දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

අන්තර් පාසල් ක්‍රිකට් තරඟ අතර කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන තරඟයට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ සියවසකටත්වඩා වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන තරඟයක් හේතුවෙන්. මෙම පාසල් අතර මෙවර පැවති ‘නිල් මහා සටනට’ (Battle of the Blues) සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වීඩියෝවක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක්.

සමාජ මාධ්‍ය සටහන් :

“නිල් මහ සටන බලන්න ආපු ජනාධිපති රනිල්....”  යනුවෙන් සඳහන් කරමින් මෑතකදී පැවැත්වූ කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති ක්‍රිකට් ක්‍රීඩා තරඟයේදී වූ සිදුවීමක් ලෙස පහත වීඩියෝව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook 

මෙම වීඩියෝවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ හර්ෂ ද සිල්වා, රවී කරුණාරත්න සහ දයාසිරි ජයසේකර යන අය ද දැකගන්නට ලැබෙන අතර දයාසිරි ජයසේකර විසින් ගායන කරන ගීතයක්, මෙලෙස නර්තනයේ යෙදෙමින් ඔවුන් රස විඳින බව දැක ගන්නට ලැබෙනවා.

එසේම මෙය මෑතක  සිදුවීමක් බවත්, සියලු එක්සත් ජාතික පාක්ෂිකයන් මෙසේ එකට සිටින බවත් හඟවමින්, මෙම වීඩියෝ දර්ශන පෙළ WhatsApp ඔස්සේ ද හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණය සිදු කළේ, පසුගිය 18 වන දා කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති 144 වන නිල් මහා සටනට කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ තිබුණේ ද, යන්නයි.

වසර 7කට පසු ‘නිල් මහා සටනින්’ කොළඹ රාජකීය විද්‍යාලයට ජයග්‍රහණය හිමි වූ අතර එහි ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ තිබුණා. එමෙන්ම ම ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ, තරඟයේ දෙවැනි දිනය වූ මාර්තු මස 17 වන දා ද, තරඟය නැරඹීම සඳහා ජනාධිපතිවරයා මෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි බවයි. එම මාධ්‍ය නිවේදනය මෙතනින්. එම අවස්ථා පිළිබඳ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ වීඩියෝ මෙතනින් සහ මෙතනින්.

එසේම ඉහත වීඩියෝවේ දැක්වෙන දර්ශන ආකාරයෙන් නොවුනත්, ජනාධිපති වික්‍රමසිංහ විසින් සංගීතයට සවන් දෙමින් විනෝදවන අයුරු මෙවර ද, දැක ගන්නට ලැබුණා. එම දර්ශන පහතින්.

Dasatha

එසේම මෙවර ද හර්ෂ ද සිල්වා විපක්ෂ මන්ත්‍රීවරයා ද ජනපති රනිල් ඇතුළු පිරිසක් සමඟ කතාබහක යෙදෙන අවස්ථාවක දර්ශන ද මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්. ජනපති රනිල් මෙන්ම හර්ෂ ද සිල්වා ද රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයන් වෙනවා.

කෙසේනමුත් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව මෙවර ක්‍රීඩා තරඟයේදී දැක ගන්නට ලැබුණු සිදුවීමක් නොවේ. එම වීඩියෝව සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී දැක ගන්නට ලැබුණේ එය 2017 වසරේ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් බවයි. ඒ බවට එම වර්ෂ වලදී ෆේස්බුක් ඔස්සේ හා යූටියුබ් ඔස්සේ පළ ව තිබූ වීඩියෝ මෙතනින් සහ මෙතනින්. Archived Link

ඒ අනුව, ඉහත වීඩියෝව මෙවර ‘නිල්මහ සටනේ’ වීඩියෝවක් නොවන බවට පැවසිය හැක.

මීට වසර 6කට පෙර මෙම වීඩියෝව මුලින්ම පළවූ අවධියේ අගමැතිව සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා වන අතර ඔහු සමඟ ගීතයක් රස විඳිමින් විනෝද වන්නේ එවකට ආණ්ඩු පක්ෂයේ අමාත්‍ය මණ්ඩලයේ පිරිසකි. හර්ෂ ද සිල්වා සහ දයාසිරි ජයසේකර වර්තමානයේ විපක්ෂ මන්ත්‍රීවරු ලෙස කටයුතු කරනවා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව මෙවර කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති 144 වන ‘නිල් මහා සටන’ අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විපක්ෂයේ පිරිසක් විනෝද වන අවස්ථාවක් නොව, මීට වසර 6කට පෙර, එනම් 2017 වසරේ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ වීඩියෝවකි.

Avatar

Title:මෙවර නිල් මහ සටහනේ දී හර්ෂ, දයාසිරි සමඟ ජනපති රනිල් විනොදවන අවස්ථාවක් ද ?(VIDE0)

Fact Check By: Fact Crescendo Team

Result: Misleading