
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
ලංකාව මේ වන විට නිදහස ලැබීමෙන් පසුව ඇතිවූ දැවැන්තම ආර්ථික අර්බුධ තත්වයට මුහුණදෙමින් සිටිමින් අතර අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසාධනයක් කරා ගමන් කරමින් සිටිනවා. රාජපක්ෂ පාලනයෙන් අනතුරුව බලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයත් සමඟ, රජය විසින් රටේ බදු ක්‍රමවේදයේ යම් යම් වෙනස්කම් ඇති කිරීමට කටයුතු කළා.
කෙසේ නමුත්, මෙම තීරණ ඔස්සේ ජීවන වියදමේ සිදුවන ඉහළ යාම හේතුවෙන්, බොහෝ දෙනා මෙම තීරණ පිළිබඳව සිටින්නේ අප්‍රසාදයෙන්. එවැනි පසුබිමක, මෙම පවතින බදු ප්‍රතිපත්තිය පිළිබඳව වැරදි සහ නොමඟ යවන සුළු තොරතුරු සංසරණය වීම නිසා මිනිසුන් තුළ මේ සම්බන්ධයෙන් ඇති අප්‍රසාදය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
මෑතකදී, ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා මෙලෙස නව බදු ඉහළ දැමීමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන නොමඟ යවන සුළු සටහනක් සම්බන්ධයෙන් විමසා බලමු.
සමාජ මාධ්‍ය පලකිරීම්
ශ්‍රී ලංකා රජය දෙසැම්බර් 1 වනදා සිට, පළතුරු, මාළු ඇතුළු යම් යම් ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා විශේෂිත, ඉහළ බද්දක් පනවා ඇති බවට පෙන්වා දෙමින් යම් යම් සමාජ මාධ්‍ය ඔස්සේ පලකිරීම් සිදුවෙනවා.

ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා මෙම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි විස්තර ලබාදීමකින් තොරව නොමඟ යවන සුළු ආකාරයෙන් පළකර තිබිණි.
මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check (කරුණු විමර්ෂණය)
මෙම තොරතුරු ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශය විසින් 2023 නොවැම්බර් 30 වන දින නිකුත් කරන ලද අංක 2360/52 ගැසට් නිවේදනය මත පදනම් වෙනවා. අදාල ගැසට් පත්‍රය මෙතනින් කියවන්න.
කෙසේවෙතත්, මීට පෙර නිකුත් කෙරුණ ගැසට් නිවේදනවලින් මීට සම්බන්ධ වූ නිවේදන සලකා බැලීමේදී සවිස්තරාත්මකව සලකා බැලීමේදී පෙනී යන්නේ, මෑතදී නිකුත් වූ නිවේදනය නවතම බදු පැනවීමක් නොව, පෙර වසරේ සිට බලපැවැත්වෙන නිවේදනයක් සුළු වෙනස්කම් සහිතව අඛණ්ඩව පවත්වා ගැනීමක් බවයි.
2022 නොවැම්බර් 30:
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ පනත යටතේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනය මඟින් බටර්, යෝගට්, චීස් ඇතුළු කිරි නිෂ්පාදන, සැමන්, හුරුල්ලන්, කෙලවල්ලන්, හාල්මැස්සන් ඇතුළු අනෙකුත් මුහුදු ආහාර විශේෂ සහ ළූණු, දොඩම්, මිදි, ඇපල්, ඇතුළු විවිධ ආනයනික ද්‍රව්‍ය සඳහා බද්දක් බලාත්මක කෙරී තිබෙනවා.
පහත දැක්වෙන, අංක 2308/17 දරන ගැසට් නිවේදනයෙන් මෙම විශේෂිත බදු පැනවීම සිදු කර තිබෙනවා. එහි දැක්වෙන පරිදි මෙම නිවේදනය පුරා වසරක කාලයක්, එනම් 2023 නොවැම්බර් 30 වනදා තෙක් රට තුළ බලාත්මක කෙරෙනවා.

2023 ජනවාරි 04:
මෙම ගැසට් නිවේදනය මඟින් 2022 නොවැම්බර් 30 වන දින නිකුත් කළ ගැසට් පත්‍රයට අදාලව බදු පැනවූ ආහාර ද්‍රව්‍ය අතරින් යෝගට් (HS Code of 0403.10) සහ ටින් මාලු (HS Code 1604.14 – කෙලවල්ලා, බලයා, බොනීටෝ sarda sp) යන ද්‍රව්‍ය, 2023 ජනවාරි 05වන දින සිට බලාත්මක වන පරිදි පෙර බදු අයකිරීම සඳහා ලැයිස්තුගත වූ භාණ්ඩ අතරින් ඉවත් කර, ඒවා සඳහා අදාල විශේෂ බද්ද අවලංගු කෙරුණා. මීට අදාල ගැසට් පත්‍රය මෙතනින්.

අපි එතැන සිට පසුකාලීන දැනුම්දීම් සහ නිවේදන පරීක්ෂා කළත්, 2022 නොවැම්බර් 30 පළමු ගැසට් නිවේදනයේ අඩංගු වූ අනෙකුත් ආහාර ද්‍රව්‍යවල වෙනත් කිසිදු වෙනසක් 2023 නොවැම්බර් 30, අංක 2308/17 ගැසට් නිවේදනය තෙක් සිදුවී තිබුණේ නැහැ.

