
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
නොයෙකුත් අවස්ථා වලදී Coca-Cola හි නම සහ රසයට සමාන නිෂ්පාදන බීම වර්ග ලොවට හඳුන්වා දී තිබේ. ජාතික ජන බලවේගය (NPP) විසින් නායකත්වය දෙන මාවතගම සමුපකාරය දේශීය වෙළඳපොලේ ජනප්‍රියත්වයට පත්ව ඇති අඩු වියදම් කෝලා වර්ගයක් සාර්ථකව නිපදවා හඳුන්වා දී ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගත්තේ මෙලෙසින්.
සමාජ මාධ්‍ය සටහන් :
“1.5 Lt bottle for only Rs.175/-
Samoopa Cola
කොහොමද අපේ මාවතගම සමුපකාරෙ සහෝදරවරුන්ගෙ වැඩ” යනුවෙන් සටහන් පළ වී තිබුණේ මෙලෙසින්.

මේ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

මෙහි නිරවද්‍යතාවය විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් කිහිපයක් ද, මුල් කර ගනිමින් අප මේ පිළිබඳ ව විමර්ශනය කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අප ප්‍රථමයෙන්, වෙළඳපොළේ මෙවැනි නමකින් යුත් පානයක් ඇත්දැයි යන්න දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වල වෙළඳසැල්වලින් පරික්ෂාවක් සිදු කළා. නමුත් අපට එවැනි පානයක් පිළිබඳ දැක ගන්නට නොලැබුණි.
මාවතගම සමුපකාරයේ සභාපති
අපි මාවතගම සමූපකාර සභාපතිවරයා ගෙන් මේ පිළිබඳව විමසීමක් කළා. ඒ මහතා සඳහන් කළේ, “සමූප කෝලා” නම් පානයක් හඳුන්වා දීමක් හෝ නිෂ්පාදනය හෝ නොකළ බව ත්, එය අසත්‍ය තොරතුරුක් බව ත්, සඳහන් කළා. එමෙන් ම මෙය ජාතික ජන බලවේගය ඉලක්ක කරගත් මඩ ප්‍රචාරයක් බවයි වැඩි දුරටත් සඳහන් කළා.
Samoopa Cola
අපි “Samoopa Cola” නමැති ලේබලය ඇති පානයක් විදේශිය රටක හෝ ඇත්ද යන්න පිළිබඳ විමර්ශනය කිරීමට ඉහත ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.
ඒ අනුව ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ඡායාරූපය ‘Kroger BigK Cola’ නම් නිෂ්පාදනයේ සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවට දැක ගන්නට ලැබුණා. එම ඡායාරූපය මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මාවතගම සමුපකාරය විසින් අඩු වියදමින් ‘Samoopa Cola’ නම් Coca-Cola පානයට සමාන පානයක් හඳුන්වා දුන් බවට පළවන සටහන් අසත්‍ය බවට අප කළ විමර්ශනයෙන් තහහුරු වුණා. එමෙන් ම මාවතගම සමූපකාර සභාපතිවරයා ද, සඳහන් කළේ, එවැනි පානයක් නිෂ්පාදනය නොකර බව ත්, එය අසත්‍ය තොරතුරක් බව ත් ය. තව ද, මෙම ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයකි.
Title:මාවතගම සමූපකාර සමිතිය විසින් කොකාකෝලා වලට සමාන පානයක් නිෂ්පාදනය කර නැහැ!
Written By: Pavithra SandamaliResult: False


