දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
1948 වසරෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුද තත්වයට ලංකාව මුහුණදෙමින් සිටින වකවානුවක, එම අර්බුදකාරී තත්වයෙන් මිදීම ගන්නා විවිධ පියවර අතර, රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා කටයුතු කරමින්, 2024 ජනවාරි 1 දින සිට එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද, පෙර පැවති 15%ක අගයේ සිට 18% දක්වා ඉහළ නැංවූවා.
කෙසේ වෙතත්, ඩිජිටල් සහ විදුලි සංදේශ කර්මාණ්තය ආශ්‍රිතව මෙම බදු වැඩිවීමේ බලපෑම සම්බන්ධව විවිධ නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් ඉදිරිපත් වී තිබෙනවා. අපගේ මෙම විමර්ෂණයෙන් අරමුණු කෙරෙන්නේ මෙම අංශය සඳහා බදු වැඩිවීමේ තත්ත්වය පිළිබඳව ජනතාවට නිවැරදි අවබෝධයක් ලබා දීමයි.
සමාජ මාධ්‍ය සටහන් :
ඇතැම් සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ පෙන්වා දෙන්නේ 2024 ජනවාරි 1වනදා සිට ශ්‍රී ලංකාවේ සන්නිවේදන ජාල සඳහා අන්තර්ජාල සහ ඇමතුම් ගාස්තු 23%කිනුත්, රූපවාහිනී පහසුකම් සඳහා ගාස්තු 42%කිනුත් ඉහළ ගොස් ඇති බවයි.

පරිශීලකයින් මේ පලකිරීම් සඳහා පහත පරිදි ප්‍රතිචාර දක්වා තිබුණා.

මීට අදාල වෙබ් ලිපියක් මෙතනින් කියවන්න.
මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදුකිරීමට අපි තීරණය කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
2363/22 දරණ ගැසට් නිවේදනය: 2024 දෙසැම්බර් 19 දිනැති 2363/22 ගැසට් නිවේදනයේ මේ පිළිබඳව සඳහන් කර තිබෙනවා. ඒ අනුව දුරකතන සහ විදුලි සංදේශ ගාස්තුවල එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්දේ වැඩිවීම සිදුවන ප්‍රතිශතය වන්නේ 3%ක අගයක්. මේ පිළිබඳව ගැසට් නිවේදනය මෙතනින් කියවන්න.
දුරකතන සේවා සපයන්නන්ගේ දැනුම්දීම:
අප මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ විවිධ සන්නිවේදන ජාල සේවා සපයන්නන්ගේ දැනුම් දීම් පිළිබඳව විමසා බැලුවා. මෙම සන්නිවේදන ජාල විසින් ඉදිරිපත් කළ ගාස්තු වැඩිවීම් සලකා බලන විට එම වැඩිවීම සමාන වන්නේ පැවති අගයෙන් දළ වශයෙන් 3%ක අගයකට බව පෙනී ගියා.
Dialog –

ඩයලොග් සමාගමේ වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්.
Hutch –

හච් සමාගමේ වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්.
Airtel – එයාටෙල් සමාගමේ වෙබ් අඩවියට පිවිසෙන්න Airtel |Archived Link
මෙලෙසම, මොබිටෙල් විසින් ඉදිරිපත් කළ ගාස්තු සංශෝධනයන්ට අනුවද, ගාස්තු වැඩි වීම සිදුවී ඇත්තේ වැට් බදු ලෙස 3%ක දළ වැඩිවීමක් සිදු වන පරිදි බව පෙනී යනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සියළුම සන්නිවේදන ජාලවල ඇමතුම් සහ ඩේටා පැකේජවල අයකිරීම්, නව වැට් බදු සංශෝධනයත් සමඟ සමාජ මාධ්‍ය පලකිරීම්වල පෙන්වා දෙන අන්දමට 23%කින් ඉහළ නොයන බවත්, මෙම ඉහළ යාම වැට් බද්දට අනුව 3%ක ඉහළ යාමක් බව පැහැදිළිව පෙනී යනවා
රූපවාහිනී ගාස්තු
Dialog TV –

මෙම ගාස්තු ඉහළ නැංවීමට අනුව රූපවාහිනී පැකේජවල මිල වැඩිකිරීමද සිදු වන්නේ සමාජ මාධ්‍යවල සඳහන් අන්දමින් 42%කින් නොව 3%ක ප්‍රතිශතයකට අනුරූපව බව පැහැදිලියි.
වැරදි අර්ථකතනයන්ට හේතු වූ දුරකතන සහ සන්නිවේදන සේවා සපයන්නන් විසින් නිකුත් කළ නිල නිවේදනය:
බොහෝ දුරකතන සහ සන්නිවේදන සේවා සපයන්නන් විසින් ඔවුන්ගේ පාරිභෝගිකයන් වෙත 2023 වසර අවසානයේදී වැට් බදු සංශෝධනයත් සමඟ තම සේවා ගාස්තුවල අයකිරීම වෙනස් වන අන්දම පිළිබඳව නිවේදන නිකුත් කර තිබුණා.

