දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ නන් අයුරින් ඇතැම් අවශ්‍යතාවන් සඳහා ජනතාව දැනුවත් කරමින් උදව් උපකාර කිරීමේ යහපත් අයුරින් ජනතාව දැනුවත් කිරීම් සිදු කරනු ලබනවා. ඇතැම් අවස්ථාවල එම පණිවිඩ නිසියාකාරව ග්‍රහනය නොකර ගැනීම හේතුවෙන් එම උපකාර ලබා දෙන තැනැත්තාට හෝ ආයතනයන්ට ලබා දෙන උපකාරයන් නිෂ්පල උත්සහයක් වනවා සේම උපකාර කිරීමට සැදී පැහැදී සිටින ජනතාව ද, නොමග ගොස් අත්‍යවශ්‍ය උපකාරය ලබා නොදීමට සිදුවීම තුළින් සියලු ක්‍රියාවන් නිෂ්පල විය හැකියි.

එවැනි උපකාර ලබා දෙන අවස්ථාවක් නොමග යන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම හේතුවෙන් ළමා ජීවිත ගණනක් බේරා ගැනීමේ අවස්ථාව මගහැරීමට ඉඩ තිබූ වස්ථාවක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

රිජ්වේ ආර්යා ළමා රෝහල රටෙන් හදිසි ඉල්ලීමක් කරයි. හැකි ඉක්මනින් ළමා හෘද රෝග දැඩි සත්කාර ඒකකයට රුධිර පරීක්ෂණ කට්ටල ලබා දෙන්න යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූවා.

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වූයේ මෙලෙසින්.

ඇතැම් වෙබ් වාර්තා වල ද, මේ පිළිබඳව දක්වා තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link | Archived Link

මෙය සත්‍ය තොරතුරක්ද යන්න විමසා බොහෝ දෙනෙකු අපෙන් කළ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මේ පිළිබඳ සොයා බැලීමට අප කටයුතු කළා.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

මාධ්‍ය ධාරා හරහා රිජ්වේ ආර්යා ළමා රෝහල මෙවැනි ඉල්ලීමක් සිදු කර තිබුණා ද, යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂාවක් සිදු කළා.

නමුත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘද රෝග දැඩි සත්කාර ඒකකයට රුධිර පරීක්ෂණ කට්ටල අවශ්‍යතාවයක් ඇති බවට හෝ ඒවා ලබා දෙන ලෙසට ඉල්ලීමක් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර නොතිබුණි.

මේ හේතුවෙන් අප රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් සිදු කළා.

වෛද්‍යවරයා සඳහන් කළේ, රිජ්වේ ආර්යා ළමා රෝහලට අවශ්‍ය වන්නේ, රුධිර පරීක්ෂණ කට්ටල නොව රුධිර වායු විශ්ලේෂක ප්‍රතික්‍රියාකාරකය (Blood Gas Analyzer Reagent) කට්ටල බවයි.

හෘද සැත්කම් සිදුකළ දරුවන්ට දැඩිසත්කාර ඒකකයේදී කෘතීම ස්වසන යන්ත්‍රයට සවිකරන අතර එහිදී දරුවාගේ රුධිරයේ සංයුතිය නිසි පරිදි පවතින්නේද යන්න පිළිබඳව පරික්ෂා කර බලා කෘතීම ස්වසන යන්ත්‍රය දරුවාට හිතකර වන ලෙස වෙනස් කළ යුතු බවත් මේ සඳහා රුධිරයේ වායු සංඝටක සංයුතිය බැලීම සඳහා මෙම රුධිර වායු විශ්ලේෂක ප්‍රතික්‍රියාකාරකය (Blood Gas Analyzer Reagent) කට්ටල අවශ්‍ය බව ත් ඔහු පවසා සිටියා.

මෙම එක් කට්ටලයක් ලක්ෂ 5ක් පමණ වන අතර එක් කට්ටලයකින් රෝගීන් 250 ක් පමණ පරීක්ෂණ සිදු කළ හැකි බව ත්, හෘද සැත්කම් සිදුකළ දරුවන්ට දිනකට එම පරීක්ෂණ 10ත් 15 ත් අතර ප්‍රමාණයක් සිදු කළ යුතු අතර මෙම දැඩිසත්කාර ඒකකයේ ඇඳන් 15ක් පමණ ඇති බැවින්, මෙම කට්ටයලකින් දරුවන් 15 දෙනකුට දින තුනක් පමණක් එක් කට්ටලයක් ප්‍රමාණවත් වන බවත්, මෙය දරුවන්ගේ ජීවිත රැක ගැනීම සඳහා දැඩි අවශ්‍යතාවයකින් පසුවන බව ත්, පරිත්‍යාග ශීලි පිරිසගෙන් මේ සඳහා උපකාර කරන ලෙස ත්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති මහතා ඉල්ලීමක් සිදු කළා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:රිජ්වේ ආර්යා ළමා රෝහලේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි!

By: Pavithra Sandamali

Result: Explainer