දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

අද කාලයේ ජංගම දුරකතනයක් පාවිච්චි කරන්නේ නැති කෙනෙක් සොයාගැනීමටත් අපහසුයි. මේ අතර පෙර ගෙවුම් සම්බන්ධතා භාවිතා කරන බොහෝ දෙනා ජංගම දුරකතනයට මුදල් දමාගැනීම සදහා පාවිච්චි කරන්නේ රිචාර්ජ් කාඩ්පත්. මෙම රිචාර්ජ් කාඩ්පත් වෙළඳසැලින් මිලට ගෙන එහි ඇති රිදී පැහැති ස්ථරය සූරා, ඉන් අනතුරුව එම කාඩ්පතේ දිස්වන අංක ජංගම දුරකතනයට ඇතුල් කිරීම හරහා පෙර ගෙවුම් ගිණුම, රීචාජ් කිරීමක් සිදුවෙනවා.

කෙසේ වෙතත් ඇතැම් සමාජ ජාලා සටහන්හි දැක්වෙන්නේ මේ ආකාරයට කාඩ්පත්වල ඇති සිල්වර් නයිට්‍රෝ ඔකසයිඩ් තීරය නියපොත්තෙන් සීරිම අනතුරුදායක බවත් එමඟින් චර්ම පිළිකා ඇතිවිය හැකි බවත්. ඒ සම්බන්ධයෙන් අප සිදුකල කරුණු විමසා බැලීමයි මේ.

සමාජ ජාලා සටහන්

ජංගම දුරකථන රීචාර්ඩ් කිරීමට යොදාගන්නා කාඩ්පතක සේයාරුවක් සමග පහත සටහන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා අතරේ හුවමාරු වන ආකාරය දක්නට ලැබුණා.

රිදී නයිට්‍රෝ ඔක්සයිඩ් නිසා ඇති වන නව පිළිකාවක් ඇමරිකාවේ වෛද්‍යවරුන් විසින් සොයාගෙන ඇත.

ඔබ නැවත ආරෝපණය කිරීමේ කාඩ්පත් මිලදී ගන්නා ඕනෑම අවස්ථාවක, නියපොතු වලින් සීරීමට ඉඩ නොතබන්න, එහි සිල්වර් නයිට්‍රෝ ඔක්සයිඩ් ආලේපනය ඇති අතර එය සමේ පිළිකාවක් ඇති කළ හැකිය.”

Facebook | Archived

එසේම රිදී නයිට්‍රෝ ඔක්සයිඩ් නිසා ඇති වන නව පිළිකාවක් ඇමරිකාවේ වෛද්‍යවරුන් විසින් සොයාගෙන ඇති බව දක්වමින් තවත් කරුණු පෙළක් ද සමඟින් සටහන් පෙළක් හුවමාරු වෙනු අපට දක්නට ලැබුණු අතර එහි අප මීට පෙර කරුණු පරීක්ෂාවක් සිදුකළ අන්නාසි සහ උණු වතුර පානය පිළිකාවට ප්‍රතිකාරයක් ලෙස බොහෝ දෙනා අතර හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන ද ඇතුළත් බව දැක ගන්නට ලැබුණා.

Also Read: අන්නාසි කැබලි කිහිපයක් උණුවතුරට දමා බීමෙන් පිළිකාව සුව වෙනවාද ?

රිදී නයිට්‍රෝ ඔක්සයිඩ් නිසා ඇති වන නව පිළිකාවක් ඇතිවීමේ අවදානම ගැන අප කරුණු විමසා බැලුවේ මෙලෙසින්.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

අප මුලින්ම අවධානය යොමුකළේ ජංගම දුරකතන සදහා වන රිචාර්ජ් කාඩ්පත්වල නියපොත්තෙන් සූරන කොටසේ සිල්වර් නයිට්‍රෝ ඔක්සයිඩ් නම් රසායනික සංඝටකයක් අඩංගුව ඇතිද යන කාරණයයි. එහිදී අපට පෙනී ගියේ එවැන්නක් පිලිබඳ විශේෂ සඳහනක් නොමැති බවයි.

