ජාතික ජන බලවේගයේ සාමාජිකයින් අලලා පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

False Political

Last updated on February 18th, 2022 at 10:27 am

රටේ සිදුවීම් අලලා ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකාරීන් පිළිබඳව විවිධ සටහන් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ඉදිරිපත් වෙනු දක්නට ලැබුණේය. මෙම සටහන් බොහොමයක් පිළිබඳව අප කළ කරුණු විමර්ශනවලදී තහවුරු වූයේ එම සටහන් උපහාසාත්මක කෝණයකින් පළව ඇති සාවද්‍ය සටහන් බවය.

ජාතික ජන බලවේයෙන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදුණු කේ.ඩී. ලාල්කාන්ත අළලා රතු තරුවේ කණ්ඩායම් යන විට ගුවන් හමුදාවෙන් තෙල් නැවේ ගින්නට වතුර දානවා. වෙලාවට අපි ගිය නැත්තං ගින්න තවත් පැතිරිලා මහා විනාශයක් වෙන්නෙ” යනුවෙන් උපහාසාත්මක කෝණයකින් පළව තිබු සටහන් කිහිපයක් පහතින්.

LinkArchived LinkLinkArchived Link

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න අලලා ජනතා විමුක්ති පෙරමුණ හා සබැඳි තවත් උපහාසාත්මක සටහන් කිහිපයක්මද අපට මෙසේ දැක ගන්නට ලැබුණි.

“ගිනිගත් තෙල් නැව නිවන්නත් රතු තරුවේ සගන බලකාය නැතුව බැරි වැඩ බැරි ආන්ඩුව කුමකටද?..පාණ්ඩුව.එලවමු. පලාත් සභාව ජවිපෙට දෙනු.” යන තේමාව යටතේ පළවූ සටහනක් ද “අප රටේ ජනතාව කන්න බොන්න නැති මේ වෙලාවෙ වෙනත් රටක ගිනිබත් වන නෞකාවක් බේරා ගැනීම සඳහා ඇති විශාල මුදලක් වියදම් කිරීම පිළිකුල් සහගතයි” යනුවෙන් ටිල්වින් සිල්වා පැවසු බව දක්වන සටහනක් ද මෙසේ හුවමාරු වී තිබුණි.

LinkArchived

විජිත හේරත් මහතා අලලා පළවූ තවත් එවැනිම සටහනක දක්වා තිබුනේ “වර්ෂාව නිසා ගින්න ස්වභාවිකව නිමෙනවා කියල දැනගෙනත්, වියළි රසායන ටොන් එකක් පමණ ගුවන් හමුදාව නිකරුනේ නාස්ති කළා “යනුවෙනි

Link Archived

තවද මීට පෙර විජිත හේරත් මහතා අලලා සැකසුනු ආකාරයෙන්ම “මැටි වැඩ කරන්න ඇමතිලා ඉන්න ආණ්ඩුවක් මේක. හෙන්චයියන්ට ඇමතිකම්  දෙන්න මැටි ටිකක් අනන්න  හරි කමක් නෑ. මැටි වැඩ ඇමති කියල පට්ටමක් හදලා දෙනවා” රෝපණය කර ලාල්කාන්තගේ සේයාරුවක් සහිත සටහනක් J V P papua new guinea ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය.

LinkArchived Link

“88/89 භීෂණ සමයේ පවා කෙනෙක් අත්අඩංගුවට ගන්න කොට ඒ කෙනාගෙ ගෞරවය රැකෙන විදිහට සුදසු ඇඳුමක් අන්දවලා තමා ජීප් එකට නග්ගා ගත්තේ.  අද පොලිසිය හැසිරෙන්නේ භීෂණ කාලෙ පොලිසියටත් අන්ත විදියට” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායකගේ ෆේස්බුක් පිටුවේ පළවූ සටහනක් ලෙස පෙන්වන සේයාරුවක් සහිතව සටහනක්ද ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය. 

LinkArchived LinkLinkArchived Link

සියළු සටහන්වලට හිමි වූ ප්‍රතිචාර අතර මෙම සටහන් අසත්‍ය යැයි සඳහන්ව තිබීම නිසා මේ පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ලාල්කාන්ත මහතා සම්බන්ධයෙන් පළවූ සටහන් වල අන්තර්ගත කරුණු පිළිබඳව සත්‍යතාව තහවුරු කරගැනීම පිණිස අප කේ.ඩී. ලාල්කාන්තට දුරකථන ඇමතුමක් ගත්තෙමු.  සාමාන්‍යයෙන් තමන් මෙවැනි ප්‍රකාශ නොකරන බවත් මෙය මෙම ප්‍රකාශ දෙකම සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවත් ඔහු අවධාරණය කළේය. නිව් ඩයමන්ඩ් නෞකාව ගිනිගැනීම අළලා ඔහු විසින් සිදු කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් අවලාද තවමත් නතර වී නොමැත. නතර වන්නේද නැත. රාජපක්ෂ දේශපාලනයේ මුහුණුවර එයයි. අභියෝගය අප බව මේ අවලාද වලින් නැවත නැවතත් ඔප්පු කිරීම ගැන රාජපක්ෂවාදීන්ට ස්තූතිය තේමාවෙන් ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක්ද ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණි.

