ඔස්ට්‍රේලියානු විද්‍යාඥයෙක් අභ්‍යවකාශයේ සිට පොළොවට පතිත බවට පවසන වීඩියෝව සත්‍යයක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
Skydiving යනු මිනිසුන් ගුවන් යානා වල සිට ඉහල උසකදී පැරෂුට් විවෘත කිරීමට පෙර ගුරුත්වාකර්ෂණය ඔස්සේ නිදහසේ වැටෙන ත්‍රාසජනක ක්‍රීඩාවකි. එය උද්වේගකර නමුත් අවදානම් ක්‍රීඩාවකි. මෙම නිර්භීත ක්‍රීඩාව ඊළඟ මට්ටමට ගෙන ගොස් අභ්‍යවකාශයේ අද්දර සිට පැන්නා නම් එය අභ්‍යවකාශ කිමිදුමකි. එසේ අභ්‍යවකාශයේ අද්දර සිට පැනීමකින් පසුව නිරුපද්‍රිතව පෘථිවියට ළගා විය හැකි ද?
ෆේස්බුක් ඔස්සේ සංසරණය වන එම වීඩියෝව ඕස්ට්‍රේලියානු විද්‍යාඥයා අභ්‍යවකාශයෙන් පැන ඇති බව සඳහන් කරයි. නමුත් එය ඔස්ට්‍රියානු ස්කයිඩයිවර් ෆීලික්ස් බෝම්ගාට්නර්ගේ ආන්තික ගෝලයේ සිට සිදු කළ වාර්තා බිඳීමේ පිම්මකි. මෙහි තව දුරටත් සාවද්‍ය තොරතුරු ඇතුලත් වේ.
මෙම ලිපියේ අරමුණ වන්නේ එම වීඩියෝවේ ඇතුළත් තොරතුරු වල විද්‍යාත්මක සත්‍ය අසත්‍යතාව පිළිබඳ විශ්ලේෂණයක් ලබා දීමයි.
සමාජ මාධ්‍ය පළ කිරීම
සමාජ ජාලා සටහන් මගින් ප්‍රකාශ කරන්නේ " ඕස්ට්‍රේලියානු විද්‍යාඥයෙක් අභ්‍යවකාශයේ අඩි 1,28000ක් ඉහල සිට පනිමින් කිලෝමීටර් 1236ක ගමන විනාඩි 4යි තත්පර 5කින් නිම කරමින් පෘථිවියට ළඟා වුණා. ඔහු පැහැදිලිවම පෘථිවිය චලනය වෙනවා දැක්කා. අපූරු වීඩියෝවක්, එය නරඹන්න.” ලෙසයි.
මේ සම්බන්ධව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check( සත්‍ය කරුණු විමසා බැලීම) :
මේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අප Invid- We Verify තාක්ෂණය ඔස්සේ සිදුකරන ලද වීඩියෝ පරීක්ෂාවේදී අපට තහවුරු වූයේ ,වීඩියෝවේ ඇත්ත වශයෙන්ම ඇතුළත් වන්නේ 2012 ඔක්තෝම්බර් මාසයේදී ඓතිහාසික සුපර්සොනික් නිදහස් වැටීමක් සිදු කළ ඔස්ට්‍රියානු ස්කයිඩයිවර් ෆීලික්ස් බෝම්ගාට්නර්ගේ පිම්මකි.
සුපර්සොනික් ෆ්රීෆෝල්
මෙහිදී සිදු වන්නේ ශබ්දයේ වේගයෙන් හෝ ශබ්දයේ වේගය ඉක්මවා යන වේගයකින් ආකාශයේ සිට පෘථිවිය දෙසට කඩා වැටීමකි. මේ අතර Felix Baumgartner ගේ පැනීම වාර්තාවක් පිහිටවීමට සමත් වූ අතර 2012 ඔක්තෝම්බර් මාසයේදී, Felix Baumgartner පෘථිවියේ සිට අඩි 128,100 (සැතපුම් 24 කට වැඩි) උන්නතාංශයක දී හීලියම් බැලූනයක සිට ඓතිහාසික පිම්මක් සිදු කළේය. මෙම පිම්ම අතරතුර, ඔහු පැයට සැතපුම් 833.9 (1,342 km/h) උපරිම වේගයකට ළඟා වීමට හැකි වූ අතර, ශබ්ද බාධකය බිඳ දැමූ පළමු ස්කයිඩයිවර් බවට පත් විය. ඔහුගේ පැනීම Red Bull Stratos මෙහෙයුමේ කොටසක් වූ අතර එය BBC ඇතුළු ප්‍රධාන ප්රවෘත්ති ආයතන විසින් ලේඛනගත කර වාර්තා කරන ලදී.
