දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ආසියානු කුසලාන අවසන් තරගයේ ඉන්දීය පිළ හමුවේ ශ්‍රී ලංකාවට ලැබීමට සිදුවුවේ අනපේක්ෂිත පරාජයක්. එය බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා. ඒ හා සම්බන්ධව විවිධ ආකාරයේ සමාජ ජාලා සටහන් පළවූ අතර ඇතැම් සමාජ ජාලා සටහන්වල සදහන් වුයේ පකිස්ථාන පිළේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් සහ වත්මන් ක්‍රිකට් විස්තර විචාරාකයෙක් වන වසීම් අක්‍රම් විසින් අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හැසිරීම සැකසහගත බව සහ තරග පාවාදීමක් සිදුව ඇති බවට ඉගි පළ කල බවයි. සැබැවින්ම වසීම් අක්‍රම් එවන් ප්‍රකාශයක් සිදුකලාද ?මේ ,ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක්

සමාජ මාධ්‍ය පළ කිරීම

සමාජ ජාලා සටහන්වල සඳහන් වන්නේ ‘ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කල ආකාරය අනුව තිරය පසුපස යම්කිසි වැඩපිළිවෙලක් දැනටමත් සකස්වෙලා කියලා පේනවා. අවසන් මහා තරඟයට පැමිණි කණ්ඩායමක් මේ ආකාරයෙන් ක්‍රීඩා කිරීම ගැන ප්‍රශ්න මතුවෙනවා" - අවසන් මහා තරඟය ගැන වසීම් අක්‍රම් ගෙන් ආන්දෝලනාත්මක කතාවක් ! 🔥 ලෙසයි.

Facebook| Archived

ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මෙම පුවත ශ්‍රී ලංකාවේ සමහර ක්‍රීඩා වෙබ් අඩවි වල ද පළ විය. ඒවායේ දැක්වෙන්නේ ස්ටාර් ස්පෝර්ට්ස් වෙත වසීම් අක්‍රම් මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදුකිරීමට අප තීරණය කළා.

Fact Check( සත්‍ය කරුණු විමසා බැලීම )

Fact Crescendo අප කණ්ඩායම මගින් සිදු කළ අනාවරණයෙන් හෙළි වූයේ ස්ටාර් ස්පෝර්ට්ස් හි හෝ වෙනත් ඕනෑම පොදු සංසදයක දී වසීම් අක්රම් එවැනි ප්‍රකාශයක් කිරීම පිළිබඳ කිසිදු වාර්තාවක් නොමැති බවයි. එසේම කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් වසීම් අක්‍රම් ගෙන් එවැනි චෝදනාවක් එල්ල වූ බවට වාර්තා කර නොමැත.

සුප්‍රසිද්ධ පකිස්තාන ක්‍රීඩා මාධ්‍යවේදියෙකු හරහා අප ඒ ගැන විමසූ විට එවැනි ප්‍රකාශයක් සිදු කල බවට පැතිරෙන පුවත් අක්‍රම් විසින් ප්‍රතික්ෂේප කළේය.

ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ ද සටහනක් පළකරන මෙම ව්‍යාජ ප්‍රවෘත්ති පිළිබද මෙසේ ප්‍රකාශ කර ඇත. “People need to stop thinking everything on social media is true. The bad is always easier to believe than the good. Fake news, in our part of the world, ignites unnecessary controversies, sparks hate, and toughens the rift between us, something that both countries do not need any more of. Enough is enough!”

එහි වසීම් පවසන්නේ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන සෑම දෙයක්ම සත්‍යක් ලෙස විශ්වාස නොකරන ලෙසත් ව්‍යාජ පුවත් මඟින් වෛරී අදහස් පහසුවෙන් ඇතිවිය හැකි බවත්, මෙවැනි තත්වයක් රවටල් දෙකටම (ඉන්දියාව සහ පකිස්ථානයට) අවශ්‍ය නොවන බවත්ය.

තවද, පාකිස්තාන මාධ්යවේදීන් අප වෙත පැවසුවේ මුලින් මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය වෙත පළ කළ පුද්ගලයා එය ඉවත් කර දමා ඇති බවත් ඔහු විහිළුවට එසේ පළ කර ඇති බවත් ය.

එසේම තරඟ පාවාදීම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දස්කම් සම්බන්ධයෙන් බරපතල සැකයක් පවතින බව පවසමින් සිවිල් අයිතිවාසිකම් පිලිබඳ සංවිධාන කිහිපයක් හඬ නගා තිබු අතර ඒ පිළිබඳව එක් සංවිධානයක් කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනු කර තිබුණා. ඒ පිලිබඳ විස්තර මෙතනින්

ශ්‍රී ලංකා කණ්ඩායම, පසුගිය කාල සීමාව තුළ එකපිට ජයග්‍රහණ රැසක් අත්කරගෙන තිබුණ ද දෝලනය වන පන්දුවට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා පසුගිය කාල සීමාවේ දී ද පෙනුණු බව බොහෝ ක්‍රිකට් විචාරකයන් පෙන්වා දී තිබුණා. මෙම ආසියානු කුසලාන අවසන් මහා තරගයේ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම, 2023 වසරේ තුළ ශ්‍රී ලංකා කණ්ඩායමක් ලකුණු 100ට අඩුවෙන් දැවී ගිය තෙවැනි අවස්ථාව විය.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

නිගමනය(Conclusion)

2023 ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී තරග පාවාදීමක් හෝ සැකකටයුතු යමක් සිදුව ඇති බවට ස්ටාර් ස්පෝර්ට්ස් හිදී හෝ වෙනත් පොදු සංසදයකදී වසීම් අක්‍රම් කිසිදු ප්‍රකාශයක් කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත. වසීම් අක්‍රම් සිය නිල ෆේස්බුක් ගිණුම හරහා මුහුණු පොතේ සටහනක් තබමින් පවසන්නේ තමන් එවන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

Avatar

Title:ආසියානු කුසලාන අවසන් තරගයේදී තරග පාවාදීමක් හෝ යම් සැකකටයුතු යමක් සිදුවූ බවට වසීම් අක්‍රම් පවසා නැහැ

Written By: Fact Crescendo Team

Result: False