
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
අන්තර්ජාලය හරහා කාලයක් තිස්සේ මිම්ස්(meme) ලෙස සංසරණය වන විශේෂිත ඡායාරූප යොදාගෙන, එය තමන්ගේ රටවල සිදුවීම් ලෙස හැඟවෙන පරිදි, සමාජ මාධ්‍ය ඔස්සේ රීච් ලබා ගැනීම සඳහා ජනතාව නොමග යන අයුරින් සටහන් පළ කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. මේ ආකාරයට ලංකාවේ වීදි ලාම්පු කණුවක් සවිකර තිබු ආකාරයක් ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
“සුද්දෙක්ට ලංකාවේ තිබුන අතීත ශ්‍රී විභූතිය, ලොවක් මවිත කරපු තාක්ෂණය ගැන විස්තර කර කර පාරේ යද්දී…” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ එය මෙරට වූ සිදුවීමක් බවට හඟවමින්.
එම ඡායාරූපයේ දැක්වෙන්නේ අනතුරුදායක ලෙසින් සවිකර තිබූ කණුවක ඡායාරූපයකි.

මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

එසේම බොහෝ දෙනෙක් මෙම සේයාරුවට උපහාසාත්මකව ප්‍රතිචාර දක්වා තිබු අතර මෙය ලංකාවේ මාර්ගයක් හෝ සිදුවීමක් නොවන බවට ද ඒ අතර ප්‍රතිචාර දැකගනන්ට ලැබුණා.

කරුණු පැහැදිලි කිරීම
අප ප්‍රථමයෙන් ම මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.
එහිදී අපට දැක ගන්නට ලැබුණේ, මෙම ඡායාරූපය ජාත්‍යන්තර මාධ්‍ය තුළ ද, සමාජ මාධ්‍ය තුළ විදේශිකයන් අතර ද, සංසරණය වී ඇති ඡායාරූපයක් බවයි.
තවත් අසාර්ථක වූ ඉදිකිරීම් සම්බන්ධ ඡායාරූප පළ කර ඇති ඡායාරූප ගොනුවක එක් ඡායාරූපයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඉහත සේයාරුව ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති බවට අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link
එමෙන්ම 2022 අප්‍රේල් මාසයේ පමණ සිට මෙම ඡායාරුපය හුවමාරු වෙමින් පවතින අබව අපට නිරීක්ෂණය වූ අතර, එම ඡායාරූපය භාවිත කරමින් ඉතාලි භාෂාවෙන් පළ වූ සටහනක දැක්වුණේ, “අවුරුදු 4500 කලින් පිරමීඩ නිවැරැදි ව හැදුවා නමුත් ඇනයක් නිවැරැදිව විද ගන්න බෑ” යනුවෙනි.

පිර්මිඩ ආශ්‍රිත meme රැසකට ද මෙම සේයාරුව යොදාගෙන තිබු අතර මීට පෙර අවස්ථා ගණනාවක දී කැනඩාව, රුසියාව ,ජර්මනියේ, මෙක්සිකෝවේ යනාදී රටවල සිදුවීමක් ලෙස ද හඟවමින්, සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ඡායාරූපය සංසරණය වී තිබුණා. Archived Link | Archived Link
එමෙන් ම මෙම ඡායාරූපය සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයෙන් LinkedIn සටහන් රැසකට ද යොදාගෙන තිබු අතර එවැනි සටහනක් මෙතනින්. Archived Link
කෙසේ වෙතත් පසුගිය වසරවල් වල අන්තර්ජාලය හරහා බහුලව සංසරණය වූ මෙම ඡායාරුපයේ මුල් ඡායාරුපය ලබාගෙන තිබුණේ කුමන රටෙන් ද යන්න පිළිබඳ විස්තර අපට හමුවුනේ නැහැ.
Also Read: ලංකාවේ මාර්ග ලෙස උපහාසාත්මක කෝණයකින් පලකළ සාවද්‍ය සටහනක්!
පාරේ වැටුණු පොල් අත්ත ඉවත් නොකර සුදු ඉර ඇන්ද අවස්ථාවක්ද?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:ලංකාවේ වීදි ලාම්පු කණුවක් සවිකර තිබු ආකාරයක් ද?
Fact Check By: Fact Crescendo TeamResult: Satire