LinkArchived Link

එසේම “ගිනිගත් තෙල් නැව නිවන්නත් රතු තරුවේ සගන බලකාය නැතුව බැරි වැඩ බැරි ආන්ඩුව කුමකටද?..” යන තේමාව යටතේ හුවමාරු වූ සටහන් බැලු බැල්මටම සංස්කරණය කරන ලද ඡායාරුප සටහනක් බව දැකගන්නට ලැබුණි. නිව් ඩයමන්ඩ් නෞකාවේ සම්බන්ධයෙන් පළවූ පුවත් සඳහා යොදාගෙන තිබු ඡායාරුප මෙසේ සංස්කරණ කරමින් මෙම පළකිරීම් සිදුකර ඇති බව පෙනී ගියා. එම පුවත් සටහන් මෙලෙසින් Link 1 | Link 2

එසේම විජිත හේරත් මහතා අලලා සිදුකර ඇති ප්‍රකාශය පිලිබඳ විමසීමේදී ද එය උපහාසාත්මක කෝණයකින් කල සාවද්‍ය සටහනක් බවත් පවසා සිටියා

බිමල් රත්නායක සම්බන්ධයෙන් පළවන සටහන් සම්බන්ධයෙන් ද කරුණු තහවුරු කර ගැනීමට අප ඔහු සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. තමන් මෙවැනි ප්‍රකාශයක් නොකළ බවත් මේ පිළිබඳව සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා ඇති බවත් ඔහු පැවසීය.

ඔහුගේ ෆේස්බුක් පිටුවක් පරික්ෂා කිරීමේ දී මෙවැනි ප්‍රකාශයක් මා සිදු කර නොමැති අතර ජනතාව නොමග යවමින් සිදුකරන මෙවැනි ව්‍යාජ පුවත් පළකිරීම් අප හෙලාදකිමු.. තේමාවෙන් මේ පිළිබඳ ව යොදා තිබූ සටහන නිරීක්ෂණය විය.

LinkArchived Link

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ නිව් ඩයමන්ඩ් නෞකාව ගිනි ගැනීම සහ මැටි කර්මාන්තය නගාලීම සඳහා රාජ්‍ය ඇමති කෙනෙකු පත් කිරීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත මහතා කිසිදු ප්‍රකාශයක් කර නොමැති බවයි. එමෙන්ම මත්ද්‍රව්‍ය පිළිබඳව චෝදනා ලැබූ කාන්තාවක  අත්අඩංගුවට ගැනීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේජාතික සංවිධායක බිමල් රත්නායක සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා නොමැති බවයි.

එබැවින් “තෙල් ගින්නට වතුර දාන අටපාස් ආමි කාරයො ඉන්න රටක් මේක”, “රතු තරුව නැත්නම් කොරයි නන්දසේන ගේ මිල්ටරි ජුන්ටාව.” සහ“එමෙන්ම මැටි වැඩ කරන්න ඇමතිලා ඉන්න ආණ්ඩුවක් මේක. හෙන්චයියන්ට ඇමතිකම්  දෙන්න මැටි ටිකක් අනන්න  හරි කමක් නෑ. මැටි වැඩ ඇමති කියල පට්ටමක් හදලා දෙනවා” තේමාවලින්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේඩී ලාල්කාන්ත මහතා සහ “88/89 භීෂණ සමයේ පවා කෙනෙක් අත්අඩංගුවට ගන්න කොට  ඒ කෙනාගෙ ගෞරවය රැකෙන විදිහට සුදසු ඇඳුමක් අන්දවලා තමා ජීප් එකට නග්ගා ගත්තේ.  අද පොලිසිය හැසිරෙන්නේ භීෂණ කාලය පොලිසියටත් අන්ත විදියට” ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක අළලා පළවන සියළුම ෆේස්බුක් ජාලේ පළවන සියළුම සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Avatar

Title:ජාතික ජන බලවේගයේ සාමාජිකයින් අලලා පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

Fact Check By: Sahan Perera 

Result: False


Leave a Reply