අප්‍රේල් 09 වන දා ගාලු මුවදොර පිටියේ දී ආරම්භ වූ ජනතා අරගලය මේ වන විට මසකට ආසන්න කාලයක් මුළුල්ලේ පැවැත්වෙනවා. සමාජයේ නොයෙකුත් කණ්ඩායම්හි සහය ලැබෙමින් මෙම නිහඬ විරෝධතාව පවත්වනු ලබන්නේ ප්‍රධාන වශයෙන්ම ජනාධිපති ඇතුළු රාජපක්ෂ පවුල තනතුරු අත් හරින ලෙසට බල කරමින්. කෙසේ වෙතත් මෙම විරෝධතාව විවිධ කණ්ඩායම් විසින් ඔවුන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුව මෙහෙයවනු ලබන බවට, මෙම අරගලයට විරුද්ධ පාර්ශවයන් විසින්, නොයෙකුත් අවස්ථාවන්හි දී චෝදනා එල්ල වෙනවා. ඒ අතර දෙමළ ඩයස්පෝරාවේ සහය ලැබෙන බව නිතර එල්ල වන චෝදනාවක්. එවන් පසුබිමක, අරගල භූමියේ දී ඊලාම් ධජය ඔසවා තිබූ බවට පළ වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් සත්‍ය සොයා අප කළ අනාවරණයයි මේ.

Also Read: GoHomeGota ලන්ඩන් විරෝධතාවයේදී ඊළාම් ධජ අතැතිව සිටි පිරිසක් ද?

සමාජ මාධ්‍ය සටහන් :

“ගෝල්ෆේස් එකට ඊලාම් කොඩියක් ඇවිල්ලා හුරේ...” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම ඡායාරූපය ට්විටර් ඔස්සේ ද පළ කර තිබුණේ මේ අයුරින්. “නාන්ඩ්‍රෙයි අරගලකරුවනි. අරගලය උච්ඡස්වරයට පත් උනහම මෙන්න මෙහෙම කොටි කොඩි ලෙල දෙනවා ගෝල් ෆේස් භූමියෙන්. ස්තූතියි රෝන් ජෙනරේටර් සිංහලයිනි.”

https://twitter.com/Indikaliyan78/status/1520781347790458880

Archived Link | Archived Link

එවැනිම තේමා ඔස්සේ පළවී තිබූ තවත් සටහන් කිහිපයක් පහතින්

FB1 | FB2

මෙම ඡායාරූප වලින් දැක්වෙන්නේ, සත්‍ය වශයෙන්ම දෙමළ ඊලාම් ධජයද? මේ පිළිබඳව සත්‍ය සොයා අප විමර්ශනයක් ඇරඹුවේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම ගාලු මුවදොර අරගල භූමියේදී දෙමළ ඊලාම් ධජය ඔසවා ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇත්දැයි නිරීක්ෂණය කරනු ලැබුවා. එවැනි මාධ්‍ය වාර්තාවක් පළ වී තිබුනේ නැත. කම්කරු දිනයට සමගාමීව ඊයේ (මැයි 01) අරගල භූමියේදී රතු පැහැයෙන් වර්ණවත් වූ ධජයන් සම්බන්ධයෙන් අප අවධානය යොමු කළ අතර, එහිදී අරගල භුමියේ දී නිරතුරුවම ඡායාරූප වාර්තාකරණයේ යෙදී සිටින ඡායාරූප ශිල්පීන් විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත යොමු කරනු ලැබූ ඡායාරූප පිළිබඳව නිරීක්ෂණය කරනු ලැබුවා.

මුල් ඡායාරූපයේ හිමිකරු - තිලිණ කලුතොටගේ:

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයට බොහෝ දුරට සමාන ඡායාරුපයක්, තිළිණ කලුතොටගේ ඡායාරූප ශිල්පියා විසින්, සිය Thilina Kaluthotage Photography ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණා. එම ඡායාරූප ගොනුව මෙතනින්.

