Update : 11/16/22

ඕස්ට්‍රේලියාවේදී ලිංගික දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 ක ඇප මත නිදහස් කිරීමට සිඩ්නි අධිකරණය තීරණය කර තිබේ.

ඇප මත මුදාහැරි ධනුෂ්ක ගුණතිලකට පහත කොන්දේසි අධිකරණය විසින් පනවා තිබේ. ඒවා නම්,

  • සෑම දිනකම පොලිසියට වාර්තා කළ යුතුය.
  • සෑම දිනකම රාත්‍රී 9 සිට පසුදා උදෑසන 6 දක්වා ඔහුට සංචරණ සීමා පනවා ඇත.
  • පැමිණිලිකාර පාර්ශවය සමග සබඳතා පැවැත්වීම තහනම් වේ.
  • Tinder හා අනෙකුත් Dating App ඇප් භාවිතය තහනම් කර තිබේ.
  • කාන්තාවක සමග කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා සතරක් ගොනුකර තිබේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්. Archived Link

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ නඩුව හා බැඳුණු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන සටහන් කිහිපය නිරවද්‍යතාවය සොයා Fact Crescendo අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ධනුෂ්කට වංචාකල කාන්තාව ඉවරයි ඒ විදියට තවත් අය රවටලා මුළු ඔස්ට්‍රේලියාවම ධනුෂ්කගේ පැත්තේ හිටගනියි” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූපය සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම ඡායාරූප සටහන ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වූයේ මෙලෙසින්.

මෙය සත්‍ය පුවතක් බවට බොහෝ දෙනා උපකල්පනය කර ඇති බවට මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියේ මේ අයුරින්.

ධනුෂ්ක ලිංගික අතවර චෝදනා එල්ල කළ ඔස්ට්‍රේලියානු තරුණිය විසින් සිද්ධිය සමථයකට පත්කර ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක මුදලක් ඉල්ලා එයට ගුණතිලකගේ පාර්ශ්වය එකඟතාව පළ නොකිරීම හේතුවෙන් අදාළ මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 25,000 දක්වා අඩු කිරීමට එම තරුණිය එකඟ වෙලාලු” යනුවෙන් සඳහන් කළ පණිවිඩයක් ද, Twitter ඔස්සේ පළ කර තිබුණේ මේ අයුරින්.

https://twitter.com/Ranjith50711805/status/1589926530297507840

Archived Link

මෙම පුවත මෙරට වෙබ් අඩවියක ද, පළ වී තිබුණේ මෙලෙසින්. Archived Link

එමෙන්ම Instagram සටහනක පළ වී තිබුණේ, “ස්ත්‍රී දූෂණයකට සැකකරුවෙකු වෙනුවෙන් ඩොලර් මිලියන ගණන් වියදම් කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරිපත් වීම ගැන ලංකාවේ කාන්තාවන්ට මොකද හිතෙන්නේ? ආඩම්බරයිද රටගැන ” යනුවෙනි.

https://www.instagram.com/p/Cku18FjB4Yi/?utm_source=ig_web_copy_link

Archived Link

මෙම සටහන් කිහිපයේ දැක්වෙන කරුණු වල නිරවද්‍යතාවය පිළිබඳ විමසා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අප මේ පිළිබඳව විමර්ශනය කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පසුගිය නොවැම්බර් 05 වන දා ස්ත්‍රී දූෂණ චෝදනා මත ඔස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට පත්ව දැනට බන්ධනාගාරගතව සිටින මෙරට ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ එම සිදුවීම හා සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඉහත සටහන් කිහිපයේ විමර්ශනයන් පහතින්.

ධනුෂ්කට වංචාකල කාන්තාව ඉවරයි ඒ විදියට තවත් අය රවටලා. මුළු ඔස්ට්‍රේලියාවම ධනුෂ්කගේ පැත්තේ හිටගනියි.

මෙම නඩුව වාර්තා කිරීමට ජනමාධ්‍ය වෙත පනවා තිබූ වරණ නියෝගය පසුගිය 09 වන දා අධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉවත් කිරීමට සිඩ්නි මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබුණු හෙයින් මෙම සිදුවීම පිළිබඳ මෙතෙක් වූ සියලු සත්‍ය සිදුවීම් සම්බන්ධයෙන් එරට ජනමාධ්‍ය ආයතන මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන ද, වාර්තා කිරීමට පියවර ගෙන තිබුණා.

මේ හෙයින්, ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ නඩුවේ පැමිණිලිකාරිය විසින් මේ ආකාරයට තවත්, පුද්ගලයින් රවටා ඇති බවට තොරතුරු වාර්තා වී ඇත්දැයි යන්න පිළිබඳ හා ඇය පොලිස් අත්අඩංගුවට පත් වී ඇත්දැයි යන්න පිළිබඳ අප ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍ය ධාරා ඔස්සේ පරීක්ෂාවක් සිදු කළා. නමුත් අපට එවැනි ආකාරයේ කිසිදු පුවතක් දැක ගන්නට නොලැබුණි.

