දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

බුද්ධාගම, වෙනත් ආගම්වල ලෝක නායකයින් විසින් ද කලක පටන් ගෞරවාදරයට පාත්‍ර වී තිබෙනවා. කෙසේ වෙතත්, බුද්ධාගම කෙරෙහි ඇති සැබෑ පිළිගැනීම අතිශයෝක්තියට නංවමින්, නොමඟ යවන සුළු ඡායාරූප සංස්කරණ භාවිතා කරන අවස්ථා අපගේ විමර්ශනයන් වලින් නොයෙකුත් අවස්ථා වලදී අනාවරණය කර තිබෙනවා. එවැනි තවත් එක් විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් : 

හිටපු ඇමරිකානු ජනපති බැරක් ඔබාමාගේ බුදුදහමට ඇති සම්බන්ධය හැඟවීමට, ඔබාමා බුදු රජාණන් වහන්සේගේ රාමු කළ සේයාරුවක් අතැතිව සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පැවතියේ මෙලෙසින්.

Facebook | Archived Link Facebook | Archived

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ මෙම ඡායාරූපය සත්‍යයක් බව ට බොහෝ දෙනා උපකල්පනය කර තිබූ බවයි.

අප මෙහි නිරවද්‍යතාව සෙවීමට කටයුතු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපති බැරැක් ඔබාමා විසින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඡායාරූපයක් මෙලෙසින් අතින් දරා සිටින අයුරු දැක්වූ ඉහත ඡායාරූපයේ සත්‍ය පසුබිම් කතාව සෙවීම සඳහා අප ඉහත ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කළා.

ඒ අනුව අපට දැකගන්නට ලැබුණේ, Flickr වෙත උඩුගත කර තිබු එහි මුල් ඡායාරූපය, 2011 සැප්තැම්බර් 7 වන දින වොෂින්ටන්හි ධවල මන්දිරයේදී NASCAR ස්ප්‍රින්ට් කුසලාන මාලාවේ ශූර ජිමී ජොන්සන්ට ගෞරව දැක්වීමේ උත්සවයකදී ලබාගත් ඡායාරුපයක් බවයි. බරක් ඔබාමා වෙත ජිමී ජොන්සන්ට විසින් රාමුගත කළ රිය පැදවීමේ අත්වැසුම් පිරිනැමූ අවස්ථාවකුයි මෙහි දැක්වෙන්නේ. 

එම අවස්ථාවම ආවරණය කරමින් වෙනස් කෝණයකින් ගත් Getty Images විසින් පළ කරන ලද තව ත් ඡායාරූපයක් මෙතනින්. Jimmie Johnson ගේ NASCAR Sprint Cup Series Championship සම්මානයට පාත්‍ර වූ උත්සවයේ වීඩියෝවක් මෙතනින්.

සංස්කරණය කරන ලද ඡායාරූපය සහ සත්‍ය ඡායාරූපය අතර සංසන්දනය පහතින්.

එසේම ඉහත සත්‍ය ඡායාරූපයේ දක්වා ඇති බැරැක් ඔබාමා අත දරා සිටින අත්වැසුම් රාමු කර ඇති ඡායාරූපය වෙනුවට, ඔබ කැමති ඕනෑම රූපයක් ප්‍රතිස්ථාපනය කිරීමේ අවස්ථාව, 'PhotoFunia' වෙබ් අඩවිය හරහා ලබා දී තිබෙන බැවින් මේ ආකාරයේ විවිධ සංස්කරණ සිය ගණනක් අන්තර්ජාලයේ සැරිසරන බව ද අපට දැක ගන්නට ලැබුණා.

බැරැක් ඔබාමාගේ බෞද්ධ දර්ශනය පිළිබඳ ඇති දැක්ම

කෙසේ වෙතත්, බැරැක් ඔබාමා බුද්ධාගම කෙරෙහි ප්‍රශංසාවක් පෙන්නුම් කර ඇති අතර ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ බෞද්ධ නායකයින් හා ඉගැන්වීම් සමඟ කටයුතු කර ඇති බව දැක ගන්න ට ලැබෙනවා.බැරැක් ඔබාමා චීනයේ දලයි ලාමා සමග දෙවරක් ද, Pema Chödrön සමඟ වරක් ද හමු වී තිබෙනවා. වියට්නාමය සහ ලාඕසය වැනි සැලකිය යුතු බෞද්ධ ජනගහනයක් සිටින රටවලට කළ සංචාරයේදී ඔබාමා බුදුදහම සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගෙන තිබුණා.

ඔබාමා සම්මුඛ සාකච්ඡා කිහිපයකදී ම සඳහන් කර තිබුණේ, තමන් කුඩා බුද්ධ ප්‍රතිමාවක් තම සාක්කුවේ තබාගෙන සිටින බවයි. එසේම බුදු රජාණන් වහන්සේගේ සාමය පිළිබඳ ඉගැන්වීම් පිළිබිඹු කරමින් ධවල මන්දිරයේ ප්‍රථම වෙසක් ප්‍රකාශය නිකුත් කලේ ද ඔහුගේ ධුර කාලයේදීයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.

Read in English : Altered Photo Used To Depict Barack Obama`s Ties With Buddhism!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු වන බැරැක් ඔබාමා විසින් ගෞතම බුදු රජාණන් වහන්සේගේ රාමුකළ ඡායාරූපයක් පෙන්වන අයුරු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි.

සත්‍ය ඡායාරූපයේ දැක්වෙන්නේ, 2011 සැප්තැම්බර් 7 වන දින වොෂින්ටන් ඩීසී හි ධවල මන්දිරයේදී NASCAR ස්ප්‍රින්ට් කුසලාන මාලාවේ ශූර ජිමී ජොන්සන් ට ගෞරව දැක්වීමේ උත්සවයකදී, හිටපු එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා වෙත ජිමී ජොන්සන් විසින් රාමුගත කළ රිය පැදවීමේ අත්වැසුම් යුවලක් පිරිනැමූ අවස්ථාවක් බවයි.

Avatar

Title:ඔබාමාගේ බුද්ධාගමට ඇති නැඹුරුව නිරූපණය කිරීමට යොදාගෙන තිබූ ඡායාරූපයේ ඇත්ත කතාව!

Written By: Pavithra Sandamali

Result: Altered