ දුරට අවසන් කර ඇති බවයි. ඔහු ගැන පුදුම වූ අතර IDRIS ගැන සතුටු වෙමින් ඔහුව දිරිමත් කළ බවත් එහි දැක්වෙනවා.

ඉන් පසුව 2019 වර්ෂයේදී එම ශාඛාවේම ඉහළ නිලධාරියෙකු වෙනත් දෙපාර්තමේන්තුවක් වෙත මාරු කිරීමෙන් අනතුරුව IDRIS නමැති ඉහත සඳහන් කළ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පුද්ගලයා, Ayomide Babalola-mr Flow වෙත පැමිණ පවසා ඇත්තේ, එම හිස් වූ තනතුර සඳහා තමන් සුදුසුකම් සපුරා ඇති බවත් ඊට ඔහු උනන්දුවක් දක්වන බවයි.

Ayomide Babalola-mr Flow සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ, මේ පිළිබඳව ඔහුගේ උනන්දුව වැඩි වූ අතර විශේෂයෙන් සිය කණ්ඩායමේ සාමාජිකයින්ගේ සංවර්‍ධනය තමන්ට වටිනා බවයි.

ඒ අනුව, Ayomide Babalola-mr Flow මැදිහත් වී , එම තනතුරේ පුරප්පාඩුවට බඳවා ගැනීමේ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී එම තනතුරට අදාළ යෝග්‍යතා පරීක්‍ෂණය නියම කොට, සම්මුඛ පරීක්‍ෂණයක්ද සිදු කර IDRIS එම පරීක්ෂණවලට සාර්ථකව මුහුණ දීමෙන් අනතුරුව සතියක් ඇතුළත රැකියා පිරිනැමීමේ ලිපිය භාර දී තිබෙනවා.

2020 ජනවාරි මාසයේදී සිකුරාදා දිනක ආරක්‍ෂක නිලධාරියෙකු ලෙස IDRIS ඔහුගේ අවසන් දිනයේ සහ ඊළඟ සඳුදා ශාඛාව තුළ ඔහුගේ පළමු දිනය ලෙස ඡායාරූපයක් ද ගෙන එය සිය සටහනට එක් කර තිබුණේ මෙලෙසින්.

මෙම සිදුවීම් වලින් පසුව වෙනත් තැනකට අනුයුක්ත වූ Ayomide Babalola-mr Flow නැවත වරක් 2020 සැප්තැම්බර් මස සිය පැරණි ශාඛාවට පැමිණි අවස්ථාවේ දී IDRISගේ වත්මන් ඉහළ නිලධාරියා (Supervisor) ඔහු පිලිබඳ ප්‍රශංසා කර තිබූ අතර ඔහුගේ අනුමැතිය ද ඇතිව මෙම සටහන 2020 සැප්තැමබර් මාසයේ දී පළකර තිබුනේ මෙලෙසින්

Archived Link

නමුත් මෙරට සංසරණය වී තිබූ සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබු පරිදි බැංකු කළමණාකරුවෙකු ලෙස ආරක්ෂක නිලධාරියා පත් වූ බව හෝ ඔහු වැඩිම ලකුණු ලබා ගත් බවක් ඉහත සටහනේ සඳහන් කර නොතිබුණි. එසේම පුරප්පාඩු වූ තනතුර සඳහා තමන් සුදුසුකම් ලබා ඇති බවත් තම උපාධිය ලබා ඇති බවත් ඇතුළු කරුණු පිළිබඳ Ayomide Babalola-mr Flow ඉහළ බැංකු නිලධාරියා වෙත IDIRIS කිහිප වතාවකදී ම දැනුම් වී තිබුණු අතර මෙරට හුවමාරු වූ සටහන් වල එම විස්තරය දැක්වෙන්නේ ද නැත.

මෙම සිද්ධිය හරහා ලබාගත් හැකි පාඩම් කිහිපයක් ද Ayomide Babalola-mr Flow බැංකු නිලධාරියා සිය ඉහත ෆේස්බුක් ගිණුමේද සඳහන් කර තිබුණේ මෙලෙසින්,

👍Be ready to take the bulls by its horns sometimes. If he didn't approach me to inform me of his academic qualifications and his interest in the vacancy, I would never have considered him. ”

(දුෂ්කර තත්වයක් සමඟ ඇතැම් අවස්ථාවලදී ඉතා සෘජු ආකාරයකින් කටයුතු කළ යුතුය: IDIRIS ඔහුගේ අධ්‍යයන සුදුසුකම් සහ පුරප්පාඩුව සඳහා ඇති උනන්දුව ගැන මට දැනුම් දීමට ඔහු මා වෙත පැමිණියේ නැත්නම්, මම ඔහුව කිසි දිනෙක සලකා බලන්නේ නැත)

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Avatar

Title:ආරක්ෂක නිලධාරියාට බැංකුවේ ඉහළ තනතුරක් ලබා දුන් පුවතේ සත්‍ය කතාව!

By: Pavithra Sandamali

Result: Explainer