දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ඉහළ භූමිකම්පා අවදානම් රටක් වන ජපානය, මහජන ආරක්ෂාව සහ යටිතල පහසුකම් ඔරොත්තු දීමේ හැකියාව අවධාරණය කරමින් භූකම්පන බලපෑම අවම කිරීම සඳහා ශක්තිමත් අනුවර්තන සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නොමග යවන සුළු ඡායාරූප සටහනක් පිළිබඳව අප සිදු කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් : 

ගුරුත්වාකර්ෂණයට අභියෝග කරමින් ජපන් විද්‍යාඥයින් විසින් නිවාස අත්තිකවාරමෙන් වෙන් වූ භූමිකම්පාවෙන් ආරක්ෂා කරන, කාන්දම් තාක්ෂණයක් සහිත නිවසක් සොයා ගත්ස බවක්ඳ සඳහන්හ කරමින්න් කළ සටහනක් සහ එම නිවස බවට දැක්වෙන ඡායාරූපයක් ද, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මේ අයුරින්.

Facebook | Archived

මේ සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

මෙහි සත්‍ය තොරතුරු සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විමසිලිමත් වී තිබූ බැවින් මේ පිළිබඳ ව විමසා බැලීමට අප කටයුතු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම ඉහත ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව එම ඡායාරූපය 2011 වසරේ පවත්වා ඇති හෝටල් සහ සංචාරක සමුළුවක දී, 2020 වන විට හෝටල්වල අනාගතය සඳහා නිර්මාණය කර තිබු සංකල්පීය දෘශ්‍යකරණයක (conceptual visualisation) කොටසක් ලෙස නිර්මාණය කරන ලද ඩිජිටල් ඡායාරූපයක් පමණී. එය කිසිදු අයුරකින් භූමිකම්පාවට ඔරොත්තු දෙන අයුරින් නිර්මාණය කිරීමට පියවර ගන්නා බවට හෝ කිසිදු සඳහනක් නොකරයි.

Laruinahabitada | Archived

ලොව පුරා සිටින ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ඉංජිනේරුවන් වසර ගණනාවක් තිස්සේ භූමිකම්පාවලට ඔරොත්තු දෙන ගොඩනැගිලි නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින අතර ඇතැමුන් ඉන් සාර්ථක වී තිබෙනවා.

ජපානයේ භූමිකම්පාවලට ඔරොත්තු දෙන නිවාස

එයාර් ඩැන්ෂින් සිස්ටම්ස්(Air Danshin Systems), ජපානයේ භූමිකම්පාවලට ඔරොත්තු දෙන නිවාස සඳහා තාක්ෂණය දියුණු කරන ලද 2005 දී පිහිටුවන ලද සමාගමකි.

එයාර් ඩැන්ෂින්ගේ පද්ධතිය, සත්‍ය වශයෙන්ම, භූමිකම්පා වලින් සිදුවන ව්‍යුහාත්මක හානි වළක්වා ගැනීම සඳහා නිවස පොළව මට්ටමින් ඔසවයි. ඒ සඳහා බැලූනවලට සමාන දෙයක් වෙනුවට සම්පීඩිත වාතය භාවිතා කරයි. එනම්, භූමිකම්පා වලදී ගොඩනැගිල්ලට සහ එහි නිවැසියන්ට ආරක්ෂාව සපයන ව්‍යුහය භූමියෙන් සෙන්ටිමීටර කිහිපයක් එසවිය හැකි වායු බෑග් සහිත නිවාස පද්ධතියක් මෙම තාක්ෂණයට ඇතුළත් වේ.

Web | Archived

බැලූ බැල්මට මෙම නිවාස අනෙක් නිවාසවලට වඩා වෙනස් ස්වරූපයක් නොගනී. එහි ඇති වෙනස්කම් වනුයේ, අමතර අත්තිවාරමක්, සංවේදකයක් සහ වායු සම්පීඩකයක් තිබීම පමණි.

සංවේදකය මගින් භ කම්පන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරයි. එවැනි තත්වයක් හඳුනාගැනීමෙන් පසුව, සංවේදකය නිවසින් පිටත වායු සම්පීඩකයකට සංඥාවක් යවනු ඇත, එය ස්ථාපිත භූමිකම්පා-ප්‍රතිරෝධී පදනමක් සහ නිවසේ පාදම අතර සම්පීඩිත වාතය ගලා යයි.

