මුහුදු ජලයෙන් සල්ෆියුරික් අම්ලය නිපදවන බවක් අනුර කුමාර පැවසුවේ නැත 

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මේ අප පසුකරමින් සිටින්නේ  ජාතික මැතිවරණ ළං වන කාල වකවානුවයි.මෙම කාලයේ දේශපාලන නායකයින් වැරදි තොරතුරු සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරණ ව්‍යාපාරවල ඉලක්ක බවට නිතර ලක්වන ස්වභාවයක් දක්නට ලැබේ. මෙම ප්‍රචාරණයන් බොහෝ විට අරමුණු කරන්නේ දේශපාලන නායකයන් පිළිබද විශ්වාසනීයත්වය බොඳ කිරීම සහ මහජන මතය වෙනස්  කිරීම වේ . 

සමාජ මාධ්‍ය සටහන් :

ඉදිරි NPP ආණ්ඩුවකදී පරන්තන් රසායනික කම්හලේදී මුහුදු ජලය භාවිත කර සල්ෆියුරික් අම්ලය නිපදවන බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කල බවට සටහන් සමාජ මාධ්‍ය ජාලා වල පළවෙමින් තිබේ.

Facebook | Archived 

TikTok සමාජ ජාලය තුළද එවන් සටහන් පැතිර යන බවක් දක්නට ලැබුණා.

@putinwarnacula

🟥 සල්ෆියුරික් අනුර 😂😂😂% 🟥 රට හදන්න තමයි කතාව✅ #putinwarnacula♥️

♬ original sound – warna chandadasa

පහත දැක්වෙන්නේ ෆේස්බුක් වල හුවමාරුවුණු තවත් සටහනක් 

FB | Archived

මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)  

අප ප්‍රථමයෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කළ බවට පුවතක් වාර්තා කර තිබුණේ ද, යන්න පරීක්ෂා කළෙමු.

නමුත් එවැනි පුවත් වාර්තාවක් පළ වී නොතිබුණු බවට අප ට ප්‍රත්‍යක්ෂ විය. 

එමෙන් ම ඔහු විසින් පරන්තන් රසායනික කම්හලේදී මුහුදු ජලය භාවිත කර සල්ෆියුරික් අම්ලය නිපදවන බවට ප්‍රකාශයක්, වැඩසටහනක දී හෝ ඔහු විසින් සිදු කර ඇත්දැයි යන්න අප පරීක්ෂා කළ ත්, එලෙසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් දැක ගන්නට නොවුණි.

අනුර කුමාර දිසානායක විසින් සිදු කළ බවට පැවසූ ඉහත ප්‍රකාශයට පාදක වීමට ඉඩ ඇති ඔහු විසින් ඇමතූ රැළියක් ඇත් ද, යන්න අප පරීක්ෂාවට භාජනය කළෙමු.

පසුගිය ජූලි 14 වන දින අනුර කුමාර දිසානායක ගම්පහ තරුණ රැළියකදී පරන්තන් රසායනික කම්හල සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ බවට දැක ගන්නට ලැබුණු බැවින් අප එම අවස්ථාවේ සම්පූර්ණ කතාව වෙත අවධානය යොමු කළෙමු. 

ඒ අනුව, එහිදී අනුර කුමාර දිසානායක මහතා විසින් මුහුදු ජලයෙන් සල්ෆියුරික් අම්ලය නිපදවන බව ට කිසිම අවස්ථාවක ප්‍රකාශයක් සිදු නොකළ බවට තහවුරු විය.

ඔහු එහිදී සඳහන් කරනු ලබන්නේ, පරන්තන් රසායනික කම්හල නැවත ආරම්භ කිරීමටත්, සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය ආරම්භ කිරීමටත්, අදහස් කළ ඔහු සල්ෆියුරික් අම්ලය බොහෝ කර්මාන්ත සඳහා මූලික අංගයක් වන අතර එමඟින් රැකියා උත්පාදනය විය හැකි බව අවධාරණය කළේය. එම සම්පූර්ණ සාකච්ඡාව පහතින්.

පරන්තන් රසායනික කම්හලේ වත්මන් තත්ත්වය:

අප මේ පිළිබඳව වැඩි දුර තොරතුරු විමසීමට කොළඹ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති සීමාසහිත පරන්තන් රසායන සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධ කර ගත්තෙමු.

