
මීට දින කිහිපයකට පෙර පාස්කු ප්‍රහාරය සිදුවී වසර 3 ක් සම්පූර්ණ වුණා. එවන් පසුබිමක් තුළ පසුගිය වසරක පැවති පාස්කු දින සැමරුමක ඡායාරූප විකෘති කර, සමගි ජන බලවේගය ඉලක්ක කර ගනිමින් සමාජ ජාලා හරහා පැතිරුණා. මේ ඒ පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසුමයි.
සමාජ ජාලා සටහන්
සජිත් ප්‍රේමදාස විපක්ෂනායක ඇතුලු සමගි ජන බලවේගයේ නායකයන් කලු පැහැති කමිස වලින් සැරසී සිටින අයුරුද ,එම කමිසවල යක්ෂ මුහුණු /වෙස් මුහුණු වල පින්තූර මුද්‍රණය කර ඇති අයුරුද දැක්වෙන සමාජ ජාලා සටහන් හුවමාරුව තිබුනේ පහත ආකාරයෙන් .
එවැනි තවත් සටහන් පළව තිබුණු ආකාරයද අපට දැකගන්නට ලැබුනා.
පසුගිය වසරේ ද හුවමාරු වී තිබු මෙම ඡායාරුප පෙළ පිළිබදව විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )
අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී මෙහි සැබෑ ඡායාරූප සහ වීඩියෝ මෙන්ම මෙම අවස්ථාව කුමක්ද යන වගද හදුනාගන්නට ලැබුණා. ඒ 2019 පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සහ වින්දිතයින් සිහිකර 2021 අප්‍රේල් මස 21 වැනිදා ,එනම් ප්‍රහාරයට දෙවසරක් පිරෙන දින සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සජබ මන්ත්‍රී කණ්ඩායම විසින් පැවැත්වූ විනාඩි 2 ක නිහඩතාවයකි.
එම ඡායාරූප සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාගේ ෆේස්බුක් ගිණුමේ පළව තිබුණේ මෙලෙසයි.
ඒ සම්බන්ධයෙන් වන ඡායාරූප සංසන්දනයක් පහතින් .
සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාගේ නිල ෆේස්බුක් ගිණුමේද ඒ හා සම්බන්ධ වීඩියෝවක් පළව තිබුණේ පහත අයුරින් .
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)
අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූයේ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා ඇතුලු සජබ කණ්ඩායම යක්ෂ මුහුණු සහිත කමිස හැද සිටි බවට පළවන ඡායාරූප සංස්කරණය කරන ලද ඒවා බවයි. එම සිදුවීමට සම්බන්ධ සැබෑ ඡායාරූප 2021 අප්‍රේල් 21 පාස්කු දින අනුස්මරණ සජබ නිශ්ශබ්දතාවයකදී ලබාගත් ඡායාරූප වන අතර ඒවායෙහි ඔවුන් යක්ෂ මුහුණු සහිත කමිස හැදගෙන සිටියේ නොමැත.

Title:යක්ෂයන්ගේ මුහුණු සහිත කමිස හැදි සජබ මන්ත්‍රීවරු ?
Fact Check By: Kalana KrishanthaResult: Altered

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,