වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගනිමින් අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් සමාජ ජාලා හරහා විටින් විට පැතිරෙනවා. විශේෂයෙන්ම ඔහු විසින් මැතිවරණ සමයේ දී සිදුකළ ප්‍රකාශ යනුවෙන් හුවමාරු වන ව්‍යාජ පුවත් ටිකර් සංස්කරණ ඒ අතර බහුවලව දක්නට ලැබෙනවා. මේ, එවැනි කාලයක් තිස්සේ හුවමාරු වූ සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන්

“මා සුනකයෙක් මෙන් ඔබලාගේ පස්සෙන් එනවා”, ලෙස විපක්ෂනායකවරයා ජනතාව ඇමතූ අවස්තාවක දී ප්‍රකාශ කළ බවක් හඟවමින්, එම පුවත හිරු පුවත් මගින් වාර්තා කළ ආකාරයක් දැක්වෙන සේ, උපහාසාත්මක කෝණයෙන් පළවූ සමාජ ජාලා සටහන් පෙළක් නැවත වරක් පසුගිය දින කිහිපයේ දී හුවමාරු වී තිබුණා. එවැනි සටහනක් පහතින්.

Facebook | Archived

මීට වසර කිහිපයකට පෙර සිට මෙවැනි සටහන් හුවමාරු වන ආකාරයක් ද අපට දැකගන්නට ලැබුණා. 2019 ඔක්තෝබර් මාසයේදී පළවී තිබු මෙවැනි සටහනකට සහ 2021 වසරේ ප්‍රචාරය වූ මෙවැනි සටහනකට පිවිසීම මෙතනින් සහ මෙතනින්. Archived & Archived .

Also Read: විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසේ ඡායාරූපයක් ද?

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

අප මුලින්ම සොයා බැලුවේ සැබැවින්ම හිරු පුවත් හරහා මෙවැනි පුවත් ටිකරයක්, ඔවුන්ගේ පුවත් විකාශයක් අතර තුර දී පළවී තිබුණි ද නැතහොත් මෙම සංස්කරණය සඳහා මුල් වූ අවස්ථාව කවරේ ද යන්න පිළිබඳවයි.

සමාජ මාධ්‍ය සටහන් 2019 ජනපතිවරණ මැතිවරණ සමයේ සිටම හුවමාරු වී තිබු බැවින්, එම අවධියේ හිරු පුවත් පරීක්ෂා කිරීමේ දී අපට මෙම සටහන් සංස්කරණය කිරීම සඳහා යොදාගෙන තිබු මුල් පුවත පළවූ අවස්ථාව ද සොයා ගැනීමට හැකි වුණා.

2019 ඔක්තෝබර් 18 දින විකාශය වූ හිරු 6.55 ප්‍රවෘති ප්‍රකාශයේ සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ රැළියක් අමතමින් සිටි අවස්ථාවක පුවතක් පිලිබඳ පළවූ පුවත් ටිකරයක් (news ticker) සංස්කරණය කිරීමෙන් මෙම ව්‍යාජ සටහන් නිර්මාණය කර තිබු බව අපට පෙනී ගියා. එසේ ජනතාව අමතන අවස්ථාව පහත වීඩියෝවේ 23 වන සහ 24 අතර දැක ගන්නට ලැබුණා.

https://youtu.be/RNn64_-r_ps?t=1419

එම අවධියේ දී ජනාධිපතිධූර අපේක්ෂකයෙක් ලෙස අනුරාධපුර මිහිදුපුර ක්‍රීඩාංගණයේ දී සිදු කල කතාවකින් ඉහත කොටස ලබාගෙන තිබු අතර එහිදී සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබුනේ තමන් ජනාධිපති ධූරයට පත්වූ පසු ජනාධිපති ධූරය සතු වරප්‍රසාද /පහසුකම් කප්පාදු කරන බව සහ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ දුක සැප සොයා බලන බවයි.

උපහාසාත්මක කෝණයෙන් සංස්කරණය කරන ලද කොටස සහ සැබෑ හිරු පුවත් සේවයේ පළවූ පුවත් ටිකරය අතර සංසන්දනය කිරීමක් පහතින් .

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂනායක මාධ්‍ය අංශය ද පවසා සිටියේ විපක්ෂනායකවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් කිසිවිටෙකත් සිදු කර නොමැති බව සහ මෙය කාලයක් තිස්සේ සමාජ ජාලා හරහා පැතිරෙන ව්‍යාජ සටහනක් බවයි.

2019 සහ 2020 මැතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ බවට පුවත් ටිකර් සංස්කරණ රැසක් පලවී තිබු අතර අප එම අවධියේ දී මෙන්ම මීට පෙර ද අවස්ථා කිහිපයක දී ද අප ඒ සම්බන්ධයෙන් විමර්ෂණ සිදුකර තිබුනේ මෙලෙසින්.

Also Read: සජිත් ප්‍රේමදාස මහතා අලලා උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

සජිත් ප්‍රේමාදාස මහතා විසින් සිදුකරන ලදැයි දැක්වෙන සාවද්‍ය ප්‍රකාශ කිහිපයක්..

අඳ ගොවීන් සම්බන්ධයෙන් ජනාධිපති සහ විපක්ෂ නායක විසින් සිදු කළ ප්‍රකාශයක්ද?

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වූයේ විපක්ෂනායකවරයා විසින් තමන් සුනඛයෙක් ලෙස ජනතාව පසුපස එන බවක් පැවසු බව දැක්වෙන අයුරින් හුවමාරු වන්නේ උපහාසාත්මක කෝණයකින් සිදුකළ පුවත් ටිකරයක සංස්කරණයක් බවයි.

Avatar

Title:සුනඛයෙක් මෙන් ජනතාවගේ පස්සෙන් එන බවට සජිත් පැවසුවා ද ?

Fact Check By: Kalana Krishantha

Result: Altered