තවදුරටත් කියවන්න. Mission to the Edge of Space: Red Bull Stratos video
ඔස්ට්‍රියානු ස්කයිඩයිවර් ෆීලික්ස් බෝම්ගාට්නර්ගේ වාර්තාගත අධිධ්වනි ෆ්රීෆෝල් පැනීම පිළිබද, ඕස්ට්‍රේලියානු විද්‍යාඥයෙකුගේ පැනීමක් ලෙස නොමඟ යවන ප්‍රකාශයක් සමඟ බෙදා හරිනු ලබන වීඩියෝව එහි සත්‍යතාව තහවුරු කරන සැබෑ සිදුවීමට අනුරූප දෘශ්‍ය සහ ශ්‍රව්‍ය ඉඟි කිහිපයක් ද සපයයි. කෙසේ වූවත් ෆීලික්ස් බෝම්ගාට්නර් යනු සැබෑවටම ඕස්ට්‍රේලියානු විද්‍යාඥයෙකු නොවන අතර ඔහු ඔස්ට්‍රියානු ස්කයිඩයිවර් ක්‍රීඩකයෙකි.
අභ්‍යවකාශයෙන් නිදහස් පිම්මක් ?
මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 100 (සැතපුම් 62) ක උන්නතාංශයක පිහිටි Kármán රේඛාව, අභ්‍යවකාශ කටයුතු වල සහ අභ්‍යවකාශ වාර්තා සඳහා අභ්‍යවකාශයේ ආරම්භය ලෙස සම්ප්‍රදායිකව භාවිතා වේ. කෙසේ වෙතත් මෙම වීඩියෝවේ දැක්වෙන විශ්මයජනක නිදහස් වැටීම මෙම මට්ටමට වඩා බෙහෙවින් පහළින් ඇති, මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 39 ක් පමණ ඉහලින් පිහිටි ආන්තික ගෝලය (ස්ට්‍රැටෝස්ෆියර්) (සැතපුම් 24 ට වැඩි) සිට සිදු කරන ලද බවත් පැහදිලිය. මිනිත්තු 4.16 ක මෙම වීඩියෝවේ, මිනිසෙකු අභ්‍යවකාශ ඇඳුමක් පැළඳ, හීලියම් බැලූනයකින් පැන, පැරෂුටයක් භාවිතා කරමින් සාර්ථකව ගොඩබසින ආකාරය දැකගත හැකිය.
Red Bull Stratos මගින් දායකත්වය සැපයූ මෙම ව්‍යාපෘතිය අවසානයේ එවකට 43න් හැවිරිදි ෆීලික්ස් බෝම්ගාට්නර් අධිධ්වනික නිදහස් වැටීම පිලිබද මෙසේ විස්තර කර ඇත.
‘වේගය ලබා ගැනීමේ දී, පාවෙන බවක් දැනෙනවා, නමුත් වායු ඝනත්වය ඉතා අඩු නිසා වාතය පවතින බව දැනෙන්නේ නැහැ. තත්ත්පර 35කට ආසන්න කාලයක් මා අවට වාතය දැනීමට නොහැකි වුනා. එය අසරණ හැගීමක්. ඉන්පසුව අවසානයේ ඝන වායු ස්ථරයට ඇතුළු වූ විට, ඔබව සම්පූර්ණයෙන්ම සමමිතිකව තබා ගත යුතුයි, එසේ නොමැතිනම් කැරකීමට පටන් ගන්නවා, එය මට සිදු වුනා’.
