බම්බලපිටියේ ඉදිකර ඇති මගී ගුවන් පාලමක ඡායාරූපයක් ලෙස හුවමාරු වන්නේ මෙරට ඡායාරූපයක් නොවේ!

Satire Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පසුගිය කාලයේ බොහෝ ලෙස කතාබහට ලක්වූ බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී පාලමේ සේයාරුවක් ලෙස හුවමාරු වූ නොමග යන සුළු ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“බම්බලපිටිය නව මගී ගුවන් පාලම ජනතා අයිතියට” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් පළ වූයේ එහි සැබෑ ඡායාරූපයක් ලෙස හඟවමින්.

Facebook | Archived Link

මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත ඡායාරූපයේ පසුබිම පරීක්ෂා කිරීමේදී එය බම්බලපිටිය ප්‍රදේශයේ ඡායාරූපයකට සමානකමක් දක්වන්නේ නැති බව දැක ගන්නට ලැබේ. එමෙන් මෙරට විදුලි දුම්රි ක්‍රියාත්මක නොවන බැවින් විදුලි දුම්රිවලට විදුලිය ලබා දෙන විදුලි රැහැන් ද මෙහි පසෙකින් දක්නට ලැබෙනවා. එසේම මාර්ගයේ එක් පැත්තක මෙහි මංතීරු 5 ක් ද දැක ගන්නට ලැබෙනවා. ඒ අනුව මෙය මෙරට ඡායාරූපයක් නොවන බවට තහවුරු වේ.

මෙම ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සේයාරුවම Reddit වේදිකාවේ මෙලෙසින් පළවී තිබුනේ ද එහි දැක්වෙන්නේ පිලිපීනයේ මැනිලා නුවර දී ලබාගත් සේයාරුවක් ලෙසින්.

තවදුරටත් විමර්ෂණයේදී අනාවරණය වූයේ මෙය පිලිපීනයේ Quezon නගරයේ, Metro Manila හි ඇති 2018 වසරේ ඉදිකර ඇති මගී ගුවන් පාලමක් බවයි.

එම ගුවන් මගී පාලමේ තවත් කෝණයකින් ලබාගත් ඡායාරුපයක් පහතින්.

wikipedia

මේ පාලම සම්බන්ධයෙන් පළ වූ විදෙස් මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

මෙම පාලම Google Map හි දැක්වෙන්නේ මෙලෙසින්. එහි පසුබිම සහ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සේයාරුවේ පසුබිම ද සමාන බව දැක ගන්නට ලැබෙනවා.

පසුගිය කාලයේ බම්බලපිටිය දුම්රිය මගී ගුවන් පාලම දැඩිව අබලන් වී තිබූ අතර එමඟින් ජනතාවගේ ජීවිතවලට තර්ජනයක් විය හැකි බවට ජනමාධ්‍ය ඔස්සේ පෙන්වා දීමෙන් පසුව නව ගුවන් පාලමක් ඉදිකිරීමට බලධාරීහු කටයුතු කළා. බම්බලපිටිය තාවකාලික දුම්රිය මගී පාලම ජනතා අයිතියට පත්කර තිබුණේ මෙලෙසින්

එසේම දුම්රිය ස්ථානයේ පිහිටි පැරණි ගුවන් පාලම නොවැම්බර් මස ඉවත් කරමින් නව මගී ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භකර තිබුණි. මේ සම්බන්ධ තවත් වීඩියෝවක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, බම්බලපිටියේ ඉදිකර ඇති මගී ගුවන් පාලමක් යනුවෙන් සඳහන් කරමින් දක්වා තිබූ ඡායාරූපයේ දැක්වෙන්නේ මෙරට ගුවන් පාලමක ඡායාරූපයක් නොව, පිලිපීනයේ මැනිලා හි පිහිටි ගුවන් පාලමකි. 

Avatar

Title:බම්බලපිටියේ ඉදිකර ඇති මගී ගුවන් පාලමක ඡායාරූපයක් ලෙස හුවමාරු වන්නේ මෙරට ඡායාරූපයක් නොවේ!

Written By: FactCrescendo Team 

Result: Satire


Leave a Reply