දෛනික ජන ජීවිතයේ බොහෝ ක්‍රියාකාරම් සිදුකරගෙන යෑමේ අසීරුතා මධ්‍යයේ මේ දිනවල රජයට එරෙහි උද්ඝෝෂණ ප්‍රදේශ රැසක දක්නට ලැබෙනවා. මේ අතර පසුගිය දා ජනපති නිවස ආසන්නයේ පැවැත්වූ උද්ඝෝෂණයට බොහෝ පිරිසක් සහභාගී වූ අතර කලහකාරී හැසිරීම් ද දක්නට ලැබුණා. මෙවන් පසුබිමක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නව උද්ඝෝෂණයකට පැමිණි අවස්ථාවේදී ජනතාව විසින් එළවා දැමූ බව සදහන් කරමින් වීඩියෝවක් සමාජ ජාලා හරහා පැතිරෙනවා .කෙසේ වෙතත් අප විසින් සිදු කළ ගවේෂණයේදී තහවුරු වූයේ අදාළ වීඩියෝව පැරණි සිදුවීමකට සම්බන්ධ වීඩියෝවක් වන බවයි.

සමාජ ජාලා සටහන්

උද්ඝෝෂණයකට සම්බන්ධ සිදුවීමක් හා සබැදි වීඩියෝවක් ලෙස පළකරමින් එය චතුර සේනාරත්නව මේ පසුගිය දා පැවති උද්ඝෝෂණයකින් එලවා දමන අවස්ථාවක් ලෙස සදහන් කරමින් පැතිර ගියේ “උද්ඝෝෂණයට ආ චතුර ගෙදර පන්නයි” යන ශිර්ෂ පාඨය සහිතවයි.

https://vimeo.com/695139476

Facebook

එම වීඩියෝවම තවත් ෆේස්බුක් පරිශීලකයෙක් විසින් එක්කර තිබුණු ආකාරය මෙතනින් සහ මෙතනින්. තවත් අවස්ථා කිහිපයක් පහතින්

එමෙන්ම චතුර සේනාරත්න අප්‍රේල් 3 උද්ඝෝෂණයට සහභාගී වන බවට සදහන් කරමින් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් ලෙස හැගී යනසේ ෆේස්බුක් පෝස්ට් එක්කර තිබුණේ මෙලෙසින්.

Facebook

මෙවැනි සටහන් ෆේස්බුක් අවකාශයේ විසිර පැවතියේ මෙලෙසින්.

එවැනි වීඩියෝ පටද ෆේස්බුක් වල තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීමට අපට හැකිවුණා.

https://vimeo.com/695211286

Facebook

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

අප විසින් මුලින්ම විමසා බැලුවේ චතුර සේනාරත්නව මේ ආකාරයට මේ දිනවල පවත්වන උද්ඝෝෂණයකින් එලවා දැමූ බවට ප්‍රධාන පෙළේ මාධ්‍ය මගින් වාර්තා කර ඇතිද යන කාරණයයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා කර නොමැති බවයි.

ඉන් අනතුරුව අප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ රූප රාමු Reverse Image සේවුමකට යොමු කළ අතර එහිදී මෙහි මුල් වීඩියෝව හා සබැඳි සිදුවීම 2018 වසරේ ඔක්තෝබර් මස 26 වැනිදා රූපවාහිනී සංස්ථාව ආශ්‍රිතව ඇතිවූ සිදුවීමක් වන බව දැක ගන්නට ලැබුණා

ඒ සම්බන්ධයෙන් 2018 ඔක්තෝබර් 27 දින “රූපවාහිනියට යන්න ගිය ගිය මන්ත්‍රී චතුර සේනාරත්න හූ හඬ මැද්දේ පසු බසියි” යන තේමාවෙන් හිරු පුවත් සේවය මඟින් පළකර තිබු ෆේස්බුක් වීඩියෝවක් පහතින්.