පරන්තන්හි පිහිටි රසායනික කම්හල දැනට ක්‍රියාත්මක නොවන බව ත් එහි කාර්ය මණ්ඩලයක් නොමැති බවත් ඔහු තහවුරු කළේය.

පරන්තන් කෙමිකල් සමාගම මේ වනවිට රත්මලාන ප්‍රදේශයේ පිහිටි කාර්යාලයක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන බව මෙන්ම පිටරටින් රසායනික ද්‍රව්‍ය ගෙන්වා දේශීය වෙළෙඳපොළේ අලෙවි කරන බව සේවකයන් සමඟ කළ අතිරේක විමර්ශනවලදී අනාවරණය විය.

පරන්තන් රසායනික කම්හලේ ඉතිහාසය පිළිබඳ වැඩි විස්තර මෙතනින්

වසර ගණනාවකට පෙර, පරන්තන් කම්හලේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට උත්සාහ කරන ලදී. නමුත් ඒවා සාර්ථක නොවුණු බවට වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්.

කාර්මික සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය පිළිබඳ කෙටි දළ විශ්ලේෂණය:

සල්ෆියුරික් අම්ලයේ කාර්මික නිෂ්පාදනය සාමාන්‍යයෙන් Contact Process නම් ක්‍රියාවලියට  සම්බන්ධ වන අතර එයට පහත පියවර ඇතුළත් වේ:

  1. සල්ෆර් හෝ සල්ෆයිඩ් ලෝපස් දහනය කිරීම:
    • සල්ෆර් ඩයොක්සයිඩ් (SO₂) නිපදවීම සඳහා ඔක්සිජන් ඉදිරියේ සල්ෆර් දහනය කරයි.
    • S+O2→SO2S + O₂ → SO₂S+O2→SO2
  2. සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆර් ට්‍රයිඔක්සයිඩ් බවට පරිවර්තනය:
    • පරිවර්තකයක වැනේඩියම්(V) ඔක්සයිඩ් උත්ප්‍රේරකයක් භාවිතයෙන් සල්ෆර් ඩයොක්සයිඩ් පසුව සල්ෆර් ට්‍රයිඔක්සයිඩ් (SO₃) බවට ඔක්සිකරණය වේ.
    • 2SO2+O2⇌2SO32SO₂ + O₂ ⇌ 2SO₃2SO2+O2⇌2SO3
  3. සල්ෆියුරික් අම්ලය සෑදීම:
    • සල්ෆර් ට්‍රයිඔක්සයිඩ් සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයේ අවශෝෂණය කර ඔලියම් (H₂S₂O₇) සාදයි.
    • SO3+H2SO4→H2S2O7SO₃ + H₂SO₄ → H₂S₂O₇SO3+H2*SO4→H2+S2O7
    • පසුව සල්ෆියුරික් අම්ලය සෑදීමට ඔලියම් ජලය සමග තනුක කරනු ලැබේ.
    • H2S2O7+H2O→2H2SO4H₂S₂O₇ + H₂O → 2H₂SO₄H2*O7+H2O→2H2*SO4

මෙම ක්‍රියාවලිය මුහුදු ජලය සම්බන්ධ නොවේ. නිෂ්පාදනය මූලික අමුද්‍රව්‍ය ලෙස සල්ෆර් මත රඳා පවතී. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

නිගමනය:(Conclusion) 

NPPආණ්ඩුවක් යටතේ පරන්තන් රසායනික කම්හලේ දී මුහුදු ජලය භාවිත කර සල්ෆියුරික් අම්ලය නිපදවන බවට අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශ  කර නොමැති බව ට අප කළ විමර්ශනයේදී අනාවරණය විය. ඔහුගේ කථාව වැරදි ලෙස අර්ථකථනය කිරීම හෝ හිතාමතාම විකෘති කිරීම හේතුවෙන් වැරදි තොරතුරු සමාජ ජාලවල පැතිර තිබුණි.

Avatar

Title:මුහුදු ජලයෙන් සල්ෆියුරික් අම්ලය නිපදවන බවක් අනුර කුමාර පැවසුවේ නැත

Fact Check By: Fact Crescendo Team 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *