දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

රාජාලියාට ඉහළින් පහරදිය හැකි එකම කුරුල්ලා කපුටා බව සහ ඒ හා බැදුණු තවත් ප්‍රකාශ කිහිපයක් සමග සමාජ ජාලා සටහන් වසර ගණනාවක සිට පැතිරෙනවා. බොහෝ පිරිස් එම සමාජ ජාලා සටහන් හුවමාරු කරගන්නා ආකාරයක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම එම සමාජ ජාලා සටහන්වල ඇති රාජාලියා විසින් කපුටු ප්‍රහාරයෙන් බේරෙන ආකාරය , බොහෝ අවස්ථාවලදී ධනාත්මක චින්තනය පිළිබද දේශකයන් සහ පුද්ගල අභිප්‍රේරකයන් විසින් සිය දේශනා පැවැත්වීමේදී සහ සමාජ ජාලා සටහන් සැකසීමේදී භාවිතා කරන බවක් පෙනී යනවා. මේ අප විසින් ඒ පිලිබදව සිදුකරන කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන්

රාජාලියන්ට එරෙහිව ප්‍රහාර දියත්කල හැකි එකම පක්ෂි විශේෂය කපුටන් බව සහ වෙනත් කරුණු ඇතුලත්ව සමාජ ජාලා සටහන් පැතිර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived

මෙම සටහන් තවත් සේයාරුවක් යොදාගෙන සකසා තිබුණේ මෙලෙසින්.

Facebook | Archived

මෙම සටහන් සම්බන්ධව පරිශීලකයන් අදහස් දක්වා තිබුණේ පහත අයුරින්.

මේ ආකාර සටහන් ෆෙස්බුක්වල බහුලව ව්‍යාප්තව පැවතියේ මෙලෙසින්.

මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

අප මුලින්ම මෙහි දක්වා ඇති සේයාරූ Reverse Image සෙවීමකට ලක්කළා. එහිදී අපට දැකගන්නට ලැබුණේ 2015 වසරේදී එක්සත් ජනපදයේ වොෂින්ටන්හි වෙරළබඩ පෙදෙසකදී ආධුනික ඡයාරූප ශිල්පියෙක් වන Phoo Chan විසින් ලබාගත් සේයාරූ වන බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ඔහු පවසන්නේ තමන් ගොදුරු සොයමින් අහසේ ඔබ මොබ ගමන් කරන රාජාලියෙක්ව ඡයාරූප ගතකරන අතරතුරදී අහම්බෙන් එතැනට කපුටෙක් පැමිණ මෙම සේයාරූ වල දැක්වෙන ආකාරයට හැසිරෙන බව කැමරාවේ සටහන් වූ බවයි. මෙම සිදුවීම තත්පර කිහිපයක් පමණක් තිබුණු අතර ඉන් අනතුරුව රාජාලියා සහ කපුටා වෙනස් පැති දෙකකට ගමන් කල බවත් ඔහු පවසා තිබුණා. එම සිදුවීම සම්බන්ධව සේයාරූ හා සමග Daily Mail පුවත්පත වාර්තා කර තිබුණා. පුවත්පත් වාර්තාවට පිවිසිය හැකියි මෙතනින්. Archived

මේ පිලිබදව කරුණු විමසීමක් කරන Lead Stories ආයතනය විසින් කුරුල්ලන් පිලිබදව සංරක්ෂණ කටයුතු සහ පර්යේෂණ සිදුකරන ප්‍රකට The Audobone Society නම් සංවිධානයෙන් විමසූ විට ඔවුන් පැහැදිලිවම පවසන්නේ කපුටන් පමණක් නොව වෙනත් කුඩා කුරුළු විශේෂ විශාල පිරිසක්, රාජාලියන්ට පමණක් නොව තම බල ප්‍රදේශයට පැමිණෙන ඕනෑම ගොදුරු සොයන විශාල විලෝපික පක්ෂීන්ට මේ ආකාරයෙන් පහරදීම හෝ කල්ලි වශයෙන් ගොස් පහරදී එලවාදමිම සිදුකරන බවයි.

එමෙන්ම රාජාලියන් ඉහලට පියාසර කරන්නේ කපුටන් ඔක්සිජන් හිගව බිම වැටෙන තෙක් නොව, ඉහළ අවකාශයට පියාසර කරන විට කපුටන්ට රාජාලියන් නිසා ඇතිවන තර්ජනය ඉවත්ව යන නිසා කපුටන් තවදුරටත් රාජාලියන් පිටුපස ලුහු නොබඳින බවයි.

එසේම රාජාලියන්ව පමණක් නොව අනෙකුත් විශාල විලෝපික පක්ෂින්ව එළවා දමන කපුටන් ඇතුලු කුඩා පක්ෂීන්ගේ හැසිරීම මේ ආකරයෙන් සිදුවන බවත් ඔවුන් පවසනවා. ඊට අමතරව විශාල විලෝපික පක්ෂීන් පසුපස කුඩා පක්ෂීන්ට ඉහළ අහසේදී ලුහුබැදීම අපහසු බවත් එයට හේතුව විශාල පක්ෂීන්ගේ පියාසර වේගය කුඩා පක්ෂීන්ට වඩා වැඩි නිසා බවයි ඔවුන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් වන Lead Stories හි කරුණු විමර්ශනයට පිවිසිය හැකියි මෙතනින්.Archived

කපුටෙක් නොවන එවැනි වෙනත් කුඩා කුරුල්ලෙක් (Red-winged Blackbird) රාජාලියෙක්ට පහර දෙන ආකාරය වනජීවී ඡයාරූප ශිල්පියෙක්ගේ කැමරා කාචයට හසුව තිබුණේ පහත අයුරින්.

Archived

තවත් එවන් සේයාරුවක් පහතින්.

Archived

2011 වසරේ නොර්වේ රාජ්‍යයේදී ලබාගත් සේයාරුවක දැක්වෙන්නේ මුහුදු ලිහිණියෙක් විසින් රාජාලියෙක්ට පහරදෙන ආකාරයයි. එම සේයාරුව සහ විස්තර පරිශීලනය කරගත හැකියි මෙතනින්.Archived

කුඩා පක්ෂීන් මේ ආකාරයට විශාල පක්ෂීන්ට පහරදෙන්නේ හෝ ඔවුන්ව ලුහුබදින්නේ තමන් ජිවත්වන ප්‍රදේශයට, පැටවුන් සිටින ප්‍රදේශයට හෝ කැදලි තනා ඇති ප්‍රදේශවලට විශාල විලෝපික පක්ෂීන් ඇතුළුවීම වලක්වා ලීම සදහායි. මෙවැනි සිදුවීම් නිසා බොහෝ අවස්ථාවලදී කිසිදු පාර්ශවයකට ජිවිත හානියක් සිදුවන්නේ නැහැ. බොහෝ විට සිදුවන්නේ විශාල පක්ෂීන් එම අවස්ථාව මගහැර එතනින් ඉවත්ව යාමයි.ඒ සම්බන්ධයෙන් වන වැඩිදුර විස්තර කියවා බැලිය හැකියි මෙතනින් සහ මෙතනින්. Archived & Archived

කුඩා පක්ෂියෙක් විසින් රාජාලියෙක්ව ලුහුබදින ආකාරය දැක්වෙන වීඩියෝවක් පහතින්.

ශ්‍රී ලාංකික පක්ෂීන් පිළිබද පර්යේෂකයන්ගේ අදහස්ද සහිතව මෙම ලිපිය ඉදිරියේදී යාවත්කාලීන කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:රාජාලියාට පහරදිය හැකි එකම කුරුල්ලා කපුටාද?

By: Kalana Krishantha

Result: Explainer