අභ්‍යවකාශය හා ඒ හා සම්බන්ධ සිදුවීම්, අජටාකාශගාමීන් පිළිබඳව විස්තර දැනගන්නට ලාංකිකයන් ඇතුළු ලෝ වටා ජනතාව දක්වන්නේ ඉමහත් උනන්දුවක්. සමාජය තුළ සහ ප්‍රවෘත්ති නාලිකාවල නිරන්තරයෙන්ම ඒ පිළිබඳව කතාබහට ලක්වෙනවා. සමාජ මාධ්‍ය තුළ ද මේ හා සම්බන්ධව නිරන්තරව පෝස්ටු පළවන ආකාරය අපට නිරීක්ෂණය කිරීමට පුළුවන්.

එම තේමාවෙන් ලංකාවෙන් පළමු වරට අභ්‍යවකාශයට යාමට සැරසෙන මුස්ලිම් කාන්තාව යන තේමාවෙන් හුවමාරු වන සටහන් පෙළක් පිලිබඳ අප සිදුකළ කරුණු විමසා බැලීමක් පහතින්.

සමාජ ජාලා සටහන්:

ෆාතිමා ශහ්දා නම් මුස්ලිම් ජාතික තරුණියක් , ශ්‍රී ලංකාවෙන් අභ්‍යවකාශයට යන පළමු මුස්ලිම් ජාතික කාන්තාව බවට ඉතිහාසගාත වන බව සඳහන් සමාජ ජාලා සටහන් පැතිර තිබුණේ පහත අයුරින්.

“ලංකාවෙන් අභ්‍යවකාශයට යන පළමු මුස්ලිම් කාන්තාව ලෙස මීගමුවේ ෆාතිමා ශහ්දා ඉතිහාසගත වෙයි.”

Facebook | Archived

එම සටහන් ෆේස්බුක් අවකාශය තුළ පැතිර තිබුණේ මෙලෙසින්.

එසේම ඇමරිකාවේ නාසා ආයතනය විසින් ද අභ්‍යවකාශ රණශුරයෙකු ලෙස ෆාතිමා ෂාත්හා නම් තරුණියක් තොරාගේනා තිබු බවට ද සටහන් පෙළක් හුවමාරු වුණා.

Facebook | Archived

මේ පිළිබඳව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම):

අප මුලින්ම මෙම සේයාරුවේ සිටින තරුණියගේ රූපය සහ නම යොදාගනිමින් ඇය පිලිබඳ කරුණු පරික්ෂා කිරීමට පෙළඹුණා. එහිදී දැකගන්නට ලැබුණේ Sadha Haroon නම් මෙම තරුණිය, අභ්‍යවකාශ තාක්ෂණය සම්බන්ධයෙන් යම් උනන්දුවක් දක්වන අයෙක් බවයි.

කෙසේවෙතත් ඇයව ගගනගාමියකු කිරීම සඳහා කිසියම් අභ්‍යවකාශ ගවේෂණ ආයතනයකින් තෝරාගත් බවට වන සඳහනක් කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක වාර්තා කර නොතිබුණු අතර ඇයගේ සමාජ ජාලා සටහන් වලද එවන් තොරතුරක් දක්නට ලැබෙන්නේ නැහැ.

Sadha Haroon තමන්ව හදුන්වා දෙන්නේ ගගනගාමියකු වීමට අපේක්ෂා කරන තරුණියක් ලෙසයි. ඇයගේ සමාජ ජාලා ගිණුම් වන ටිවිටර් සහ ඉන්ස්ටග්‍රම් ගිණුම් වල ඇය පිළිබඳව සඳහන් වන්නේ Aspiring Astronaut ලෙසයි. එම ගිණුම් වලට පිවිසිය හැකියි මෙතනින් සහ මෙතනින්. Archived | Archived

එමෙන්ම ඇය විසින් තාක්ෂණය සහ විද්‍යාව සම්බන්ධ දේ කාන්තාවන් අතර ප්‍රචලිත කිරීම සඳහා ද විවිධ සමිති සංගම් පිහිටුවාගෙන තිබෙනවා මෙන්ම ඒවායෙහි ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙසත් කටයුතු කර තිබෙනවා. ඇය Mars Generation ආදී අභ්‍යවකාශය හා සම්බන්ධ තාක්ෂණය මෙන්ම විද්‍යාව හා තාක්ෂණය , ඉංජිනේරු ශිල්පය ආදිය පිළිබඳව ජනතාව දැනුවත් කරන ව්‍යාපෘතිවල ක්‍රියාකාරිව කටයුතු කරනවා.

සිය පාසල් සමයේදී ඇය අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳව කුතුහලයක් දක්වන අය සමග එක්ව විවිධ සංගම් ගොඩ නගාගෙන තිබෙනවා. ඇයගේ මෙම ක්‍රියාකාරකම් පිළිබඳව වැඩි දුර තොරතුරු මෙතනින් | Archived.

