
පසුගිය සතියේ ලෝක ක්‍රීඩා පිටියේ සිදුවූ වැදගත් සිදුවීමක් ලෙස සෞදි අරාබි පාපන්දු පිල ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම පරාජය කිරීම සලකන්න පුළුවන්. නමුත් සවුදි ක්‍රීඩා ලෝලීන්ගේ සතුට මැදම අවාසනාවන්ත පුවතක් අසන්නටත් ලැබුණා. Yasser Al-Shahrani නම් සවුදි ක්‍රීඩකයා, සවුදි පිලේම ගෝල් රකින්නාගේ සිරුරේ ගැටීම නිසා, ක්‍රීඩා පිටියේ ඇදවැටුණු අතර පසුව සෞඛ්‍ය කණ්ඩායම් මැදිහත්ව ඔහුව ක්‍රීඩාගාරය දක්වා රැගෙන ගියා. ඉන් අනතුරුව එම ක්‍රීඩකයාගේ හිස් කබලේ ස්කෑන් දර්ශනයක් ලෙස දැඩි ලෙස මුහුණට හානිවූ සේයාරුවක් සමාජ ජාලා හරහා පැතිරෙනවා. ඒ සබන්ධයෙන් අප විසින් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට තීරණය කළා.
සමාජ ජාලා සටහන්
අනතුරට ලක්වූ Yasser Al-Shahrani නම් ක්‍රීඩකයාගේ ඡයාරූප සමග හිස් කබලට හානි සිදුව ඇති බවත් නිරුපණය කරන ස්කෑන් ඡයාරූපයක් පැතිර තිබෙන ආකාරයක් දක්නට ලැබුණා.
“ආර්ජන්ටිනාව සමග ඊයේ පැවති තරගය අතරතුර අනතුරකට ලක්වූ සෞදි අරාබි ක්‍රීඩකයාට ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිතයි.සෞදි දැල් රැකින්නගේ දණහිස මුහුණේ වැදීම හේතුවෙන් මෙම ක්‍රීඩකයා ඊයේ අනතුරට ලක්වුණා.අනතුර හේතුවෙන් ඔහුගේ දත්වලට සහ අස්ථි වලට හානි සිදුව තිබෙනවා.සෞදි රජය විසින් විශේෂ ගුවන් යානයක් කටාර් වෙත යවා මෙම ක්‍රීඩකයාව ශල්‍යකර්මය සඳහා ජර්මනියට යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.”

ඒ සම්බන්ධයෙන් වන ට්විටර් සටහන් ජාත්‍යන්තරව හුවමාරුවූ තිබුණු ආකාරය අපට නිරීක්ෂණය වුණා.
මේ ආකාරයෙන් හුවමාරුවුණු X Ray /Scan මගින් හඟවා තිබුනේ එම ස්කෑන් ඡායාරුප ක්‍රීඩකයාගේ බවත්, යසර්ගේ හකු කොටස සම්පුර්ණයෙන්ම ඉරි තලා ඇති බවක් මෙන්ම අක්ෂි කූපය සහ නාසය ආසන්න ප්‍රදේශයේ ද දරුණු බිදී යාම් ඇති බවක්.
නමුත් මෙය යසර්ගේ ආබාධිත තත්ත්වය නිරුපණය කරන X කිරණ ප්‍රතිබිම්බයක්ද නැද්ද යන්න පිලිබදව නිශ්චිතව තහවුරු කිරීමක් අදාළ සමාජ ජාලා සටහන්වල නැහැ.
Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)
අප මුලින්ම සෞදි ක්‍රීඩකයින් දෙදෙනා , ආජන්ටිනා තරඟය අතරතුර දී බිහිසුණු ගැටුමකට ලක්වන අවස්ථාව පරික්ෂා කළා
එම අවාසනාවන්ත අනතුරින් පසුව Al-Shahrani වහාම රියාද් හි රෝහලක් වෙත යොමු කර ශල්‍යකර්මයක් සිදුකර තිබු අතර පසුව දෙවන වරටත් ශල්‍යකර්මයකට බඳුන් වූ බව මෙසේ වාර්තා කර තිබුණි.
වෛද්‍ය විද්‍යාව පිළිබද තොරතුරු දැක්වෙන වෙබ් අඩවි වල ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ පරිදි X Ray /Scan දර්ශන දිස්වන්නේ නම්, බොහෝදුරට හකු ප්‍රදේශය බිදීයාම හෝ එහි පිහිටීම වෙනස්වීම නිසා නැවත එය යථා තත්ත්වයට පත්වන තුරු කතා කිරීමට හෝ ආහාර ලබාගැනීමට නොහැකි බවයි. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කියවිය හැකියි මෙතනින්. Archived.
කෙසේ නමුත් යසර්, ට්විටර් වීඩියෝවක් හරහා ලෙඩ ඇදේ සිට පවසන්නේ තමන්ගේ තත්ත්වය යහපත් බවයි. එමෙන්ම ඔහු හොදින් කතා කරන ආකාරයක් පෙනී යනවා. ඒ අනුව ස්කෑන් සටහනේ දැක්වෙන ආකාරයේ ආබාධිත තත්ත්වයකට යසාර් ලක්වී නොමැති බව පැහැදිලියි. ඔහු හොදින් කතා බහ කරන වීඩියෝව පහතින්.
සමාජ ජාලාවල පැතිරෙන ස්කෑන් හි ඉදිරිපස දත් වලට හානි සිදුව ඇති බවක් දර්ශනය වුවත් ට්විටර් වල ඇති යසාර්ගේ සේයාරූ වල ඇත්තේ ඔහුගේ දත් වලට හානි සිදුව නැති බවක්.එම සේයාරුවකට පිවිසිය හැකියි මෙතනින්.
මේ පිලිබඳ ඉංග්‍රීසි බසින් කරුණු විමර්ෂණයක් මෙතනින්
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය)
අපගේ කරුණු විමසා බැලීම්වලට අනුව තහවුරු වන්නේ සව්දි අරාබි පාපන්දු ක්‍රීඩක යසර්ගේ ආබාධිත තත්ත්වය හා සම්බන්ධ බවට හඟවමින් සමාජ ජාලා හරහා පැතිරෙන ස්කෑන් ඡයාරූප ඔහුගේ අවාසනාවන්ත අනතුරට සම්බන්ධ ඒවා නොවන බවයි.

Title:ආර්ජන්ටිනාව සමග තරගයේදී ආබාධිත තත්ත්වයට පත් සෞදි ක්‍රීඩකයාගේ හිස් කබලේ ස්කෑන් ඡයාරූපයක්?
Fact Check By: Kalana KrishanthaResult: False
Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,