දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

මීට වසර කිහිපයකට පෙර දිවයිනේ තැනින් තැන ගෑස් පිපිරීම් කිහිපයක් වාර්තා වූ අතර මේ අතර බොහෝ නොමග යන සුළු සිදුවීම් පිළිබඳ Fact crescendo අප කණ්ඩායම විසින් අනාවරණය කළා. එමෙන් ම මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ගෑස් පිපිරීමක් පිළිබඳ පළ වූ වීඩියෝවක් සම්බන්දයෙන් සඳහන් වූ නොමග යවන සුළු සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ජංගම දුරකථනය ගෑස් සිලින්ඩර ආසන්නයේ තැබීමෙන් වළකින්න. පුළුවන් තරම් ඔබ ආදරය කරනා අයට මෙම වීඩියෝව බලන්න සළස්වන්න, දැණුම්වත් කරන්නයනුවෙන් සඳහන් පණිවිඩයක් රැගත් වීඩියෝවක් ෆේස්බුක් ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

එම වීඩියෝවේ දැක්වෙන්නේ, කාන්තාවක් මුළුතැන්ගේ වැඩකටයුතු කරමින් සිටින අවස්ථාවේ යම්කිසි දෙයක් පුපුරන ආකාරයක්.

Facebook

මෙම වීඩියෝව WhatsApp ඔස්සේ ද, බහුලව හුවමාරු වී තිබුණා.

මෙම වීඩියෝ සටහනේ පෙන්වා දෙන පරිදි ජංගම දුරකථනය ගෑස් සිලින්ඩර ආසන්නයේ තැබීමෙන් මෙම සිදුවීම වී ඇත්දැයි යන්න අප පරීක්ෂා කරනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම සිදුවීම සම්බන්ධයෙන් සත්‍ය කරුණු සෙවීම සඳහා මෙම වීඩියෝවේ රූප රාමු අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

ඒ අනුව, මෙම වීඩියෝවේ දැක්වෙන්නේ, බටහිර ජකර්තා වේ Duri Kosambi නමැති ගම්මානයක පසුගිය ජූනි 06 වන දා අදාළ නිවසේ ගෘහසේවිකාව විසින් මුළුතැන්ගෙයෙහි පිඟන් සෝදන අතරතුර එම ස්ථානයට නුදුරින් පිහිටි LPG ගෑස් උදුනකින් මෙම පිපිරීම වී තිබේ.

එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, එරට පොලිසියද සිද්ධිය වූ ස්ථානය පරීක්‍ෂා කර සිද්ධියේ කාල නිර්ණය පිළිබඳව වාර්තා කළ බව ත්, ගෑස් සිලින්ඩරය සහ ඊට සම්බන්ධ කර ඇති නළය (regulator hose) නිසියාකාරව සවි නොකිරීම හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති බවට තහවුරු කර ගෙන තිබේ.

මෙම සිදුවීම වනවිට එම ගෘහ සේවිකාව ආහාර පිස අවසන් කළ ලිප නිවා දමා තිබේ. මෙම ලිපට යාබදව පිඟන් සෝදමින් තම කාර්යය කරගෙන යන අතර තුර එක්වරම පිපිරුමක් ඇති වූ බව ත්, සේවිකාව අනෙකුත් මුළුතැන්ගෙයි උපකරණවල සුන්බුන් සමඟ ඇද වැටුණු බව ත් ඇය සඳහන් කළ අතර එ් බවට මේ සම්බන්ධයෙන් පටිගත වී තිබූ CCTV දර්ශන වලද දැක ගන්නට ලැබේ.

මේ සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින් සහ මෙතනින්. Archived Link

නමුත් මෙම වාර්තා වල ජංගම දුරකතනය ගෑස් සිලින්ඩරය ආසන්නයේ තිබීම හේතුවෙන් මෙම පිපිරීම වූ බවට කිසිදු සඳහනක් දැක ගන්නට නොලැබුණි.

