Update Dec 1: 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද(01) අලුයම නිකුත් කෙරුණි. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, www.donents.lk හා wwww.results.exams.gov.lk වෙබ් අඩවි වලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.

Update : සමාජ මාධ්‍ය ඔස්සේ නැවත වරක් 'එසැණ' පුවත් සේවයේ අනුරුවක් භාවිත කරමින් හුවමාරු වී තිබු මෙවැනි සටහන් පෙළකින් හඟවා තිබුනේ, සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඔක්තෝබර් මස 15 වනවිට නිකුත් කෙරෙන බවයි. මේ පිලිබඳ මාධ්‍ය වෙත කරුණු දක්වමින් විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසා සිටින්නේ විභාග ප්‍රතිඵල පරිගණකගත කිරීමේ කටයුතු මේදිනවල කෙරෙන බවත් ඉන් අනතුරුව ලබන නොවැම්බර් මාසයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බවක්. ඒ පිලිබඳ පුවත් සටහනක් මෙතනින්

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සාමාන්‍ය පෙළ විභාගය මීට මාස කිහිපයකට පෙර, පසුගිය මැයි මස පැවැත්වුණා. එම විභාගයේ ප්‍රතිඵල හෙට(19) දිනයේ නිකුත් වන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

2022(2023) සාමාන්‍ය පෙළ ප්‍රතිපල නිකුත් කෙරෙන බවත්, සියලු ම අපේක්ෂකයන්ගේ ප්‍රශ්න පත්‍ර අදියර තුනක් යටතේ ම බලා අවසන් කර ඇති බවත්, සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ එය ‘එසැණ’ පුවත් හි පළ වූ පුවතක් බවට ද, හඟවමින්.

එහි දක්වා තිබුණේ හෙට(19) දිනයේ සාමාන්‍ය පෙළ සියලුම ප්‍රතිඵල ලේඛන නිකුත් කිරීමට තීරණය කර ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා ඇති බවයි.

Facebook | Archived Link

මෙම සටහන් උපහාසාත්මක කෝණයෙන් සිදුකර තිබු සංස්කරණයක් බව බොහෝ දෙනෙක් හඳුනාගෙන තිබුණ ද විභාග ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින පිරිස් ඇතුළු කිහිප දෙනෙකුම මෙහි සත්‍යතාව පිලිබඳ විමසා තිබුණි.මෙවැනි සටහන් සඳහා ලබාදී තිබු ප්‍රතිචාර වලින් ද ඒ බව පෙනී ගියේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප ප්‍රථමයෙන් ම සාමාන්‍ය පෙළ ප්‍රතිපල නිකුත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් හෝ ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂාවක් සිදු කළා. නමුත් එලෙසින් පුවතක් දැක ගන්නට නොලැබුණු හෙයින් ඉහත සටහන් වල දක්වා ඇති පරිදි අප ‘එසැණ’ පුවත් යෙදවුම හරහා එවැනි පුවතක් පළ වී ඇත්දැයි යන්න පරීක්ෂාවක් සිදු කළා. අපට එවැනි පුවතක් එහි පළ වී ඇති බවට දැක ගන්නට නොලැබුණි.

අප මේ පිළිබඳව ‘එැසණ’ පුවත් අංශයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ ද, මෙවැනි පුවතක් ඔවුන් වාර්තා නොකළ බව ත්, මෙය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවත් මෙහි දී යොදාගෙන තිබෙන අකුරු ද (fonts) තම යෙදුමේ අකුරු විලාශය හා නොගැළපෙන බවයි.

එමෙන් ම 2022(2023) සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම හෙට(19) දිනයේ සිදු නොකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අප කළ විමසීමේදී සඳහන් කළා. එමෙන් ම විභාග ප්‍රතිඵල නිකුත් කරන දින නිසි ලෙසකින් පැවසිය නොහැකි බව ත්, එළැඹෙන නොවැම්බර් මස තුළ දී සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබා දීමට බලාපොරොත්තු වන බවයි.

සෑම වසරක දී ම මේ ආකාරයට අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත්වීම පිළිබඳ නොමඟ යවන සුළු සටහන් නිර්මාණය වන අතර පසුගිය වසරේ ද ඒ අයුරින් පළවූ සටහන් පෙළක් පිළිබඳ අප සිදුකළ කරුණු විමර්ශනයක් මෙතැනින්. 2021(2022) සාමාන්‍ය පෙළ විභාගය ද මැයි මාසයේ දී පවත්වා එහි ප්‍රතිඵල නිකුත් කර තිබුණේ ඊට මාස 6 කට පමණ පසුව නොවැම්බර් මාසයේ දීයි.

2022(2023) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මස 29 සිට ජූනි මස 08 වන දා දක්වා දිවයින පුරා පැවැත්විණි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, 2022(2023) සාමාන්‍ය පෙළ ප්‍රතිපල හෙට(19) දිනයේ නිකුත් කෙරෙන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන අසත්‍ය සහ නොමඟ යවන සුළු බවයි. එවැනි පුවතක් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම ‘එසැණ’ පුවත් ඔස්සේ ද, වාර්තා කර නොමැති අතර විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද, සඳහන් කළේ, හෙට දිනයේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් නොකෙරෙන බවයි.

Avatar

Title:2022(2023) සාමාන්‍ය පෙළ ප්‍රතිපල හෙට (19) දිනයේ නිකුත් කෙරෙන බවට පළවන සටහන් අසත්‍යයි!

Written By: Pavithra Sandamali

Result: False