එම කොටසේ ඉතා සියුම් ස්ථර කිහිපයක් දක්නට ලැබෙන බවත් එම ස්ථර වල සංයුතිය පරික්ෂා කල විට ලෝහමය සංයෝග දක්නට ලැබෙන බව වාර්තා වෙනවා. උදාහරණ ලෙස ටයිටෙනියම්, යකඩ ,පොටෑසියම් ,ටින් ආදි ලෝහ මුලික සංයෝග තිබෙන බව රසායනික විශ්ලේෂණවලින් තහවුරුව ඇත. ලෝහමය නොවන මුලද්‍රව්‍ය ලෙස පොස්පොරස් සහ සල්ෆර් ද පවති.

තහවුරුව ඇති අනෙත් වැදගත්ම කාරණය නම් එහි විකිරනශීලි මුලද්‍රව්‍ය වන යුරේනියම්,තෝරියම්,පොලෝනියම් ආදිය හෝ අනෙත් මුලද්‍රව්‍ය වල විකිරනශීලි සමස්ථානික දක්නට නොමැති වීමයි. එම නිසා එම ස්ථරය සිරිම මගින් චර්ම පිළිකා ඇතිවිය හැකිය යන මතය නිශේධනය වේ.

කෙසේ නමුත් මෙම රසායනික ද්‍රව්‍ය මගින් සෞඛ්‍යමය ගැටළු ඇතිවිය හැකියි. ඒ ඇගිලි තුඩු වල තැවරී මෙම රසායනික ද්‍රව්‍ය ආහාර මාර්ගය හරහා සිරුරට ඇතුලුවුවහොත්. එම අවදානම අඩුකරගැනීම සදහා ,මෙය සීරීම සදහා නියපොතු වෙනුවට කුඩා බ්ලේඩ්තල හෝ කතුරක් යොදාගැනීම වඩා යෝග්‍ය වෙනවා. නියපොත්ත මගින් සිරිම සිදුකරන්නේනම් සිරිමෙන් පසු හැකි ඉක්මනින් ඇත සෝදාගැනීම ආදිය කල හැකියි.

කාඩ්පතේ සූරන කොටසේ රසායනික සංයුතිය කෙබදුද යන්න විමසා බැලිය හැකියි මෙතනින්.

වෛද්‍ය මතය

American Cancer Society නම් ආයතනයේ ප්‍රධාන වෛද්‍යමය සහ පර්යේෂණ නිලධාරි වෛද්‍ය William Cancer විසින් ප්‍රංශ පුවත් සේවයට තහවුරු කර සිටින්නේ ද මේ ආකාරයේ පිළිකාකාරක සංයෝගයක් නොපවතින බවයි. ඒ සම්බන්ධයෙන් වන වාර්තාව කියවිය හැකියි මෙතනින්. Archived.

මේ පිළිබඳව අප මහරගම පිළිකා රෝහලෙන්ද විමසීමක් සිදු කළ අතර ඔවුන් ද සඳහන් කර සිටියේ මේ ආකාරයේ පිළිකාකාරක ද්ද්‍රව්‍යක් පිළිබඳව මෙතෙක් සිදුකර ඇති පර්යේෂණවලදී විද්‍යාත්මක ඔප්පු වී නැති බවයි.

සිල්වර් නයිට්‍රෝ ඔක්සයිඩ් ලෙස හැඳින්වෙන රසායනික සංයෝගයක් පවතින්නේ ද නැහැ!

අප සිල්වර් නයිට්‍රෝ ඔක්සයිඩ් ලෙස සදහන් සංයෝගයක් පවතී ද, එහි රසායනික සහ භෞතික ගුණ කෙබදු ද යන්න ඇමෙරිකා එක්සත් ජනපද රජයේ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවට අයත් ප්‍රධානම පර්යේෂණ ඒකකය වන ජාතික සෞඛ්‍ය ආයතනය (National Institute of Health) හි දත්ත හරහා විමසා බැලුවා. එහිදී අපට දක්නට ලැබුණේ එවන් සංයෝගයක් නොපවතින බවයි. ඒ සම්බන්ධයෙන් ඔබටත් එම වෙබ් අඩවිය හරහා සොයා බැලිය හැකියි මෙතනින්.