එයාර් ඩැන්ෂින් පවසන්නේ, තත්ත්පර කිහිපයකින් වෙව්ලීම නතර වන තුරු නිවස අඟල් 1.2 ක් දක්වා ඉහළ යනු ඇති බවයි. පසුව වාතය සෙමෙන් මුදා හරින අතර, නිවස නැවත බිමට ගෙන එයි.

එයාර් ඩැන්ෂින් පද්ධතිය සම්බන්ධ එම සමාගමේ වීඩියෝවක් පහතින්. තවත් වීඩියෝවක් මෙතනින්.

මේ පිළිබඳ වෙනත් කරුණු විමර්ශන ආයතන විසින් සිදු කරන ලද කරුණු විමර්ශනයන් මෙතනින් සහ මෙතනින්.

Maglev ක්ෂේත්‍රයේ දියුණුව (චුම්බක ආරෝපණය)

Magnetic levitation, සාමාන්‍යයෙන් Maglev ලෙස හැඳින්වේ, ජපානයේ දුම්රිය වැනි ප්‍රවාහන පද්ධති සඳහා භාවිතා කරන තාක්‍ෂණයක් වන අතර එය ඉතා සාර්ථක වී ඇත.

Also Read: පැයට කිලෝමීටර් 5000ක වේගයෙන් ගමන්ගන්නා දුම්රියක්?

Maglev නිවාස පිළිබඳ අදහස තවමත් සංකල්පීය මට්ටමේ සහ පර්යේෂණ මට්ටමේ පවතින අතර, එය නිරන්තර භූමිකම්පා සහ සීමිත ඉඩම් සඳහා ප්‍රසිද්ධ රටක් වන ජපානයේ නිවාස ඉදිකිරීමේ අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා නව්‍ය ප්‍රවේශයක් නියෝජනය කරයි. මෙම තාක්ෂණය වර්ධනය වන ආකාරය සහ අනාගතයේ දී එය ප්‍රයෝගිය වශයෙන් නිපදවන නිවාස සඳහා විකල්පයක් බවට පත් වේ දැයි අපට ඉදිරි අනාගතයේ දී දැකගනන්ට ලැබෙනු ඇති.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය) :

භූමිකම්පාවෙන් සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා ජපානය විසින් නිවාස අත්තිකවාරමෙන් වෙන් වූ භූමිකම්පාවෙන් ආරක්ෂා කරන කාන්දම් තාක්ෂණයක් සහිත නිවසක් සොයාගෙන ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සටහන නොමග යවන සුළුයි. ඉහත ඡායාරූපය 2011 වසරේ පවත්වා ඇති හෝටල් සහ සංචාරක සමුළුවක, 2020 වන විට හෝටල් ඉදිවෙන ආකාරය ගැන නිර්මාණය කර තිබූ ඩිජිටල් ඡායාරූපයකි.

නමුත්, භූමිකම්පාවලට ඔරොත්තු දෙන නිවාස සඳහා තාක්ෂණය දියුණු කරන ලද 2005 දී පිහිටුවන ලද සමාගමක් වන එයාර් ඩැන්ෂින් පද්ධතියක් නිර්මාණය කර තිබේ. එයාර් ඩැන්ෂින්ගේ පද්ධතිය, සත්‍ය වශයෙන්ම, භූමිකම්පා වලින් සිදුවන ව්‍යුහාත්මක හානි වළක්වා ගැනීම සඳහා නිවස පොළව මට්ටමින් ඔසවයි. ඒ සඳහා බැලූනවලට සමාන දෙයක් වෙනුවට සම්පීඩිත වාතය භාවිතා කරයි. එනම්, භූමිකම්පා වලදී ගොඩනැගිල්ලට සහ එහි පදිංචිකරුවන්ට ආරක්ෂාව සපයන ව්‍යුහය භූමියෙන් සෙන්ටිමීටර කිහිපයක් එසවිය හැකි වායු බෑග් සහිත නිවාස පද්ධතියක් මෙම තාක්ෂණයට ඇතුළත් වේ.

Avatar

Title:ජපානය භූමිකම්පාවලින් ආරක්‍ෂා වීම සඳහා ඉදිකර ඇති පාවෙන නිවාසයක් ද?

Written By: Pavithra Sandamali

Result: Misleading