Facebook | Archived Link

නමුත් එම මුල් ඡායරුපයෙන් නිරූපනය වී තිබූ ධජය ඊලාම් ධජය නොවන බව මෙම ඡායාරූපය විශාලනය කිරීමේ දී දිස්වන බැවින්, මේ පිළිබඳව විමසීමට ඉහත මුල් ඡායාරූපය ලබා ගත් තිළිණ කළුතොටගේ සම්බන්ධ කර ගනිමින් ඔහු වෙත සමාජ මාධ්‍ය ඔස්සේ ඊලාම් කොඩිය ලෙස සඳහන් කරමින් සංසරණය වූ ඡායාරූපය යොමු කරනු ලැබුවා. ඔහු සඳහන් කළේ, එම අවස්ථාවේ ඊලාම් ධජය ඔසවා නොතිබුණු බවත්, එහි දැක්වෙන් නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ධජය බවයි. එම අවස්ථාවේ ලබාගත් වෙනත් ඡායාරුපයක සමීප දර්ශනයක් ද ඔහු අප වෙත යොමු කලේ මෙලෙසින්.

එහි FTZ Union නොහොත් නිදහස් වෙළඳ කලාපයේ ධජය බව පැහැදිලිවම දැක්වෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ඊලාම් ධජය ලෙස සංස්කරණය කරමින් සංසරණය වූ ඡායාරූපය සහ සත්‍ය ඡායාරූපය අතර සංසන්දනය පහතින්.

නිදහස් වෙළඳ කලාපයේ ධජය සහ ඊලාම් ධජය අතර සංසන්දනය පහතින්.

මැයි 01 වැනිදා අරගල භුමියේ වීඩියෝ දර්ශන:

අරගල භූමියේ සිට සජීවි දර්ශන යොමු කරනු Ratta ෆේස්බුක් පිටුව හරහාද අප මෙම දර්ශන සම්බන්ධයෙන් නිරීක්ෂණය කරනු ලැබුවා. ඒ අනුව කම්කරු දිනයට සමගාමීව ඊයේ (01) දින නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් ගාලු මුවදොර පිටියට අරගලයට සහය පළ කරමින් පැමිණි බවට පළ වූ වීඩියෝ මෙතනින් සහ මෙතනින්. එම දර්ශන වලද ඊලාම් කොඩිය නොතිබූ අතර රතු පැහැයෙන් දිස් වූ ධජය වන්නේ, නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ධජයයි.

එසේම ඔවුන්ගේ හිස් වැසුම් වල දැක්වෙන්නේ ද එම FTZ , නිදහස් වෙළඳ කලාපයේ සේවක සංගමයේ ලාංඡන බව දැක ගන්නට ලැබෙනවා.

Full Video

නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ෆේස්බුක් පිටුව:

අප Free Trade Zones Workers ෆේස්බුක් නිල පිටුව නිරීක්ෂණය කිරීමේදී වෘත්තීය සමිති ‌විසින් මැයි රැළිය පී.ඩී සිරිසේන ක්‍රීඩාපිටිය සිට පා ගමනින් ගාලු මුවදොර පිටියට පැමිණි අවස්ථාවේ ඡායාරූප වල ඔවුන්ගේ ධජය මනාවට දිස් වූයේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

එමෙන්ම එම සංගමයේ ලේකම්වරයෙක් වන ඇන්ටන් මාර්කස් (Archived Link) මහතාගේ ඡායාරූපයත් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ දක්නට ලැබුණේ මෙලෙසින්.

Facebook | Free Trade Zones Workers FB

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ගාලු මුවදොර අරගල භූමියේදී ඊලාම් ධජය ඔසවා ඇති බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයකි. එම අවස්ථාවේ ඔසවා තිබූ සැබෑ ධජය වන්නේ, මැයි 1 වෙනිදා කම්කරු දිනය හේතුවෙන් අරගල භූමියට පා ගමනින් පැමිණි නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ධජයයි.

Avatar

Title:ගාලු මුවදොර අරගල භූමියේදී ඊලාම් ධජය ඔසවා තිබූ

අවස්ථාවක් ද?

Fact Check By: Pavithra Sandamali

Result: Altered