ජංගම දුරකතනය ගෑස් සිලින්ඩරය ආසන්නයේ තිබීම පිපිරීම් ඇතිවිය හැකි ද?

විශේෂයෙන් ආහාර පිසීමේදී ගෑස් ලිප භාවිත කිරීමේදී ජංගම දුරකතන භාවිත නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ගානාවේ Solution Solve Limited හි ප්‍රධාන විධායක නිලධාරී සැමුවෙල් Otu Larbi මහතා සඳහන් කර තිබෙනවා.

ඔහු පැහැදිලි කරන්නේ, ඔබ නොදැනුවත්වම ගෑස් කාන්දුවක් තිබේ නම් සහ කෙටි පරිපථයක් ඇති වන තරමට ඔබේ දුරකථනය රත් වුවහොත්, සාදන ලද කුඩා විදුලි චාපය වායුව සමඟ එකතු වී පිපිරීමක් ඇති කළ හැකි බවයි.

විද්‍යුත් චුම්භක තරංගවලට ධාරාවක් ඇති කර ලෝහ සන්නායකවල විද්‍යුත් ගිනි පුපුරක් ජනනය කළ හැකි බව ඔහු මෙහිදී අවධාරණය කරන්නේ “ගෑස් ඇතුළු පිරවුම්හලක් අසල මෙය අනතුරුදායක විය හැකිය, එබැවින් ජංගම දුරකතන ක්‍රියා විරහිත කිරීමට නිර්දේශ කරනු ලැබේ.”යනුවෙනි.

Otu Larbi මහතා ඝානා ප්‍රවෘත්ති ඒජන්සි සංවාද මාලාවේ දී මුළුතැන්ගෙය ඇතුළු අනවසර කලාපවල සහ ගෑස් පිරවුම්හල්වල ජංගම දුරකතන භාවිතය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ පිළිබඳව වැඩි දුරටත් පැහැදිලි කර තිබුණා.

නිවෙස්වල ගෑස් පිපිරුම්වලට වැඩි වශයෙන් හේතු වී ඇත්තේ ගෑස් සිලින්ඩර්, සිලින්ඩරය සම්බන්ධ කරන නළය සහ ගෑස් බලයෙන් ක්‍රියාත්මක වන ලිපෙන් කාන්දු වීම නිසා බව ඔහු පෙන්වා දුන්නා.

කාන්දු වූ වායුව යාබද දහනය කළ හැකි ප්‍රභවයකට ළඟා විය හැකි වාතය සමඟ මිශ්‍ර වූ විට අනතුරු ඇති කළ හැකි බව ත්, එබැවින් මුළුතැන්ගෙය හෝ ගෑස් පිරවුම්හලක ජංගම දුරකතනයක් භාවිතා කිරීමේ අනතුරුදායක තත්ත්වය පිළිබඳව Otu Larbi මහතා මහජනතාවට අවවාද කර තිබුණා.

ඒ මහතා ජංගම දුරකථන ආශ්‍රිත අවදානම් සාධකය අවධාරණය කරන ලද අතර, විය හැකි කාන්දුවීම් මධ්‍යයේ මුළුතැන්ගෙයෙහි ආහාර පිසීමේදී ඇමතුමක් ලැබෙන විට වාතයෙන් ලැබෙන සංඛ්‍යාතය හෝ විද්‍යුත් තරංග හේතුවෙන් ගින්නක් පුපුරා යා හැකි බව ද අවධාරණය කළා.

අනතුරක් වීමට හෝ දේපළ අහිමි වීමට හේතු විය හැකි කිසියම් පිපිරීමක් වැළැක්වීම සඳහා සන්නිවේදනය පහසු කිරීමට උපකාර වන විදුලි උපකරණ ගෑස් සිලින්ඩරයක් හෝ ගෑස් පිරවුම්හල් අසල නොතැබිය යුතු බව ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

