දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

අලි මිනිස් ගැටුම් ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. එය දශක ගණනාවක සිට පවතින ගැටලුවක්. මේ සම්බන්ධව බොහෝ විට අසන්නට ලැබෙන්නේ අනුවේදනීය කතායි. අලි ඇතුන්ගේ මෙන්ම මිනිස්සුන්ගේ මරණද නෙතට කදුලක් එක්කරනවා. කෙසේ නමුත් ඇතැම් අවස්ථාවල අලි මිනිස් ගැටුම් සම්බන්ධයෙන් වූ සත්‍ය සිදුවීම් ද, නොමගයවන සුලු අන්දමින් සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ ,එවන් කරුණක් පිලිබදව අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක්.

සමාජ මාධ්‍ය පළ කිරීම්

"නවගත්තේගම, මහමැද්දෑවේ කුඹුරට ගිය ගොවීන් පිරිසක් පසුපස පැමිණ අසල නිවසකට ගොස් මිදුලේ වැටී විලාප නැගූ මාස 7 පමණ වන අලි පැටවා අද මෙලොව හැරයයි" ලෙස කරුණු දැක්වෙන සටහනක්, මීට දින කිහිපයකට පෙර සිට ෆේස්බුක් ඔස්සේ පැතිර තිබුනේ මෙම දුක්බර සිදුවීම මෑතක දී වූ සිදුවීමක් ලෙසයි. එම සටහනට අදාලව ඡායාරුප කිහිපයක් ද මෙලෙසින් දැක ගන්නට ලැබෙනවා.

Facebook | Archived

ඒ සම්බන්ධයෙන් පළවුණු අදහස් කිහිපයක් පහතින්.

එසේම මෙම සටහන් බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

මෙම සිදුවීම මෑත කාලීන සිදුවීමක් ලෙස නිරූපණය කෙරුණද, එය මීට මාස ගණනාවකට පෙර, සිදුවූ සිද්ධියක් බව අප විසින් සිදුකරන ලද කරුණු විමසීමේදී තහවුරු වුණා.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

මාස 7ක් වයසැති අලි පැටවෙකු නවගත්තේගම මිදුලක වැටීමේ සිද්ධිය ඇත්තෙන්ම සිදුවූයේ 2022 වසරේදීය. ඒ සම්බන්ධයෙන් 2022 නොවැම්බරයේ පළවූ සමාජ ජාලා සටහනකට පිවිසිය හැකියි මෙතනින් සහ මෙතනින්. එය 2022 නොවැම්බර් මාසයේදී 'දිනමිණ' පුවත්පත මෙලෙස වාර්තා කර තිබුණා .ඒ පිළිබද විස්තර මෙතනින් Archived

මේ සම්බන්ධ වීඩියෝවක් පහතින්.

https://youtu.be/4Jt7Icjb_mo?si=rkRmIdL5EBZQzoji?t=48

කෙසේනමුත් මෙම පුවතේ දැක්වෙන ආකාරයෙන්, හක්කා පටස් ආහාරයට ගැනීම හේතුවෙන් පසුගිය කාලය පුරාවට වගේම, මෑතක දීත්, අලි මරණ සහ බරපතල තුවාල වීම් අවස්ථා රැසක් පිළිබඳව පුවත්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබුණා. එවැනි පුවත් කිහිපයක් මෙතනින් සහ මෙතනින්

තම භෝග සහ දේපළ වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඒවා තුළට හක්ක පටස් (jaw jumbos) නමැති කුඩා වෙඩිල්ලක් (චීන පටස් වැනි) දමා සැඟවීම, ඇතැම් පුද්ගලයන් යොදා ගන්නා, භයානයක ප්‍රතිවිපාක සහිත උපක්‍රමයකි. මෙහිදී වට්ටක්කා හෝ වෙනත් බෝගයක් තුළ මේ ආකාරයට හක්ක පටස් එකතු කරන අතර එම වෙඩි බෙහෙත් සහිත බෝග අලින්ට කෑමට තබයි. එවැනි විෂ එකතුකරන ලද ආහාර කොටස් සපන විටදී මුඛය තුලම මෙය පුපුරා යයි. මේ හේතුවෙන් ජීවිතය අහිමි නොවී බේරෙන අලින් වුවද ජීවිත කාලය පුරාම වේදනා විදියි.

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම:

අලි මිනිස් ගැටුම (HEC) යනු ශ්‍රී ලංකාව තුල සැලකිය යුතු ප්‍රශ්නයක් වන අතර, මිනිස් ජනාවාස සහ අලින්ගේ බලපෑම් බොහෝ විට මිනිසුන්ට සහ අලින්ට දරුණු ප්‍රතිවිපාක ගෙන දෙන ගැටුම්වලට තුඩු දෙයි. ශ්‍රී ලංකාව 7000 ක පමණ අලි ගහනයක් පවතින බවට රජය දන්වා සිටිය ද සැබෑ වන අලි ගහණය මෙම අගයට වඩා බෙහෙවින් අඩු විය හැකි බව වනජීවී සංරක්‍ෂකයින් ඉඟි කරනවා.

වන අලින්ගේ වාසස්ථාන, නිරන්තර කෘෂිකාර්මික ප්‍රදේශ, යටිතල පහසුකම්  සහ මිනිස් ජනාවාස සමඟ අතිච්ඡාදනය (overlap) වේ. මේ හේතුවෙන් නිසා අලි ඇතුන් බෝගවලට සහ මිනිස් වාසස්ථාන වෙත කඩා වැදී දේපළ විනාශ කිරීමට ද ඇතැම් අවස්ථාවල දී පෙළඹෙනවා. අලි-මිනිස් ගැටුම් 2022 වසරේ දී උච්චතම් අවස්ථාවකට පත් වී තිබුණේ අලි ඇතුන් 433ක් සහ මිනිස් ජීවිත 145ක් අහිමි කරමින් බව වන ජීවි දෙපාර්තමේන්තුව දන්වා තිබුණි. එසේම ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ 2023 වසරේ දී ද සීග්‍ර වේගයකින් අලි මරණය පත්වෙන බවට තොරතුරු ලැබෙන බවයි.

හක්ක පටස් භාවිතය හේතුවෙන් සිදුවන මරණවලට අමතර, අස්වාභාවික අලි මරණවලට තුඩුදෙන ප්‍රධාන හේතු අතර, අලින්ට වෙඩි තැබීම සහ විදුලිසැර වැදී මියයාම මුල් තැනක් ගන්නවා. අවාසනාවකට මෙන්, මෙවැනි ක්‍රියාවන්ට බොහෝවිට මිනිසුන් පෙළඹෙන්නේ අලින්ට ඇති බිය සහ දේපල වලට හානි සිදු කිරීම හේතුවෙන්.

මිනිස් ගහනය ප්‍රසාරණය වීමත් සමඟ කෘෂිකර්මාන්තය සහ නාගරික සංවර්ධනය සඳහා වනාන්තර එළි පෙහෙළි කිරීම, ඔවුන්ගේ වාසස්ථාන ආක්‍රමණය කිරීම අලින්ට ආහාර හා ජලය සොයා මිනිස් ප්‍රදේශවලට යාමට හේතු සපයයි. මේ නිසා අලි ඇතුන් බොහෝ විට ගොවිපළවලට කඩා වැදී, තම ජීවනෝපාය සඳහා කෘෂිකර්මාන්තය මත යැපෙන ප්‍රාදේශීය ප්‍රජාවන්ට සැලකිය යුතු ආර්ථික පාඩු ඇති කරයි. එසේම ජල මූලාශ්‍ර අහිමි වීම ඒ සඳහා වන තරඟය ගැටුම් තීව්‍ර කළ හැක. විශේෂයෙන්ම නියඟ කාලවලදී අලින්ට සහ මිනිසුන්ට සීමිත ජල මූලාශ්‍ර මත යැපීමට සිදු වේ.

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම ආමන්ත්‍රණය කිරීම සඳහා ප්‍රාදේශීය ප්‍රජාවන්, රජයේ අධිකාරීන්, සංරක්ෂණ සංවිධාන සහ පර්යේෂකයන් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගන්නා බහුවිධ ප්‍රවේශයක් අවශ්‍ය වේ. තීරණ ගැනීමේදී ප්‍රාදේශීය ප්‍රජාවන් සම්බන්ධ කර ගැනීම සහ මර්දන ක්‍රම ස්ථාපනය කිරීම, මෙවලම්වලින් ඔවුන් සවිබල ගැන්වීම අවශ්‍ය වේ.

අධ්‍යාපනය සහ දැනුවත් කිරීම, අලි ඇතුන්ට ගමන් කිරීමට ඉඩ සලසන වනජීවී කොරිඩෝවක් ඇති කිරීම සහ නඩත්තු කිරීම, අලි සංචරණ පිළිබඳව ප්‍රජාවන් දැනුවත් කිරීම සඳහා පද්ධති සංවර්ධනය කිරීම, අලි ඇතුන් සංරක්ෂණය සඳහා නීතිමය ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ අලි ඇතුන් දඩයම් කිරීම හෝ ඝාතනය කිරීම මෙන්ම වැනි නීති විරෝධී ක්‍රියාකාරකම්වල යෙදෙන්නන් සඳහා දැඩි දඬුවම් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ වේ.

https://climatefactchecks.org/sinhala/human-elephant-conflict-in-sl-and-contribution-of-climate-change-sinhala/

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

නවගත්තේගම මාස 7 ක් වයසැති අලි පැටවෙකු සම්බන්ධ ඛේදජනක සිදුවීම 2022 දී සිදු වූ නමුත් එය සමාජ මාධ්‍යවල මෑතකාලීනව සංසරණය වීම වැරදි අදහසකට තුඩු දිය හැකිය. අලි මිනිස් ගැටුම යනු අලි ඇතුන්ගේ සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා තිරසාර විසඳුම් අවශ්‍ය වන දැවෙන ප්‍රශ්නයකි.

Avatar

Title:නවගත්තේගම අලි පැටවාගේ මරණය ගැන සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන සටහන් ගැන ඇත්ත කතාව

Written By: Fact Crescendo Team

Result: Misleading