
මහත් හරසරන් යුතුව ඊයේ දිනයේදී විවෘත කළ “ කල්‍යාණි රන් පිවිසුම” හෙවත් නව කැලණි පාලම කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින අධික රථවාහන තදබදය අවම කිරීම අරමුණු කරගෙන නව තාක්ෂණය යොදා ගනිමින් අධිවේගී මාර්ග තුනක් යා කරමින් ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරුණු පාලමයි. අද වන විට මෙම නව පාලම වසා දමා ඇති බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ඔස්සේ මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
ජනපති අතින් ඊයේ(24) දිනදී විවෘත කරනු ලැබූ නව කැළණි පාලම අද වන විට වසා දමා ඇති බවට සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.



නව කැලණි පාලම මතින් සාමාන්‍ය පරිදි ගමනාගමනයේ යෙදීමට රියදුරන්ට තවම අවසර ලැබී නොමැති බවටි ඇතැම් වාර්තා වල පෙන්වා දී තිබුණේ. ඒ බවට පළ වූ වෙබ් පුවතක් මෙතනින්. Archived Link
Explanation (කරුණු පැහැදිලි කිරීම)
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැළණි පාලම හෙවත් “කල්‍යාණි රන් පිවිසුම” මහත් හරසරින් ඊයේ (24) දිනයේදී ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. එම අවස්ථාවේ වීඩියෝවක් පහතින්.
කෙසේ වෙතත් අද දිනයේදී ඇතැම් ෆේස්බුක් සටහන් පෙන්වා දී තිබුණේ, නව කැලණි පාලම වසා දමා ඇති බවයි. මේ හේතුවෙන් නව පාලමේ අද්දැකීම විඳගැනීමට අද උදෑසන බොහෝ දෙනෙකු උත්සාහ කිරීම නිසා පෑළියගොඩ ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද ඇති වී තිබුණ බවට පුවත් වාර්තා පෙන්වා දෙනවා. එම පුවත් වාර්තා මෙතනින් සහ මෙතනින්.
මේ සම්බන්ධයෙන් විමසීමට නව කැලණි පාලම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා වරලත් ඉංජිනේරු දර්ශිකා ජයසේකර මහත්මිය සම්බන්ධ කර ගත් අතර ඇය සඳහන් කළේ, ඊයේ දින පැවැත්වූ සමාරම්භක උත්සවයින් අනතුරුව මාර්ගය පිරිසිදු කිරීමෙන් පසු සාමාන්‍ය ජනයාට නව කැලණි පාලම විවෘත වන බවයි. අද සවස 3 පමණ වන විට නැවත නව කැලණි පාලම විවෘත කිරීමට උපරිමෙන්ම උත්සහ කරන බව ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.
නව කැලණි පාලම විවෘත කිරීමට පෙර දිනයේදී එනම් පසුගිය 23 වන දා දෙරණ On Topic with Hasitha Wijewardena වැඩසටහනේදී එහි නිවේදක හසිත විජේවර්ධන විසින් කැලණි පාලම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා වෙත පැනයක් යොමු කරමින් විමසුවේ මහජනතාවට ගමනාගමනය කිරීමට අවසර ලැබෙන්නේ කවදාද යන්නයි. ඊට පිළිතුරු ලබා දෙමින් ව්‍යාපෘති අධ්‍යක්ෂකවරිය පවසා සිටියේ සමාරම්භක උළෙලින් දිනකට පසුව ඒ සඳහා අවස්ථාව හිමි වන බවයි. එම වීඩියෝව පහතින්.
එමෙන්ම අප මහාමාර්ග අමාත්‍යාංශයෙන්ද විමසීමක් කළ අතර ඔවුන් පවසා සිටියේ, ඊයේ දිනයේ උත්සවයෙන් පසු මාර්ගය හා එම ස්ථානය පිරසිදු කිරීමට නව කැලණි පාලම වසා ඇති බවත් අද සවස 3 පමණ වන විට නැවතත් එම මාර්ගය විවෘත කිරීමට හැකි වන බවයි.
අද සවස 3ට මාර්ගය විවෘත වන බවට පළ වූ පුවතක් සහ මෙතනින්.
කිලෝමීටර් 3 ක පමණ දිගකින් යුක්ත නව කැලණි පාලම ව්‍යාපෘතිය හුවමාරු මධ්‍යස්ථාන හා ප්‍රවේශ මාර්ග සහිත මංතීරු 6 කින් සමන්විත වේ.ඒ සඳහා ජපන් අන්තර්ජාතික සහයෝගීතා ආයතනයේ (JICA) ණය ආධාර මත හා ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහාය මත සිදු කෙරෙනවා. මේ සඳහා රජය අත් කරගෙන ඇති මුළු භූමිය හෙක්ටයාර 12.9ක් වන අතර නව පාලම ක්‍රියාකරනුයේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා කුළුණු මත ඉදිවන මාර්ග ව්‍යාපෘතිවල සම්බන්ධක පාලම ලෙසයි. මේ පිළිබඳ පුවත් වාර්තාවක් මෙතනින්.
Update :
නව කැලණි පාලම 25 වන දින සවස 3.00 පමණ වන විට මහජනතාවට භාවිතය සඳහා නැවත විවෘත කිරීමෙන් පසු මහමාර්ග අමාත්‍යවරයා එම අවස්ථාවට එක්වෙමින් දැක්වූ අදහස් පහතින්.
Read more : Explainer: නව කැලණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්!
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