මෙම නිවේදනයේ සඳහන් වුණේ නව වැට් බදු ඉහළ නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස 2024 ජනවාරි 1වනදා සිට බලපැවැත්වෙන පරිදි දුරකතන සහ සන්නිවේදන සැපයුම් සේවා සඳහා බලපැවැත්වෙන සමස්ත බදු ප්‍රමාණය පිළිබඳවයි. (වැඩි වූ බදු ප්‍රතිශතය පිළිබඳව පමණක් නොවේ) ඒ අනුව ඩයලොග් ආයතනය විසින් දේශීය ඇමතුම්, කෙටි පණිවිඩ, එකතු කළ අගය මත ලබා ගන්නා සේවා (VAS) සහ Pay TV සඳහා ජනවාරි 1 දා සිට මුළු බදු ප්‍රතිශතය 42%ක් වන බවත්, ඩේටා, වයිෆයි සහ අන්තර්ජාතික ඇමතුම් (IDD) සඳහා සමස්ත බදු ප්‍රතිශතය 23.5%ක් වන බවත් දක්වා තිබුණා.
නමුත් මෙය වැරදි ලෙස ඇතැම් මාධ්‍ය විසින් ද අර්ථකතනය කිරීම නොමඟ යවන සුළු සටහන් නිර්මාණයට මුල් වී තිබුණා. 18% VAT ඉහළ දැමීමට පෙර, දැනට 42% තිබෙන දේශීය ඇමතුම්, කෙටි පණිවිඩ යනාදියේ පෙර මුළු බදු ප්‍රතිශතය වුයේ 38.41%. එසේම දැන් සමස්ත බදු ප්‍රතිශතය 23.5%ක් වන ඩේටා, වයිෆයි, IDD යනාදියේ පෙර බදු ප්‍රතිශතය වුයේ 20.36%. විස්තර මෙතනින්
දුරකතන සහ සන්නිවේදන සේවා සැපයුම් අංශ විසින් ප්‍රකාශයට පත් කර ඇති අන්දමින් ජංගම දුරකතන සේවා සඳහා අය වන මුළු බද්දට දායක වන අංග පිළිබඳව අපි සොයා බැලීමක් සිදු කළා.
ඇමතුම්, අන්තර්ජාල සහ රූපවාහිණී ගාස්තු මත මුළු බදු ප්‍රතිශතය –
Hutch විසින් සියළුම ප්‍රතිශතයන් පහත වගුවෙන් දක්වා තිබෙනවා.

මීට අනුව දැන්, ඇමතුම්, කෙටි පණිවිඩ,VAS සේවා සඳහා මුළු බදු ප්‍රතිශතය 42%ට ආසන්න අගයක පවතිනවා.

මේ අනුව අන්තර්ජාල පහසුකම් සඳහා සම්පූර්ණ බදු ප්‍රතිශතය 23%ක්.
ඩයලොග් ආයතනයෙන් පෙන්වා දෙන බදු ගණනය කිරීම පහත දැක්වෙනවා.


Mobitel වෙබ් අඩවියේ වැට් බදු ඉහළ යාමට පෙර පැවති මුළු බදු ප්‍රතිශතයන් පහත පරිදි දක්වා තිබෙනවා.

තවත් මෙවැනි අලුත්ම කරුණු තහවුරු කිරීම් එසැණින් දැනගැනීම සඳහා අපිත් සමඟ එකතු වෙන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
අවසන් නිගමනය (Conclusion)
2024 ජනවාරි 1වනදා සිටශ්‍රී ලංකාවේ සන්නිවේදන ජාල සඳහා අන්තර්ජාල සහ ඇමතුම් ගාස්තු 23%කින් සහ රූපවාහිනී ගාස්තු 42%කින් වැඩි කිරීම පිළිබඳව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන තොරතුරු නොමඟ යවන සුළුයි. ජංගම දුරකතන සේවා සහ ගෙවීම් සිදු කෙරෙන රූපවාහිණී සේවා (Pay TV) යන අංශ ජනවාරි 1වන දින සිට ක්‍රියාත්මක වන 3% වැට් බදු වැඩි කිරීමට යටත් වෙනවා ඒවා සමස්ත බිල්පත් මිල ඉහල යන්නේ 3% ක් වැනි ප්‍රතිශතයක් .
18% VAT ඉහළ දැමීමට පෙර, දැනට 42% තිබෙන දේශීය ඇමතුම්, කෙටි පණිවිඩ යනාදියේ පෙර මුළු බදු ප්‍රතිශතය වුයේ 38.41%. එසේම දැන් සමස්ත බදු ප්‍රතිශතය 23.5%ක් වන ඩේටා, වයිෆයි, IDD යනාදියේ පෙර බදු ප්‍රතිශතය වුයේ 20.36%.
වැරදි, අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු පැතිරීම වැළැක්වීම සඳහා නිල මූලාශ්‍රවලින් නිකුත් කෙරෙන නිවැරදි සහ සත්‍යාපනය කෙරුණු තොරතුරු මත විශ්වාසය තැබීම සහ විමසා බැලීම ඉතා වැදගත් වනවා.

Title:ඉහළ දැමූ වැට් බදු හේතුවෙන් ඇමතුම් ගාස්තු සහ රූපවාහිනී පහසුකම් ගාස්තු සම්බන්ධයෙන් නොමග යවන සුළු සටහන් පෙළක්!
Written By: Kalana KrishanthaResult: Misleading
