දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට හිමිවන්නේ ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක්. සමාජ මාධ්‍ය හරහා ක්‍රිකට් තරඟ පිළිබඳ සාකච්ඡා, යාවත්කාලීන කිරීම් සහ විශ්ලේෂණයන් බහුලව හුවමාරු වන අතර, ඒ සඳහා ජනතාවගේ ප්‍රතිචාර ද රැසක් හිමිවනවා.

මේ නිසාම ඇතැම් සමාජ මාධ්‍ය සටහන්, ඡායාරූප, වීඩියෝ නොමග යන සුළු අන්දමින් පළ කරනු ලබන්නේ සමාජ මාධ්‍යයේ ආකාර්ශනය ලබා ගැනීමටයි. එවැනි පළකිරීම් හේතුවෙන් බොහෝ ක්‍රීඩා ලෝලීන් අසත්‍ය තොරතුරු ග්‍රහණය කර ගනු ලබන බැවින්, එවැනි ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද වීඩියෝවක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

බටහිර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Rovman Powell, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරගයක දී එක ඕවරයක දී පිට පිටම හයේ පහර 6ක් එල්ල කරන අයුරු බවට හඟවමින් ෆේස්බුක් ඔස්සේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. මෙම වීඩියෝව නැරඹුම් වාර මේ වන විට 490,000 වාරයක් ඉක්මවා තිබු මෙම වීඩියෝව පහතින්.

Facebook Facebook | Archived

අනුව එක් අවස්ථාවක දී Rovman Powell පන්දු 19ක් දී ලකුණු 92ක් වැනි ඉහළ ලකුණු සංඛ්‍යාවක් ද ලබාගෙන සිටිනවා. විශ්වාස කිරීමට අපහසු මෙවැනි දස්කමක් දැක්වීමට බටහිර ඉන්දීය ක්‍රීඩක රෝමාවන් පවල් සමත් වුවා ද ? මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප කටයුතු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් ම ඉහත වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී අනාවරණය වූයේ එම වීඩියෝව 2022 වසරේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවති විස්සයි20 (T20) තරගයකට සම්බන්ධ රූප රාමු පෙළක් බවයි. මේ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තාවක් මෙතනින්. තරගයේ ලකුණු පුවරුව මෙතනින්.

මෙහිදී බටහිර ඉන්දීය ක්‍රීඩක Rovman Powell මෙහිදී සුවිශේෂී පිතිකරණයක නිරත වන අතර, මුළු තරඟය පුරාවට ඔහු හයේ පහර 10ක් එල්ල කරමින් පන්දු 53ක දී ලකුණු 107ක් ලබාගන්නවා. එහිදී ත් විශේෂයන්ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවේ දැක්වූ පරිදි එංගලන්ත පන්දු යවන Liam Livingstone, පවල්ගේ දැඩි හයේ පහරවල්වලට අවස්ථා කිහිපක දී ම බඳුන් වෙනවා.

නමුත් තරඟයේ බටහිර ඉන්දීය ඉනිමේ පන්දුවෙන් පන්දුව විස්තර විචාරය පරික්ෂා කිරීමේ දී ද එම T20 ඉනිමේ පවෙල් එල්ලකරන හයේ පහර දහයෙන්, 4ක් පමණක් පන්දු වාර තුනක දී Liam Livingstone ට එල්ල කොට ඇති බව පෙනී යනවා.

සංස්කරණය කළ දර්ශන පෙළක්!

එසේම මෙම හයේ පහරවල් සියල්ල එක් ඕවරයකදී ලබා ගත් අවස්ථාවක් නොවන බව එම මුල් වීඩියෝවේ දැක ගන්නට ලැබේ. පවල්ගේ සුපිරි ඉනිමේ පන්දුවෙන් පන්දුව දර්ශන ඇතුළත් වීඩියෝවක් පහතින්.

https://youtu.be/BZluw8sB5A8

මෙම තරගයේ විවිධ තැන්වලින් සහ වෙනත් තරඟයකදී පවෙල්ගේ හයේ පහරවල්වල දර්ශන පමණක් ගෙන එක දිගට පෙළ ගස්වමින්, ඔහු එක් ඕවරයකදී Liam Livingstone ට එරෙහිව හයේ පහර 6ක් එල්ල කළ බවට නරඹන්නන් නොමග යැවීමේ අරමුණින් සංස්කරණයක් සිදු කර ඇති බවට මින් පැහැදිලි වේ.

එමෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ  වීඩියෝව පිළිබඳව තවදුරටත් පරීක්ෂා කිරීමේදී හෙළි වූයේ Powellගේ ඉනිම ගැන යැයි කියනු ලබන විස්තර විචාරය, සත්‍ය  වශයෙන්ම වෙනත් ක්‍රිකට් තරගයක දී සිදුකර තිබු විස්තර විචාරයක් බවයි. එය 2007 වසරේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේ යුවරාජ් සිං එක් ඕවරයක දී හයේ පහර 6ක් එල්ල කිරීම සම්බන්ධයෙන් සිදුකළ එම විස්තර විචාරයේ ඇසෙන්නේ, තවත් එක් පන්දු වාරක දී හයේ පහර හයක් එල්ල කිරීමට සමත් වූ හිටපු ඉන්දීය පිතිකරුවෙකු වූ රවී ශාස්ත්‍රීයි. එම වීඩියෝව සමඟ විස්තර විචාරය මෙතනින්.

තව ද, Rovman Powellගේ නම එක ඕවරයක දී එක පෙළට හයේ පහර හයක් එල්ල කිරීමේ දස්කම ලබා ඇති ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට මෙතෙක් අයත් වී නොමැති බවට ද අප කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබේ. එම වාර්තාවට හිමිකම් පාන ක්‍රීඩක ලැයිස්තුව මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගෙන් විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව Rovman Powell එක් ඕවරයක දී හයේ පහර 6 ක් එක පෙළට එල්ල කරන බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව, පාඨකයින් නොමඟ යැවීමට සිදුකළ සංස්කරණයක් බවයි.

2022 වසරේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවති විස්සයි20 තරගයකදී Rovman Powell විසින් මුළු තරඟය පුරාවට හයේ පහර 10ක් එල්ල කළ අවස්ථාවක දී Liam Livingstoneට එල්ල කළ හයේ පහර 4ක් ඇතුළුව වෙනත් තරඟයක දී එල්ල කළ හයේ පහර දෙකක් ද ඇතුළු කරමින්, එක පෙළට හයේ පහරවල් 6ක් එල්ල කළ බවට සිදුකළ සුක්ෂම සංස්කරණයකි.

Avatar

Title:බටහිර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Rovman Powell එංගලන්තයට එරෙහිව එක් ඕවරයක දී හයේ පහර 6ක් එල්ල කර නැහැ!

Fact Check By: Pavithra Sandamali

Result: Altered