මෙම ප්‍රකාශය මගින් ද ඔහු පැහැදිලිවම වාතය පිලිබද අත්දැකීම සදහන් කොට ඇත. අභ්‍යවකාශය යනු හිස් අවකාශයයි. මෙම වීඩියෝව අභ්‍යවකාශයේ සිට පැනීමක් නිරූපනය කරයි නම් ඔහු වාතය පිලිබද අදහස් දක්වන්නේ ඇයි?
ෆීලික්ස් ඔහුගේ මිනිත්තු 4:20 ක දිගු නිදහස් වැටීම අතරතුර වායුගෝලය විසින් මන්දගාමී වීමට පෙර 1,357.6 km/h හෝ 843.6 mph (Mach 1.25) උපරිම වේගයක් වෙත ළඟා වීමට සමත් විය. රෙඩ්බුල් ව්‍යාපෘතිය මගින් උඩුගත කල වීඩියෝව සහ සංසරණය වන අසත්‍ය වීඩියෝවේ ගැලපීම නිසා එකම වාර්තාවක් අසත්‍ය තොරතුරු සමග බෙදා හැරෙන බව පැහදිලිය. කෙසේ වෙතත් රෙඩ්බුල් ස්ට්රැටෝස් මෙහෙයුම ද මෙය වාර්තා කර ඇත්තේ "අභ්‍යවකාශයේ කෙළවරට මෙහෙයුම" ලෙසයි. BBC Studious වැනි මාධ්‍යවල එය සුපර්සොනික් පැනීමක් ලෙස විස්තර කළේය. කෙසේ වෙතත්, විචාරකයින් එම වාර්තා ප්‍රශ්න කර ඇති අතර, "අභ්‍යවකාශයේ මායිම" සඳහා වඩාත් විද්‍යාත්මකව පිළිගත් නිර්වචනය කිලෝමීටර් 100 (සැතපුම් 62) හි ඇති Kármán රේඛාව බව පෙන්වා දෙමින් ටෝනි රයිස් , NASA/JPL වැඩසටහනේ දී ප්රවෘත්ති පිළිබඳ මතභේද ලිපියක, "ෆීලික්ස් බෝම්ගාට්නර්ගේ පැනීම විශමය ජනක බවත්, නමුත් "අභ්‍යවකාශයේ මායිමේ" සිට පැනීම ලෙස සදහන් කිරීම අතිශයෝක්තියක් ලෙස ගත යුතු බවත් සදහන් කර ඇත.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
අවසාන නිගමනය (Conclusion) :
අප විසින් කරන ලද කරුණු විමසුමේදී තහවුරු වුවේ මෙම පැනීම සිදුකර ඇත්තේ ඔස්ටේලියානු විද්‍යාඥයෙකු නොව ස්කයි ඩයිවර් ක්‍රීඩකයෙක් බවයි. එමෙන්ම එම පැනීම එය අභ්‍යවකාශයේ සිට සිදුකරන ලද බවට පැවසීම අතිශයෝක්තියක් වන අතර එය අභ්‍යවකාශය ආරම්භ වන බවට පැවසෙන Kármán රේඛාව ට වඩා බොහෝ මෙපිටදී පෘථිවි වායුගෝලය තුළ සිදුවුවකි .
.hocal-container {
border: 2px solid #000;
background-color: #eee;
border-radius: 5px;
padding: 16px;
margin: 16px 0
}
.hocal-container::after {
content: "";
clear: both;
display: table;
}
.hocal-container img {
float: left;
margin-right: 20px;
border-radius: 50%;
}
.hocal-container span {
font-size: 20px;
margin-right: 15px;
}
@media (max-width: 500px) {
.hocal-container {
text-align: center;
}
.hocal-container img {
margin: auto;
float: none;
display: block;
}
}
Title:ඔස්ට්‍රේලියානු විද්‍යාඥයෙක් අභ්‍යවකාශයේ සිට පොළොවට පතිත බවට පවසන වීඩියෝව සත්‍යයක් ද?
Written By: Fact Crescendo Team
Result: Misleading