2023 නොවැම්බර් 30:
මුදල් අමාත්‍යංශය විසින් අංක 2360/52 යටතේ නව ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. මෙම නිවේදනය මඟින් 2023 ජනවාරි 06 වනදා බදු අවලංගු කරන ලද යෝගට් සහ Sarda spp (කෙලවල්ලා, බලයා, බොනීටෝ) මත නැවතත් අදාල බදු පනවමින්, 2022 නොවැම්බර්වලදී ඉදිරිපත් කළ ලැයිස්තුවේ අනෙකුත් භාණ්ඩ මත බද්ද දීර්ෂ කරවා තිබෙනවා. මෙම දීර්ඝ කිරීම 2024 දෙසැම්බර් 31 දින දක්වා බල පැවැත්වෙනවා. අදාල ගැසට් පත්‍රය කියවන්න මෙතනින්.

පිළිවෙලින් 2022 නොවැම්බර් 30 සහ 2023 නොවැම්බර් 30 ගැසට් නිවේදනවලට අදාල ආහාර ද්‍රව්‍ය සංසන්දනයේදී පෙනී යන්නේ එම දෙකෙහිම භාණ්ඩ ලැයිස්තුව එක ලෙසම පවතින බවයි.

මුදල් අමාත්‍යංශය විසින් ද ඉහත මාධ්‍ය ඔස්සේ සිදු වූ ප්‍රචාර ප්‍රතික්ෂේප කරමින්, ඒවා අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු බව තහවුරු කර ඇති අතර, ඒ සඳහා මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් කොමසාරිස් ආර්.එස්. සමරනායක මහතා මේ පිළිබඳව පැහැදිලි කරමින් සඳහන් කළේ, බදු අයකිරීමේ කාලය දීර්ඝ කිරීම බදු ක්‍රියා පටිපාටිවල සාමාන්‍ය අංගයක් බවයි. සංකීර්ණ බහු බදු ක්‍රමයක් වෙනුවට, තනි සරල බද්දක් ක්‍රියාත්මක කරමුන් ඇතැම් ආනයනික භාණ්ඩ සඳහා ශ්‍රී ලංකාව මීට වසර කිහිපයකට පෙර විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද හඳුන්වා දී තිබෙනවා. සමරනායක මහතාට අනුව ආනයනික භාණ්ඩ සඳහා විශේෂ බද්දක් ලෙස පනවා ඇති බදු ප්‍රතිශතය සමාන්‍යයෙන් නොවෙනස්ව පවතිනවා. මෙහිදී වරින් වර සිදුවන වෙනස්කම වන්නේ බදු අය කරන ආනයනික භාණ්ඩ ලැයිස්තුවට වරින් වර නව භාණ්ඩ එක් වීම සහ තිබෙන භාණ්ඩ ඉවත් කිරීම පමණයි.
මීට සමානව, නොමඟ යවන සුළු සටහනක් 2022 වසරේදීත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අතර, ඒ සඳහා Fact Crescendo විසින් සිදු කෙරුණු කරුණු තහවුරු කිරීම පහතින්.
Fact Check – නව මුදල් ඇමති විසින් ආහාර කිහිපයක් සඳහා නව බදු පැනවූවාද?
අපගේ කරුණු විමර්ෂන පිළිබඳව තොරතුරු දැනගැනීමට එක් වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය)
සමාජ මාධ්‍ය ප්‍රකාශවල දැක්වෙන පරිදි, ශ්‍රී ලංකාව තුළ, විශාල පරාසයකට අයත් ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා නව, විශේෂිත බද්දක් පැනවෙන බවට සිදුකෙරෙන වාර්තා නොමඟ යවන සුළු වාර්තායි.
අළුතෙන්ම විවිධ භාණ්ඩ සඳහා විශේෂිත බද්දක් මෙහිදී පැනවි නොමැති අතර, ඒ වෙනුවට ඇපල්, මිදි ආදී ආහාර ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් සඳහා 2022 නොවැම්බර් 30 සිට බලපැවැත්වෙන විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද යටතේ බදු අයකිරීම්, බදු අගය එම මට්ටමේම පවත්වා ගනිමින්, තවදුරටත් ක්‍රියාත්මකවීම මෙහිදී සිදු වෙනවා.
සිදුවූ කැපී පෙනෙන වෙනස වන්නේ, 2023 ජනවාරි මාසයේදී මුල් ලැයිස්තුවෙන් තාවකාලිකව ඉවත් කළ යෝගට් සහ Sarda spp (කෙලවල්ලා, බලයා, බොනීටෝ) වැනි මුහුදු ආහාර ද්‍රව්‍ය සඳහා අදාල බද්ද නැවතත් බලාත්මක කිරීම පමණයි. මෙම අදාල බදුවල කාලසීමාව 2024 දෙසැම්බර් මාස 31 වෙනිදා තෙක් දීර්ඝ කිරීම අදාල ගැසට් නිවේදනයෙන් සිදු කෙරී තිබෙනවා.
English Article : Fact Check: Misleading Claims About A New Commodity Levy Imposed On Various Food Items In Sri Lanka
Title:Fact Check – ශ්‍රී ලංකාවේ ඇතැම් ආහාර ද්‍රව්‍ය සඳහා පනවන ලද නව බද්දක් පිළිබඳව නොමඟ යවන සුළු ප්‍රකාශ පෙළක්!
Written By: Fact Crescendo TeamResult: Misleading