එසේම Sadha ඇයගේ ක්‍රියාකාරකම් ඇතුළු අනාගත බලාපොරොත්තු පිලිබඳ අදහස් දැක්වූ වීඩියෝවක් මෙතනින්

Sadha Haroon තරුණිය සම්බන්ධ කරගැනීමට අප ඇය කලින් අධ්‍යාපනය ලද Sailan ජාත්‍යාන්තර පාසල සමඟ ද සම්බන්ධ වූ අතර එහි ගුරුතුමියක් පවසා සිටියේ සාධා එම පාසලේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබූ බවත් විසින් ඇයගේ උසස් අධ්‍යාපනය ඇතුළු කරුණු පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් වීඩියෝවක් මඟින් නුදුරු දිනයක දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව Sadha පවසා සිටි බවයි. එම තොරතුරු සමඟ මෙම ලිපිය යාවත්කාලින කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.

නාසා ආයතනයට ගගනගාමියෙකු ලෙස තේරී පත්වීමේ සුදුසුකම්

එසේම ඇමරිකාවේ නාසා ආයතනය විසින් ද Sadha ව ගනනගාමියෙකු ලෙස තෝරා ගත් බවට වාර්තා වන්නේ නැති අතර NASA නිල වෙබ් අඩවියේ ද Sadha පිලිබඳ විස්තර කිසිවක් දක්වා නැහැ.

එසේම අභ්‍යවකාශ ගවේෂණය ප්‍රවර්ධනය කිරීම සඳහා ශිෂ්‍යයන් සමඟ සම්බන්ධ වීමට බොහෝ ක්‍රම නාසා ආයතනය සතුව තිබුණ ද එය නිල වශයෙන් නාසා ආයතනය මඟින් ඔවුන් ගවේෂණ කටයුතු සඳහා තෝරා ගැනීමක් නොවන අතර නාසා ආයතනයේ අභ්‍යාවකාශගාමියෙකු බවට පත්වීමට මූලික සුදුසුකම් බොහොමයක් පවතින අතර, Sadha විසින් එම කරුණු මෙතෙක් සපුරා නැහැ. නාසා ආයතනයට ගගනගාමියෙකු ලෙස තෝරා ගැනීමට අවශ්‍ය සුදුසුකම් පිළිබඳව මීට සමාන කරුණු දැක්වීම දී ද අප පෙන්වා තිබුණා. එම කරුණු විමර්ෂණය පහතින්.

Also Read : Fact Check: අඟහරු ගමනට තේරී පත් වූ පළමු කාන්තාව, Alyssa Carson නම් 20 හැවිරිදි තරුණිය ද?

එසේම මීට වසර කිහිපයකට පෙර නාසා විශේෂඥයින් විසින් Tynker නම් ව්‍යාපෘතියක Patch Design Challenge හි ජයග්‍රාහකයින් තෝරා ගෙන තිබු අතර ඒ අතර ලංකාවේ කුඩා සිසුවෙකු ගේ ද නම ඇතුලත් වී තිබුණා

නාසා ආයතනය විසින් කුඩා සිසුන් සඳහා ලබා දී ඇති ක්‍රියාකාරම් සඳහා සහභාගී වූ තවත් ලාංකික සම්භවයක් ඇති ඕස්ට්‍රේලියාවේ වෙසෙන කුඩා දරුවෙකු වන්නේ මේඝ විජේවර්ධනයි. මීට වසර කිහිපයකට පෙර Nasa Space Apps Challenge සඳහා ද ඉදිරිපත් වී තිබු මේඝ පිලිබඳ පළවූ පුවත් වාර්තාවක් මෙතනින්

තව ද පසුගිය කාලයේ ගගනගාමියකු වීමේ සිහිනයක් සහිතව සිටින තවත් තරුණියක් පිළිබඳව විස්තර මාධ්‍ය මගින් වාර්තා කළා .ඒ සදලි කුමාරසින්හයි. ඇය මේ වන විට ගගන ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව පාඨමාලාවක් හදාරමින් සිටින්නියක්. ඇය සමග ඉංග්‍රීසි පුවත්පත් දෙකක් මගින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡා මෙතනින් සහ මෙතනින්. Archived | Archived . Sadha මෙන්ම, සදලි ද Mars Generation ව්‍යාපෘතියට දායකත්වය ලබා දී තිබෙනවා. තවත් එවැනි තරුණියක් පිලිබඳ විස්තර මෙතනින්

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූ කාරණය වන්නේ Sadha Haroon ගේ සිහිනය ගගනගාමියකු වීම වන අතර ඇය විසින් ඒ සඳහා අවශ්‍ය මුලික අවශ්‍යතා ඔස්සේ අධ්‍යයන කටයුතු මෙන්ම තාරකා විද්‍යාව, අභ්‍යවකාශ තාක්ෂණය ආදිය පිළිබඳව ප්‍රචාරණ වැඩසටහන් , දැනුවත් කිරීම් ආදියට සම්බන්ධ වුවත්, නාසා ආයතනය හෝ වෙනත් අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියක් මගින් ඇයව ගගනගාමී පුහුණු වැඩසටහනකට තෝරාගෙන ඇයව උඩුගුවනට යැවීමේ සුදානමක් මෙතෙක් නොමැති බවයි. එම නිසා ඇය ලාංකීය ඉතිහාසයේ ගගනගාමියකු බවට පත්වන පළමු කාන්තාව/මුස්ලිම් කාන්තාව ලෙස හැදින්වීම නොමග යවන සුළුයි.

Avatar

Title:ශ්‍රී ලංකාවෙන් අභ්‍යවකාශයට යන පළමු මුස්ලිම් කාන්තාව, ෆාතිමා ශහ්දා ?

Fact Check By: Kalana Krishantha

Result: Misleading