දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සමාජ ජාලා හරහා හුවමාරුවන ඇතැම් ඡායාරූප, එය ලබාගෙන තිබෙන බව කියන අවස්ථාවේ ඇති වැදගත්කම නිසාම වැඩි තැකීමකින් තොරව බොහෝ දෙනා හුවමාරු කරගැනීමට පෙළඹෙනවා.

එවැනි 1848 වසරේ ලබාගත් දුර්ලභ ඡායාරුපයක් ලෙස හුවමාරු වූ සටහනකින් දැක්වුණේ එම අවධියේ ඇතිවූ කැරැල්ලෙන් පසුව ඝාතනය ලක්වූ ප්‍රකට හිමිනමක් වන කුඩාපොළ හිමියන්ව, සුදු ජාතිකයන් විසින් අත්අඩංගුවට ගෙන ඝාතනය කිරීමට ගෙන යන අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයක් බවයි. මේ පිලිබදව අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක් පහතින්.

සමාජ ජාලා සටහන් 

කුඩාපොළ හිමියන්ව ඝාතනය කිරීම සදහා ගෙන යන අවස්ථාවේ ඡායාරූපයක් ලෙස මීට වසර කිහිපයකට පෙර පළකර මේ වන විටත් සමාජ ජාලා හරහා හුවමාරුවන සටහනක එම සිදුවීම විස්තර කර තිබුණේ මෙලෙසින්.

“ඓතිහාසික ඡායාරූපයක්! 1848 කැරැල්ලේ තිරය පිටුපස දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ කුඩාපොල හිමියන් අත්අඩංගුවට ගෙන ඝාතනය කිරීමට රැගෙන අයුරු දැක්වෙන අති දුර්ලභ ඡායාරූපයක්!”

Facebook | Archived

ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මෙම සේයාරුව ෆේස්බුක් තුළ බහුලව පැතිර තිබුණේ මෙලෙසින්.

මෙම ඡායාරූපය ඇත්ත වශයෙන්ම ලබාගෙන තිබු අවස්ථාව කුමක් ද?

KeyWord Search මගින් මෙහි මුල් සේයාරුව කුමක්ද යන්න සොයා ගැනීමට අපට හැකියාව ලැබුණා. 2006/07 සමයේ ස්වාධීන රුපවාහිනියේ විකාශනය වූ 1848 කැරැල්ල සම්බන්ධ ‘මහතලා හටන’ නම් ටෙලි නාට්‍යයේ දර්ශන වලින් ලබාගෙන, සුදු - කළු සහ පැරණි පෙණුමක් ලබාගෙන ලෙස සංස්කරණයට ලක්වූ සේයාරුවක් බව එහිදී අපට දැකගන්නට ලැබුණා.

සත්‍ය වශයෙන්ම කුඩාපොළ හිමියන්ව ඝාතනයට ලක්කිරීමට රැගෙන යන අවස්ථාවේදී ගන්නා ලද ඉතිහාසගත සේයාරුවක් නොවූ නමුත් මෙම සේයාරුව මඟින් නිරුපණය වන්නේ ද 1848 කැරැල්ල අවස්ථාවේදී කුඩාපොළ හිමියන් ඝාතනයට ලක්වන ඉතිහාසගත සිදුවීමයි.

‘මහතලා හටන’ නම් ටෙලි නාටකයේ එම අවස්ථාව දැක්වෙන වීඩියෝව දර්ශන පහතින්.

https://www.youtube.com/watch?v=5m13HPwMm7U&t=179s

සේයාරූ සැසදීම පහතින්.

1848 වන විට කළු සුදු ඡායාරූප ලබාගැනීමේ පහසුකම තිබුණා ද?

ලෝකයේ පළමු සේයාරුව ලෙස සැලකෙන්නේ 1826/7 දී ලබාගත් View from the Window at Le Gras නම් ඡායාරූපය යි. එය ලබාගෙන ඇත්තේ Nicéphore Niépce නම් ප්‍රංශ ජාතික ඡායාරූප ශිල්පියායි. ලොව මුල්ම ඡායාරූප ශිල්පියා ලෙස ඔහු හැඳින්වෙනවා. ඡායාරූපකරණයේ ඉතිහාසය සම්බන්ධ විස්තර මෙතනින්. තවත් වාර්තාවක් මෙතනින්

නමුත් 1848 වන විට ඡායාරූප ලබාගැනීමට තරම් ලංකාවේ තාක්ෂනය දියුණුව පැවතුනු බවක් සිතිය නොහැකියි. ලංකාවේ ඡායාරූපකරණයේ ඉතිහාසය පිලිබද විස්තර මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වුයේ 1848 කැරැල්ලෙන් පසු සුදු ජාතිකයන් විසින් කුඩාපොළ හිමියන්ව ඝාතනය සදහා ගෙනයන අවස්ථාවේ ගන්නා ලද සේයාරුවක් ලෙස සමාජ ජාලා වල පැතිරෙන්නේ සංස්කරණය කල සේයාරුවක් බවයි.

ඉතිහාසගත සත්‍ය සේයාරුවක් නොවූ නමුත් මෙම සේයාරුව මඟින් නිරුපණය වන්නේ ද 1848 කැරැල්ල අවස්ථාවේදී කුඩාපොළ හිමියන් ඝාතනයට ලක්වන ඉතිහාසගත සිදුවීමයි. 2006/07 කාලයේ ස්වාධීන රුපවාහිනියේ විකාශනය වූ ‘මහතලා හටන’ ටෙලි නාටකයක් තිබු දර්ශනයකින් ලබාගත් රූප රාමුවක් සංස්කරණය කරමින් මෙම ඡායාරුපය ප්‍රතිනිර්මාණය කර තිබේ .

Avatar

Title:කුඩාපොළ හිමියන් ඝාතනයට ලක්වූ ලබාගත් ඓතිහාසික සේයාරුවක් කියන ඡායාරූපයේ ඇත්ත කතාව!

Fact Check By: Kalana

Result: Misleading