දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

දින කිහිපයකට පෙර පුත්තලම කල්පිටිය ප්‍රදේශයට තල්මසුන් පිරිසක් ගසා ගෙන පැමිණි බවට වාර්තා වුණා. මෙම තල්මසුන්ගෙන් කිහිපදෙනෙක් මියගොස් තිබු අතර ඉතිරි තල්මසුන් මුහුදට මුදාහැරිම සඳහා වන මෙහෙයුම් ක්‍රියාත්මක වුයේ වනජීවී දෙපාර්තුමේන්තුව ,නාවික හමුදාව ,ප්‍රදේශවාසින්ගේද සහාය ඇතිවයි.

මෙවන් පසුබිමක, වෙරළට ගසාගෙන පැමිණි තල්මසුන් පිරිසකට ළමුන් කණ්ඩායමක් හිරිහැර කරන සේයාරූ සමාජ ජාලා ඔස්සේ සංසරණය වුණා. මේ ඒ සම්බන්ධයෙන් Fact Crescendo කණ්ඩායම සිදුකල කරුණු විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන් 

කල්පිටියට පැමිණි තල්මසුන්ට ළමුන් හිරිහැර කරන ආකාරයක් සමාජ ජාලා සටහන්වල බහුලව ව්‍යාප්තව තිබුණා. පහතින් දැක්වෙන්නේ එවන් එක සටහනක් .

"තල්මසුන් පීඩාවට පත් කිරීමේ නීති උල්ලංඝනය.

අද දින කල්පිටිය ප්‍රදේශයට ගොඩගසා ඇති Pilot Whale විශේෂයේ තල්මසුන්ට විවිධ ආකාරයේ හිරිහැර කිරීම් සිදු කරන ලමුන් සහ කාන්තාවන් ඇතුළු පිරිසක් පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය හරහා හෙලිදරව් කර තිබේ.

ගොඩ ගැසුණු තල්මසුන් හැකි ඉක්මනින් යලි මුහුදට යැවීම කල යුතු වුවත් මෙසේ පීඩාවට මෙන්ම ජීවිත අනතුරේ සිටින තල්මසුන්ට හිරිහැර කිරීම හා ඒ තුලින් විනෝද වීම අදාළ අයගේ අශිෂ්ඨ සහ සහ කම්පනයෙන් තොර අසංවේදී බව පෙන්නුම් කරන්නකි. මෙවැනි ගති ලක්ෂණ සමාජයට තර්ජනයක් වේ.

එසේම මෙම කටයුතු සත්ව හිංසා ආඥා පනතේ දෙවන සහ තෙවන වගන්ති යටතේ වරදවල් වේ.

මීට අමතරව එම ක්‍රියාවන් වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 30 වන වගන්තිය අනුවද වරදවල් වේ.

එමෙන්ම මෙම පනත් දෙක යටතේම මේ වරදවල් සඥේය වරදවල් නිසා වරෙන්තු නොමැතිව අත් අඩංගුවට ගැනීමට හැකි වේ.

සතුන්ට කල කෲර කම් වලට අමතරව මෙවැනි ක්‍රියා නිසා සමාජයට අනාගතයේ මුහුණ දීමට සිදුවන අනතුරු ගැන සිතුවද එවන් කටයුතු හැකි සෑම විටම මුලිනුපුටා දැමීමට කටයුතු කල යුතු වේ.

එම නිසා මෙම ඡායාරූප වල සිටින සහ මේ අකටයුතු වලට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වී ඇති අනෙකුත් සියලුම වැඩිහිටියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ක්‍රියා කල යුතුය.

Facebook | Archived

ඒ සම්බන්ධයෙන් පළවුණු අදහස් කිහිපයක් පහතින්.

මේ සම්බන්ධ කරුණු විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.

කරුණු පැහැදිලි කිරීම

පළමුවෙන්ම කල්පිටිය වෙරළට තල්මසුන් ගොඩගැසූ පුවත් පිලිබඳ අප පරික්ෂා කර බැලුවා. කල්පිටිය කුඩාව ඕෂන් විව් බීච් සංචාරක හෝටලය අසල මුහුදු තීරයට ගොඩ ගසා ඇත්තේ පයිගලාට් ගව්ල්පස් (Short–Finned Pilot ) විශේෂයට අයත් තල්මසුන් වර්ගයක්. එසේ ගොඩගසා තිබු තල්මස් පැටවුන් 14 දෙනා අතරින් තිදෙනක් මියගොස් සිටි බව කල්පිටිය වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලය සදහන් කරනවා. තල්මස් පැටවුන් 11 දෙනෙකු මහත් පරිශ්‍රමයක් දරා මුහුදට යැවූ බව ද එම කාර්යාලය පවසනවා.

