
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හා සමගම දේශපාලනික නායකයන් සහ ඔවුන්ට ලැබෙන විශේෂ වරප්‍රසාද සම්බන්ධයෙන් මහ ජනතාව තුළ පවතින්නේ දැඩි විරෝධයක්. එවන් පසුබිමක් තුළ, පසුගිය දියන්හි හුවමාරු වූ මන්ත්‍රීවරුන්ට අඩු මිලට තෙල් ලබාදීම සම්බන්ධෙන් පළවූ පුවත් සමඟ ඇතිවූ කතිකාවත ඔස්සේ, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද තමාට අකමැත්තෙන් වුවද රු.121 ක ට ඉන්ධන ලබාගැනීමට සිදුවූ බව පැවසු බව දක්වමින් හුවමාරු වූ සටහනක් සම්බන්ධයෙන් අප කරුණු විමසා බැලීමක් සිදුකළා.
සමාජ ජාලා සටහන්
“අකමැත්තෙන් වුවත් මටත් 121 ට ඉන්ධන ලබාගන්න සිදුවුණා” යනුවෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසු බවක් ස්වර්ණවාහිනී පුවත් සේවය මඟින් පළකර තිබු ආකාරය දක්වමින් සටහනක් මෙසේ පලවී තිබුණා.

එම සටහන් ෆේස්බුක් අවකාශයේ ව්‍යාප්තව පැවතියේ පහත ආකාරයෙන් .

ඒ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check( සත්‍ය කරුණු විමස බැලීම )
අප විසින් මුලින්ම සොයා බැලුවේ “අකමැත්තෙන් වුවත් මටත් 121 ට ඉන්ධන ලබාගන්න සිදුවුණා” යනුවෙන් විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසු වා ද යන්න පිලිබඳ මාධ්‍ය වාර්තා කර තිබුණේ ද යන්න පිළිබඳවයි. එවැනි වාර්තා අපට සොයා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. එසේම ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මොනම අවස්ථාවකවත් ඉන්ධන සම්බන්ධයෙන් මේ ආකාරයේ වරප්‍රසාදයක් ලබා නොගත් බවක් මන්ත්‍රීවරයා පැවසූ බවට ද වාර්තා කිහිපයක් ම අපට මෙසේ දැක ගන්නට ලැබුණා.
ඉන්පසුව අප ස්වර්ණවාහිනී Live@8 වෙබ් පුවත් අංශයෙන් සමාජ ජාලා සටහනේ දැක්වෙන ආකාරයේ පුවතක් ඔවුන් විසින් වාර්තා කර අද්දැයි විමසා බැලුවා. ඔවුන් අවධාරණය කර සිටියේ එවන් පුවතක් තමන් වාර්තා කර නොමැති බව සහ තම ආයතනයේ නිල ලාංඡනය අවභාවිතා කරමින් කිසියම් පිරිසක් මෙම පුවත සකසා ඇති බවයි. එමෙන්ම මෙම සමාජ ජාලා සටහනේ දක්වා ඇති අකුරු මාදිලිය ස්වර්ණවාහිනිය සාමාන්‍යයෙන් භාවිතා කරන අකුරු මාදිලියට වෙනස් බවද ඔවුන් පැවසුවා.
ස්වර්ණවාහිනී Live@8 අන්තර්ජාල සටහනක් ලෙස මීට පෙරද ජවිපෙ නායකයින් ඉලක්ක කරගනිමින් ව්‍යාජ සටහන් නිර්මාණය වී තිබු අතර අනුර කුමාර දිසානායක ඉලක්ක කරගනිමින් එවැනි පළවූ සටහන් සම්බන්ධයෙන් අපගේ විමර්ශනයක් මෙලෙසින්
එසේම මේ දිනවල හුවමාරු වන සටහන් පිළිබදව අදහස් දක්වමින් විජිත හේරත් මහතා පැවසුවේ තමන් කිසිදු අවස්ථාවක මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බව සහ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන බවයි. එමෙන්ම රුපියල් 121 ට තෙල් ලබාගත හැකි තැනක් නොමැති බවත් ඔහු පැවසුවා.
රුපියල් 121 ට ඉන්ධන ලබාගැනීම පිලිබඳ පළවූ වාර්තා සහ පසුබිම
පසුගිය දිනවල සමාජ ජාලා තුල පැතිර ගියේ නාරාහේන්පිට පොලිස් රථවාහන ඒකකයට සමීප ඛනිජ තෙල් සංස්ථා තෙල් පිරවුම්හලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ වාහන සදහා රු.121 කට අඩු මිලකට තෙල් ලබාදෙන බවයි.
විදුලිබල සහ බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය නිල ට්විටර් ගිණුමෙන් පණිවිඩයක් නිකුත් කරමින් මීට ප්‍රතිචාර දක්වා තිබුණේ, මන්ත්‍රීවරුන්ට සහනදායී ඉන්ධන මිලක් ලබාදී ඇති බවට හුවමාරු වන තොරතුරු අසත්‍ය බවයි.
එමෙන්ම පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පොලිස් ඉන්ධන පිරවුම්හලේ ඩිස්පෙන්සරය අවුරුදු තුන, හතරක සිට යාවත්කාලීන කර නොමැති බවත් පොලීසියට ඉන්ධන නිකුත් කරනු ලබන්නේ මුදලට නොව ලීටර ප්‍රමාණයට බවත්, එම ඩිපෙන්සරය යාවත්කාලීන කර නොතිබීම මෙයට හේතුවූ බවත් ඒ පිළිබඳව විමර්ෂණයක් සිදුවන බවත්ය.
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපති අගමැති කිසිකෙනෙකුට වෙළෙදපළේ තිබෙන මිලට වැඩිය සතයක්වත් අඩුවෙන් ඛණිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබා දී නොමැති බවත් ඔහු සඳහන් කළේ මෙලෙසින්.
කතානායකවරයා, පොලිස්පති වෙත කළ නියෝගයක් අනුව තාවකාලික පියවරක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා ඉන්ධන නික්තු කිරීමේදී වර්තමානයේ පවතින මිල අය කර ගැනීමෙන් පසු ඉන්ධන නිකුත් කිරීමට පොලිස් ඉන්ධන පිරවුම්හල වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබුණා.
Also Read:
රු.121ක ට පෙට්‍රල් ලබා ගැනීම සඳහා පැමිණි ආකාරය? (PHOTO)
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)
අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී පැහැදිලි වූයේ විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් සමාජ ජාලා සටහන්හි සදහන් ආකාරයට, අකමැත්තෙන් වුවද රුපියල් 121 ට ඉන්ධන ලබාගත් බවක් පවසා නොමැති බවයි. ස්වර්ණවාහිනී වෙබ් අංශයද පැවසුවේ ඔවුන් ඒ ආකාරයේ පුවතක් පළ නොකල බවයි.

Title:අකමැත්තෙන් වුවත් රුපියල් 121ට තෙල් ලබාගත් බව විජිත හේරත් පැවසුවා ද?
Fact Check By: Kalana KrishanthaResult: False

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,