Otu Larbi මහතා ගෑස් භාවිතා කරන පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියේ කිසියම් හානියක් හෝ අන්තරායක් වළක්වා ගැනීමට සහ සමාජය තුළ කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමට ගෑස් භාවිතය හා සම්බන්ධ නීති රීති වලට අවනත වන ලෙසයි. මේ සම්බන්ධයෙන් පළවූ වාර්තා මෙතනින් සහ මෙතනින්. Archived Link

ඉන්ධන පිරවුම්හල්වල සංඥා ජංගම දුරකතන භාවිතයට එරෙහිව අනතුරු අඟවා ඇතත්, විශේෂඥයින් සහ Good Morning America අත්හදා බැලීමක් මගින් ජංගම දුරකතන ගෑස් පොම්පයේ ගින්නක් ඇති කළ හැකිය යන න්‍යාය සැක පහළ කරයි.

මේ සම්බන්ධයෙන් ප්‍රවීණයන් විශ්වාස කරන්නේ ගින්නට හේතුව ජංගම දුරකතනය නොව ස්ථිතික විදුලිය බවයි. පොම්ප වල ස්ථිතික ගිනි ඇතිවීම දුර්ලභ සිදුවීම් නමුත් එවැනි සිදුවීම් වන බව ත් ය. පෙට්‍රෝලියම් උපකරණ ආයතනය එහි වෙබ් අඩවියේ වාර්තා කරන්නේ ස්ථිතික විදුලිය නිසා ගෑස් පොම්ප ගිනිගැනීම් පිළිබඳ වාර්තා වී ඇති බවයි.

ෆෝලර් ඇසෝසියේට්ස් හි විදුලි ඉංජිනේරුවෙකු වන ස්ටීව් ෆෝලර් පවසන්නේ පුපුරන සුලු පෙට්‍රල් දුම පවා දැල්වීමට ජංගම දුරකතන සංඥා ඉතා දුර්වල බවයි. ඒ සම්බන්ධ abcNews වාර්තාව මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

ජංගම දුරකතනය ගෑස් සිලින්ඩර ආසන්නයේ තැබීමෙන් වළකින ලෙසට සඳහන් කරමින් එලෙසින් තැබීම නිසා සිදු වූ පිපිරීමක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ නොමග යවන සුළු කරුණු ඇතුළත් වේ. මෙම සිදුවීම ජකාර්තා හි වූ සිදුවීමක් වන අතර මෙම පිපිරීම වී තිබෙන්නේ, ගෑස් සිලින්ඩරයට සවි කරන නළය නිසියාකාරව සවි කර නොමැති නිසාවෙන් බව පරීක්ෂණ හෙළි වී තිබේ. එහි දී ජංගම දුරකතනය ගෑස් සිලින්ඩරය ආසන්නයේ තිබූ බව ට හෝ ඒ හේතුවෙන් මෙම ගින්න ඇති වූ බවට කිසිදු සඳහනක් එරට මාධ්‍ය වාර්තාවල දක්වා නොමැත. නමුත් ආහාර පිසීමේදී ගෑස් ලිප භාවිත කිරීමේදී ජංගම දුරකථන භාවිත කිරීමේ අවදානමක් පවතින අතර ගෑස් සිලින්ඩරයෙන්/ගෑස් ලිපෙන් කාන්දුවක් තිබේ නම් සහ කෙටි පරිපථයක් ඇති වන තරමට ඔබේ දුරකථනය රත් වුවහොත්, සාදන ලද කුඩා විදුලි චාපය වායුව සමඟ එකතු වී පිපිරීමක් ඇති කිරීමේ හැකියාවත්, විද්‍යුත් චුම්භක තරංගවලට ධාරාවක් ඇති කර ලෝහ සන්නායකවල විද්‍යුත් ගිනි පුපුරක් ජනනය කළ හැකි බවත් මෙම විෂය සම්බන්ධ ප්‍රවීණයන් පෙන්වා දෙයි.

Avatar

Title:ජංගම දුරකතනය ගෑස් සිලින්ඩර ආසන්නයේ තැබීමෙන් සිදු ව‍ූ ගෑස් පිපිරීමක් නොවේ!

Written By: Pavithra Sandamali

Result: Misleading