ඒ සම්බන්ධ වාර්තාවක් කියවිය හැකියි මෙතනින් සහ මෙතනින්. නාවික හමුදාවේ නිල ප්‍රකාශය මෙතනින්

කෙසේ නමුත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණේ කුඩා දරුවන් පිරිසක් තල්මසෙක්ට හිරිහැර කරන ආකාරයක් දැක්වෙන සේයාරූ පිලිබදව සහ ඒ ආශ්‍රිත පසුබිම පිලිබදවයි.

අප සමඟ සම්බන්ධ වෙමින් අයාලේ සංචාරක ගමනාන්ත ආයතනයේ හිමිකරු සුරේෂ් දර්ශන කළුබෝවිල මේ පිලිබඳ අදහස් දැක්වුවා. ඔහු පැවසුවේ, අයාලේ ට්‍රැවල්ස් කණ්ඩායමේ සාමාජිකයෙකු ලබාගත් ඡායාරුපයක් මෙලෙස සමාජ ජාලා අඩවි තුළ නොමඟ යවන සුළු අර්ථකතනයකින් හුවමාරු වන බවයි.

සුරේෂ් පවසන්නේ එම ළමුන් කණ්ඩායම ප්‍රදේශයේ ධිවර ගම්මානයක දරුවන් පිරිසක් බවත් ඔවුන් මේ ආකාරය මීට පෙර ද වෙරළට ගොඩ ගසා තිබු මියගිය තල්මසුන් සමඟ මත නැගී මේ ආකාරයට බොහෝ දුරට සෙල්ලම් කර තිබිය හැකි බවයි.

කෙසේනමුත් එම ක්‍රියාව අනුමත කල නොහැකි බවත්, මේ පිළිබඳව එම දරුවන්න්ගේ දෙමව්පියන් හා වැඩිහිටියන් අවවාද කළ යුතු බවත් පවසන සුරේෂ් පැවසුවේ ඔහු ද එම එක ඡායාරුපයක සිටින බවත්, ඒ හේතුවෙන් සේයාරුවේ සිටින්නේ ඔහුගේ දරුවන් බවට අසත්‍ය වෛරී ප්‍රචාර ද තමා වෙත එල්ල වී තිබෙන බවයි.

අයාලේ හිමිකරු සුරේෂ් ද දක්නට ලැබෙන සහ වෙනත් එම අවස්ථාවේ ලබාදෙන තිබු සේයාරූ පහතින්.

මේ පිලිබදව අයාලේ කණ්ඩායම විසින් ,සේයාරූ එක්කර තිබුණු ආකාරය මෙතනින්

කල්පිටිය වෙරළට තල්මසුන් පැමිණීම සහ ඔවුන්ව නැවත මුහුදට යැවීමට ප්‍රදේශවාසින් , රාජ්‍ය යාන්ත්‍රණය හා එක්ව කටයුතු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මෙතනින්

කල්පිටිය වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලය

මෙම සිදුවීමේ සම්බන්ධයෙන් කල්පිටිය වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය සම්බන්ධ කර ගැනීමට අප කිහිප විටක්ම උත්සාහ කලත් එම උත්සාහය සාර්ථක වුවේ නැහැ .

මියගොස් ඇති තල්මසුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී සැලකිලිමත් විය යුත්තේ ඇයි?

මියගිය  තල්මසුන් වෙරළට ගොඩ ගසා ඇති විට ඔවුන් ආසන්නයටම යාම හෝ ඔවුන් ගේ දේහයන් මත නැගී සේයාරූ ගැනීම සිදු නොකළ යුතු බව සාගර ජිව විද්‍යාඥක් වන නිශාන් පෙරේරා අප සමග පැවසුවා. ඔහු පැවසුවේ මෙම සත්ත්වයන්ගේ දේහ වල පවතින විෂබීජ නිසා මෙන්ම දේහ කුහරය තුළ විෂ වායු රැස්වී මෙම මල සිරුරු පුපුරා යාම වැනි තත්ත්වයන්ද ඇතිවිය හැකි බවයි.

මියගිය තල්මසුන් ලඟට යාමෙන් සහ ඔවුන් අතපත ගෑමෙන් කුඩා ළමුන් වැලකි සිටිය යුත්තේ ඇයි ද යන්න පිලිබඳ කරුණු දක්වා තිබු වීඩියෝවක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:“තල්මසුන්ට හිරහැර කරන ළමුන්”, සේයාරූ පිළිබද කරුණු විමසා බැලීමක්!!

By: FactCrescendo Team

Result: Explainer