2018 ඔක්තෝබර් මස රුපවාහිනී පරිශ්‍රයේ දී මෙසේ චතුර සේනාරත්න වෙත පරුෂ වචනයෙන් බැන වැදී තිබු ආකරය දක්වන, මේ දිනවල සිද්ධියක් ලෙස හුවමාරු වන සිදුවීම ඇතුලත් වීඩියෝ කොටස ද සහිතව මාධ්‍යවේදී චතුර අල්විස් එම අවධියේ දී පළකර තිබු සටහනක් මෙලෙසින්

2018 ඔක්තෝබර් මස 26 වනදා එවකට ජනපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන විසින් එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව, අගමැති ධූරයෙන් නෙරපා හැර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතාව, අගමැති ධූරයේ දිවුරුම් දීමට කටයුතු කළා. මෙම සිදුවීම සිදු වන අවස්ථාවේ, ජනපතිගේ මෙම තීරණයට එරෙහිව තම මතය ජනතාවට දැනුම් දීම සදහා එවකට අමාත්‍යවරුන්ව සිටි මංගල සමරවීර ,රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි චතුර සේනාරත්න රූපවාහිනී පරිශ්‍රයට ඇතුල් වීමට උත්සාහ කළා. කෙසේ වෙතත් එහි සිටි පිරිසකගේ විරෝධය නිසා ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත්වීමට සිදු වුණා. මේ දිනවල ප්‍රචාරණය වන වීඩියෝව එම අවස්ථාවේදී ලබාගත් එකක් .

ඒ සිදුවීම් පෙළ සම්බන්ධයෙන් පළව තිබුණු මාධ්‍ය වාර්තාවක් මෙතනින්. Archived තවත් පුවත් වර්තාවක් පහතින්

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චතුර සේනාරත්න මහතා අපට පවසා සිටියේ තමා මේ දක්වා පසුගිය දින කිහිපයේ දී පැවති උද්ඝෝෂණ සඳහා තමා සහභාගී නොවූ බවයි

අප විසින් චතුර සේනාරත්නගේ ෆේස්බුක් පිටුවේ සමාජ ජාලා සටහනේ ආකාර මෙවැනි සටහන් ඇද්දැයි නිරීක්ෂණය කළා.එහිදී අපට දැකගන්නට ලැබුණේ ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සමාජ ජාලා සටහනේ ආකාරයේ සටහන් නොමැති අතර එහි අවසන්පෝස්ට් එක්කර තිබුණේ 2020 මහ මැතිවරණ සමයේ වන බවයි.

චතුර සේනාරත්න මහතාගෙන් මේ පිළිබදව විමසීමේදී ඔහු පැවසුවේ මෙවැනි සටහන් තමන් විසින් සිය නිල ෆේස්බුක් ගිණුමට එක් නොකල අතර ඒවා සම්පූර්ණ අසත්‍ය වන බව සහ ව්‍යාජ ආකාරයට සකසා සමාජ ජාලා වල හුවමාරු වන බවයි.අප්‍රේල් 3 උද්ඝෝෂණ වලට තමන් සම්බන්ධ නොවන බවත් ඔහු පවසා සිටියා.ඒ එම උද්ඝෝෂණ මහ ජනයා විසින්ම සංවිධානය කර පවත්වන ඒවා නිසා සහ දේශපාලන නායකයෙක් ලෙස තමන් එයට සම්බන්ධ විය යුතු නොවන බවට කල්පනා කරන නිසා බවත් ඔහු පැවසුවා.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ චතුර සේනාරත්න මහතා මේ දිනවල පැවැත්වෙන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයකට සහභාගීවීමට උත්සාහ දැරීමේදී එලවා දැමූ බවට පළවන සමාජ ජාලා වීඩියෝ නොමග යවන සුලු ඒවා බවයි. මෙහි දැක්වෙන වීඩියෝව ලබාගෙන ඇත්තේ 2018 වසරේ ඔක්තෝබර් 26 වැනිදා, දින 52 ආණ්ඩුව පිහිටවූ අවස්ථාවේ දී, එම තීරණයට එරෙහිව සිය මතය ප්‍රකාශ කිරීමට චතුර සේනාරත්න ඇතුළු පිරිසක් රූපවාහිනී පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේ දී ඇතිවූ කලහකාරී තත්වයක් අතරතුරදී ය

Avatar

Title:FACT CHECK: මිරිහාන උද්ඝෝෂණයේ යෙදුනු ජනතාව, චතුර සේනාරත්නව එතනින් එලවා දැමුවාද ? (VIDEO)

Fact Check By: Kalana Krishantha

Result: False