එසේම එම කාන්තාව කලින් අත්අඩංගුවට ගත් බව ට දැක්වෙන අවස්ථාවක් ලෙස හඟවමින් පළ වූ ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කළ විට ද දැක ගන්නට ලැබුණේ, එම ඡායාරූපය නිරූපන ශිල්පීන් යොදාගෙන කරනු ලැබූ ඡායාරූප සමූහයක් බවයි. ඒවා Adobe Stock Images හි මිලදී ගත හැකි ඡායාරූප වේ. එම වෙබ් පිටුව මෙතනින්. Archived Link

stock.adobe.com | Archived Link

ඕස්ට්‍රේලියානු තරුණිය විසින් සිද්ධිය සමථයකට පත්කර ගැනීම

මෙම සටහන පළ වී තිබූ වෙබ් අඩවියේද, ඕස්ට්‍රේලියානු තරුණිය විසින් සිද්ධිය සමතයකට පත් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ලක්ෂයක මුදලක් ඉල්ලා තිබූ බවට වාර්තා වන බවට පමණක් දක්වා තිබෙන මුත් එම පුවත සඳහන් මූලාශ්‍රය කුමක් ද, යන්න සඳහන් කර නොතිබුණි. මෙම කරුණ ද, අප ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍ය ධාරා ඔස්සේ පරීක්ෂා කළද, එවැනි පුවතක් හෝ තොරතුරක් වාර්තා වී නොමැති බවට තහවුරු වුණා.

මේ වනවිට මෙම නඩුව සම්බන්ධ තොරතුරු වාර්තා කිරීමට මාධ්‍ය වෙත අවසර ලබා දීම හේතුවෙන් මේ සම්බන්ධ සත්‍ය තොරුතුරු පරීක්ෂා කිරීමට නිරන්තරයෙන් ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පමණක් පරිශීලනය කිරීමෙන් සෑම විටම නිවැරදි තොරතුරු වෙත ඔබට ළගා විය හැකි බව අප මෙයින් සිහිපත් කරන්නෙමු.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණය හමුවේ ඉදිරිපත් වී ඇති තොරතුරු සහ පොලිස් ලේඛන වල සඳහන් වන කරුණු ඇතුළත්, සිඩ්නි මෝර්නින් හෙරල්ඩ් පුවත්පතේ පළ වූ සම්පූර්ණ තොරතුරු මෙතනින්, තවත් පුවත් වාර්තාවක් මෙතනින්. Archived Link

ඩොලර් මිලියන ගණන් වියදම් කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරිපත් වීම

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා විසින් ESPNcricinfo වෙත පවසා තිබුණේ, ධනුෂ්ක ගුණතිලක හට “කැමැත්තකින් තොරව ලිංගිකව එක් වීම” සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ නිසා, ඔහුට නීතිමය ආරක්ෂාව සැපයීමට අවශ්‍ය මුදල් ලබා දෙන බවයි.

ධනුෂ්ක ගුණතිලකගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහය වීමට කිසිදු ගිවිසුම් සහගත බැඳීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක කණ්ඩායමට නොමැති වූව ද, ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් වියදම් දැරීමට ඔහුගේ දෙමාපියන්ට මුදල් නොමැති හෙයින් මෙම නඩුව සඳහා කොන්දේසි මත වියදම් වූ මුදල් ධනුෂ්ක ගුණතිලකගෙන් නැවත අය කර ගැනීමෙන් හෝ ඔහුට ගෙවීමට ඇති මුදල් රඳවා තබා ගැනීමෙන් ඔහුගේ නීතිමය ගාස්තු දැරීමට කටයුතු කරන බවයි ද ඈෂ්ලි ද සිල්වා මහතා එහිදී සඳහන් කර තිබෙන්නේ. ESPN cricinfo සම්පූර්ණ වාර්තාව මෙතනින්. Archived Link

මේ පිළිබඳ අප වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගු මහතාගෙන් අප විමසීමක් කළා ඔහු සඳහන් කළේ, 2016 වසරේ දී කුසල් ජනිත් පෙරේරාට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් මාස හයකට ආසන්න කාලයක් තිස්සේ ලබා දුන් සහයෝගය, ධනුෂ්ක ගුණතිලක වෙත ලබා දෙන බවයි. කුසල් පෙරේරා සම්බන්ධව ඇති වුන සිදුවීමෙන් ඔහු නිදහස් වූවාට පසුව එම වියදම අය කරගත් අතර එලෙසම මේ අවස්ථාවේදී, ගුණතිලකට ඔස්ට්‍රේලියාවේදී වියදම් දැරීමට කිසිවෙකු නොමැති බවත් තවමත් ඔහු සැකකරුවෙකු පමණක් නිසා නැවත අය කර ගැනීමේ බලාපොරොත්තු වෙන් එම වියදම් දැරීමට කටයුතු කරන බව ද, ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා.

ඕස්ට්‍රේලියාවේ බන්ධනාගාර ගත කර සිටින ධනුෂ්ක පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගිය 08 වන දා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වූ අතර එම සාකච්ඡාවට සහභාගි වීමට පැමිණි ජාතික ක්‍රීඩා සභාවේ සභාපති, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කළේ, ධනුෂ්ක ගුණතිලක අතින් සිදුවූ වරදට සහය දීමක් නොව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදීමට ගිය ක්‍රීඩකයෙකුට සහය දීමක් ලෙස කටයුතු කරන බවයි. එම වීඩියෝව පහතින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ධනුෂ්ක ගුණතිලකගේ නඩුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත සටහන් නොමග යවන සුළු බවයි.

Avatar

Title:ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ නඩුව හා බැඳුණු නොමග යවන සුළු සටහන් !!

Fact Check By: Pavithra Sandamali

Result: Misleading