දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද(23) දිනයේ පාර්ලිමේන්තුවේ උණුසුම් මාතෘකාවක් වුණා. මේ අතර මැතිවරණය කල් දමන ලෙස පක්ෂ වලින් සිදු කළ ඉල්ලීම් කිහිපයක් ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළිදරව්වක් ද, සිදු කළා. මේ අතර අනුර කුමාර දිසානායක මහතාගෙන් ද, එවැනි ඉල්ලීමක් සිදු කළ බවට ජනාධිපති විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් ඔස්සේ එහි නිරවද්‍යතාවය පිළිබඳ විමසා බැලීමක් අප විසින් සිදු කළා.

සමාජ මාධ්‍ය සටහන් :

“ජනතා විමුක්ති පෙරමුණත් කිව්වා ඡන්දේ කල් දාන්න කියලා, ඔබතුමත් කිව්වා නේද මට කතා කරලා ඡන්දේ කල් දාන්න කියලා (අනුර කුමාර දිසානායකව පෙන්වමින්)” යනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පැවසු බව හඟවමින් ෆේස්බුක් සටහනක් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook

මෙම සටහන් බොහෝ දෙනෙක් අතර ද පැතිරී තිබුණා.

එසේම මෙම කරුණම පැවසු අවස්ථාවේ වීඩියෝවක් බව පවසමින් “ජනපති පාර්ලිමේන්තුවේදී අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාස පෙන්වමින් ඇත්ත හෙළිකරයි” යනුවෙන් පළවූ වීඩියෝවක් මෙතනින් Archived

මෙම සිදුවීම සම්බන්ධයෙන් අපගෙන් සිදුකරන ලද විමසීම් ද ඔස්සේ මේ පිළිබඳව කරුණු සොයා බැලීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප පළමුව මෙම සිදුවීමට අදාළව අද (පෙබරවාරි 23) දින පාර්ලිමේන්තුවේ දී ජනපති රනිල් වික්‍රමසිංහ අදහස් දැක්වූ දර්ශන පෙළ නිරීක්ෂණය කළා. එම කතාවේ ආරම්භය මෙතනින්.

රටේ පවතින වර්තමාන ආර්ථික තත්ත්වය තුළ ඡන්දයක් පැවැත්වීම මුදල් සපයාගැනීම අපහසු බවත්, තාවකාලිකව පිහිටුවා ඇති මෙම මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ පවැත්වීම පිළිබඳව තීරණය නීත්‍යානුකූලව ගෙන නොමැති බවත් ඇතුළු කරුණු දක්වමින් එම කතාව අතරතුර ජනපති දැක්වූ අදහස් සම්බන්ධයෙන් ජනපති මාධ්‍ය ඒකකය විසින් පළකර තිබු නිවේදනය මෙතනින්

ජනපති රනිල්ගේ කතාව අතරතුර එක් අවස්ථාවක දී විපක්ෂය වෙත අත දිගු කරමින් ඔහු පවසන්නේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට මෙම ඡන්දය මේ මොහොතේ පැවත්වීම අවශ්‍ය නොවන බවත්, පාර්ලිමේන්තුවේ දී හඬක් නගා පසුව ඒ පිළිබඳ කතා කිරීම නවත්වගන්නා බව ත්, ඡන්දය හැකි නම් කල් දමනා ලෙස තමන් ඇතුළු ආණ්ඩු පක්ෂයේ පිරිසකගෙන් ද ඉල්ලා ඇති බවත් යන්නයි. එම අවස්ථාව මෙතනින්.

එසේම නැවත වරක් විපක්ෂය වෙත අත දිගු කරමින් ජනපති එක් වෙලාවක දී අසන්නේ “කිව්වේ නැද්ද ජනතා විමුක්ති පෙරමුණ නවත්තන්න, ඡන්දේ නවත්තන්න කියල...කිව්වේ නැද්ද” යනුවෙනි. එම අවස්ථාව පහතින්.

https://youtu.be/hPrzK0BJIr4?t=4709

එමෙන් ම ජනපති මෙහිදී අත දිගු කර පුද්ගලයා වෙත ම තවදුරටත් අත දිගු කරමින් විපක්ෂය සිටින දිගු කරමින් පවසන්නේ එම පුද්ගලයා නඩුවක් දමා ඇති බවත් නඩුව ඉදිරියට ගෙන යන හැටි ඔහු නොදන්නා බවත්ය.

පළාත් පාලන ආඥා පනත උල්ලංඝනය කිරීමට එරෙහිව අධිකරණය යෑම පිළිබඳව, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ (22) දිනයේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළේ මෙලෙසින්.

ඒ අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙසින් චෝදනාව එල්ල කර තිබෙන්නේ, බොහෝදුරට සමගි ජන බලවේගයේ මහලේකම් වරයාට බව පෙනී යනවා.

අද දින ජාතික ජන බලවේගයේ නායකයා ඇත්තටම පාර්ලිමේන්තුවේ සිටියා ද?

අද දින ජාතික බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වී නොතිබුණි. ඒ, ඔහු ඇතුළු ජා.ජ.බ නායක පිරිසක් රත්නපුරයේ ජන රැලියකට සහභාගී වී තිබීම හේතුවෙන්.

එම ජන රැළියේ දී, ඡන්දය කල් දමමින් සිටින ජනපතිගේ හැසිරීම විවේචනය කරමින් අනුර කුමාර දිසානායක අදහස් දක්වා තිබුණේ, මෙලෙසින්.

එසේම ජාතික ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ද තහවුරු කර සිටියේ අද දින රත්නපුර ජන රැළියට සහභාගී වීම හේතුවෙන් අද දින අනුර කුමාර පාර්ලිමේන්තුවට පැමිණියේ නැති බවයි.

මේ අනුව ජනපති රනිල් අත දික් කරමින්, ඡන්දය කල් දමන ලෙස තමන්ගෙන් ඉල්ලීම් කරන ලෙස චෝදනා කර තිබුනේ අනුර කුමාර දිසානායකට නොවන බවත් පැහැදිලියි.

එසේම ජාතික ජන බලවේගය විසින් පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රධාන නායකයින් කිහිපදෙනෙකුම ඉදිරිපත් කර තිබු අතර පසුගිය කාලය පුරාවටම ප්‍රචාරණ කටයුතු රැසක නිරත වී තිබෙන බව ද නිරීක්ෂණය වෙනවා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජනතා විමුක්ති පෙරමුණත් කිව්වා ඡන්දේ කල් දාන්න යනුවෙන් අනුර කුමාර දිසානායකව පෙන්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේ පැවසූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය බවයි.

අද දිනයේ පාර්ලිමේන්තු සැසිවාරය නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ, ඡන්දේ කල්දමන්න තමන්ගෙන් ඉල්ලීම් කිහිපයක් කළ බවට ජනපති රනිල් වීක්‍රමසිංහ පවසන්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අසුන් ගෙන සිටි දිශාව වෙත අත දිගු කරමින් බවයි. එමෙන් ම, අද දිනයේ අනුරකුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සැසිවාරයට ද, සහභාගී වී නොතිබිණි.

Avatar

Title:ජනතා විමුක්ති පෙරමුණත් ඡන්දේ කල් දාන ලෙස තමාගෙන් ඉල්ලීමක් සිදු කළ බවට ජනාධිපති පැවසුවා ද?

Fact Check By: Pavithra Sandamali

Result: False