කෙසේවෙතත් සිල්වර් සහ නයිට්‍රික් අමිල යොදාගනිමින් නිපදවන සිල්වර් නයිට්‍රේට්හි ඔක්සයිඩ පවතිනවා. සිල්වර් නයිට්‍රේට පිලිබඳ විස්තර මෙතනින්. මෙම දිගු කාලයක් නිරාවරණය වීමේ දී ඇස්වලට, සමෙහි ඇතැම් ආසාත්මිකතා මෙන්ම හිසරදය, කරකැවිල්ල, ඔක්කාරය සහ වමනය වැනි තත්වයන් ඇතිවිය හැක. නමුත් මෙම සංඝටකය ජංගම දුරකථන කාට්පතේ සුරන කොටසේ පවතින්නේ නැහැ.

සාමාන්‍ය තත්වය යටතේ ජංගම දුරකථන භාවිතයෙන් පිළිකා ඇතිවීමේ අවදානමක් නැහැ

මේ පිළිබඳව ද බොහෝ මතවාද තිබෙන අතර පරියේෂණ ද රැසක් සිදුකර තිබෙනවා රැහැන් රහිතව සන්නිවේදනය (wireless) කිරීම සඳහා . ජංගම දුරකථන රේඩියෝ සංඛ්‍යාත විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර (RF-EMF)යොදාගන්නවා.

2022 වසර ආරම්භයේ දී බිලියන 8කටත් වැඩි ජංගම සබඳතා (subscriptions) ලොව පුරා පැවති අතර සාමාන්‍ය තත්ව යටතේ ජංගම දුරකථන භාවිතය brain tumors ඇතිවීමේ සම්භාවිතාව වැඩි කරන්නේ නැති බව ද මේ පිලිබඳ අධ්‍යයනන් හි දී සොයාගෙන තිබෙනවා. එම පර්යේෂණ වාර්තාව මෙතනින්

ජාතික පිළිකා මර්දන වැඩසටහන

මෑතකදී ජාතික පිළිකා මර්දන වැඩසටහනින් පරීක්ෂණයන් සිදු කොට ලංකාවේ ඇති පිළිකා කාරක වර්ග 32 හඳුනා ගත් අතර මේතාක් දුරට සිදු කර ඇති පරීක්ෂණ දත්ත අනුව ලෝකයේ WHO විසින් පරීක්ෂණ සිදු කොට හඳුනා ගෙන ඇත්තේ බලවත් පිළිකා කාර වර්ග 121ක් බවත්, ඒවා අතරින් හෝ සිල්වර් නයිට්‍රෝ ඔක්සයිඩ් මෙතෙක් පිළිකා කාරකයක් ලෙස හඳුනාගෙන නොමැති බවයි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ වෛද්‍ය නදීෂා රත්නසේකර පැවසූවේ.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය )

අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරුවූ කාරණය වන්නේ සිල්වර් නයිට්‍රෝ ඔක්සයිඩ් ලෙස සදහන් රසායනික සංයෝගයක් හෝ පිළිකාකාරකයක් මෙතෙක් සොයාගෙන නොමැති බවයි. කෙසේ වෙතත් ජංගම රීචාජ් කාඩ්පතක් සිරිමෙදී ඇගිලි වල තැවරෙන රසායනික සංඝටක , ආහාර ලබාගන්නා අවස්ථා ආදියේදී ශරීරයට ඇතුල් වීම මගින් වෙනත් සෞඛ්‍යමය ගැටළු ඇතිවිය හැකි නිසා වඩාත් සුදුසු වන්නේ කාඩ්පත සීරීම සදහා නියපොතු වෙනුවට බ්ලේඩ් තලයක්, කාසියක් හෝ කුඩා කතුරු තුඩක් වැනි දෙයක් භාවිතා කිරීමයි.

Also Read : අපේක්ෂා පිළිකා රෝහලේ ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුවක් තියෙනවද?

FACT CHECK: ස්කෑන් පරීක්ෂාවකට මුහුණ දීම, පරමාණු බෝම්බක් හා සමාන විකිරණවලට මුහුණදීමේ අවදානමක්ද?

Avatar

Title:ජංගම දුරකථන රීචාර්ඩ් කාඩ්පත නිසා ඔබට චර්ම පිළිකා අවදානමක් නැත!

Fact Check By: Kalana Krishantha

Result: False